අපි වෙනුවෙන් අපි. ( විශ්ව විද්‍යාල සේවක වර්ජනය)


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අසීරු මැතිවරණයකින් ජයග්‍රහණය කර ජනාධිපතිධූරයට පත්වුයේත් පසුව කොටි සංවිධාණය මට්ටු කරමින් ජනප්‍රියව දෙවෙනි වරට  තහවුරුවුයේත් එක් රැයක් පහන් වන විට කරන ලද ක්‍රියාන්විතයකින් නොවේ.  කාලයක් පෙරුම් පුරා  දහස් සංඛ්‍යාත ජනතාවගේ අභිප්‍රාය නිසා සිදුවු ඒ කටයුත්ත අද වන විට කිසිදු වටිනාකමක් නොමැති අයුරින් විනාශ කරමින් සහ විනාශ කරගණිමින් සිටින බව කඩුල්ලට සිතන්නේය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ගොඩනැගීමට  දායක කාරක වු බොහෝ දෙනා අද අහස දෙස  බලා ගෙන මේ වන වින්නැහිය ගැන විස්සෝප වෙමින් සිටිනා බව පලමුව සටහන් කළ යුතුය.

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සේවකයන් පසුගිය 06 වෙනිදා ආරම්භ කරන ලද වැඩ වර්ජණය විසදුමකින් තොරව ඇදෙමින් පවතින්නක් වී ඇත. මේ වන විට සියළු විශ්වවිද්‍යාල පවතින්නේ අක්‍රීයව ය. ඉතාම සුළු සේවක පිරිසක් පමණක් වැඩ කරමින් සිටියත් එය විශ්ව විද්‍යාල ක්‍රියාත්මක කිරීමට හැකි බලවේගයක් නොවන්නේය.

මෙම වර්ජණයට සහයෝගය නොදක්වන වර්තමානයේ ආණ්ඩුවට කඩේ යන ප්‍රබල එක්සත් ජාතික පාක්‍ෂික සහෝදරයෙකු මට කීවේ “ මෙම වර්ජණයට සහභාගී වි සිටින අයගෙන් 90% ක් මහින්ද මහත්තයා ගේ පාක්‍ෂිකයෝ. ඉතින් අපි මොකටද ඒ කට සහයෝගය දෙන්නේ ?. වැඩ දෙකක් එකවර ම කෙරෙනවා නේ !“ යනුවෙනි. මේ  මතය ඇමතිතුමාගේ මතයදැයි මම නොදනිතත් එය අපුරු කතාන්දරයක් කියන මතයක් බව කඩුල්ල තීරණය කලාය. වර්ජණය ජයග්‍රහණය කලොත් වැඩි වැටුප් ලැබෙන අතර වර්ජණය අසාර්ථක වුවහොත් මේ ප්‍රබල එක්සත් ජාතික පාක්‍ෂික සහෝදරයාගේ චන්ද ගොඩ ත් වැඩිවෙන්නේය.වර්තමාණයේ  ආණ්ඩුවට කඩේ යන න්‍යාය අනුගමණය කරන නිසා ඉහල තනතුරුද  ලැබෙන්නේය.

මේවා  මෝඩකංයයිඅපිට  සිතෙන විට කෝච්චිය මරදාන නැවතුමෙන් පිටත්ව ගොස් හමාරය.

අපේ උසස්‌ අධ්‍යාපන ඇමැති තුමා හට වර්තමාණ ආණ්ඩුව අගාධයට ගියාට  කමක් නැත. එතුමාට මොන පැත්තෙන් දිස්ත්‍රික්කයෙන් තේරී පාර්ලිමේන්තුවට ආවත්   අනාගත ආණ්ඩුවක ඇමති කමක් සුවර් විය හැක. මගේ එක්සත් ජාතික පාක්‍ෂික සහෝදරයාටද එම සත්‍යය වැටහී මේ පැත්තෙන් බැරිවුනොත් අනිත් පැත්තෙන් අභිප්‍රාය ජයගත හැක.

එහෙත් ඡන්දය දී බලයට පත්කරගත් අපට ?.

එතුමා   මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන් පෙනි සිටින තරමට  ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය වෙනුවෙන් පෙනී නොසිටීම ගැන අපට කණාගාටු සිතෙන බව පැවසිය යුතුය.  මුදල්  ඇති පන්තිය වෙනුවෙන්  පෙණි සිටින ඇමති තුමා  සහ මුදල් නැති පන්තියට පිටුපස්ස හරවන්නේ නොපැකිලවය. මෙම ක්‍රමවේදය මහින්ද චින්තනයේ සැගවුන න්‍යාය පත්‍රයක්වුවත් එක්සත් ජතික පක්‍ෂ යේ නම් එදා සිටම පැවති  නිරුවත් ප්‍රතිපත්තියක් විය. ඇමතිතුමා මේ ප්‍රතිපත්ති දෙකම විටින් විට ක්‍රියාත්මක කරන්නේ රට වෙනුවෙන් යයි සිතන්නටත් අපිට හැකිය. වෙනත් අර්ථකතන නොදිය යුතුය.

පසුගිය 06 වැනිදා සිට විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සේවකයන් අරඹා ඇති වැඩ වර්ජනය අනාගත දිනක අවසන් වූවත්    ලබන ජුලි මස 04 වැනිදා සිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද වැඩ වර්ජනයකට සූදානම් වන බව දැනටමත් ප්‍රකාශිතය.ද මේ අතර රාජ්‍ය සේවා වෘත්තීය සමිති සංධානය ද අනධ්‍යයන සේවක වැඩ වර්ජනයට සහාය පළ කරන්නට තීරණය කර ඇති බව පලවී ඇත.

අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නය වසර ගණනක්‌ තිස්‌සේ පැවත එන්නෙකි.  ඊට විසඳුමක්‌ දෙන බව පවසා ඔවුන් රවටන ලද  උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් කීපදෙනකුට 10% ක වැටුප් වැඩිවීමක්‌ ලබා දී අනධ්‍යයන කාර්ය මණ්‌ඩලවලට 2% ක වැටුප් වැඩිවීමක් පසුගියදා ලබාදුන්නේය.
ආචාර්යවරුන්ගේ සංගමය වැඩ වර්ජනයකට එක්‌ වන්නේ රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 6% ක්‌ අධ්‍යාපනය සඳහා වෙන් කරන ලෙසත්, විශ්වවිද්‍යාල නිර්දේශපාලනීකරණය කරන ලෙසත් හා 2008 වසරේදී අමාත්‍යාංශය එකඟ වූ වැටුප් වර්ධක ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිමිනි.

විමසිල්ලේ මෙම වර්ජණය පිලිබද සිතන්නෙකුට  මෙම ඉල්ලීම් පිලිබද ඉතිහාසය අවබෝධ කරගත හැක. කලහැකිදේ නියමිත වෙලාවට නොකර අර්බූද ගොඩ නැගෙන තෙක් බලා සිටීමෙන් සිදුවන්නේ රජය අපකීර්තියට පත්වීමය. ඊටත් වඩා පැහැදිලි කාරණය වන්නේ විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පවතින අර්බුදය විසඳීමට උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාත් විශ්ව විද්‍යාල කොමිසන් සභාවත්  නම්‍යශීලී නොවන්නේ ජාතික විශ්වවිද්‍යාල රටේ ප්‍රශ්න අවුළුවන බව පෙන්වා පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමේ අදහස සාධාරණීකරණය කිරීමට දරන උත්සාහයක් නිසාදැයි මුදල් නැති පන්තිය ට සිතන්නට ඉඩ දීමය.

Advertisements

One comment on “අපි වෙනුවෙන් අපි. ( විශ්ව විද්‍යාල සේවක වර්ජනය)

  1. //කාලයක් පෙරුම් පුරා දහස් සංඛ්‍යාත ජනතාවගේ අභිප්‍රාය නිසා සිදුවු ඒ කටයුත්ත අද වන විට කිසිදු වටිනාකමක් නොමැති අයුරින් විනාශ කරමින් සහ විනාශ කරගණිමින් සිටින බව කඩුල්ලට සිතන්නේය//

    මාත් කල්පනා කරනවා ඇයි මේ කියා.

    මට හිතෙන්නෙ ලැබූ ජයේ කිසිම වටිනාකමක් බහුතර මිනිස්සු දන්නෙත් නැහැ ඒ වගේ ම අද බලයේ ඉන්න පාලකයන් බහුතරය දන්නෙත් නැති නිසාය කියලයි!!! ඇයි ඒ කියලා හිතුවම මට හිතෙන්නෙ, දිනපු දේ ලැබුනේ තමන් කරපු (රටේ මිනිස්සු බහුතරය සහ පාලකයන් බහුතරය) වෙහෙසකින් නෙමෙයි එය යම් ටික දෙනෙක්ගේ කැපවීම් නිසා බොහෝ දෙනෙකුට ඉබේ ලැබුනා වගේ ජයග්‍රහණයක් වීමෙන්. මහන්සියකින් ලබා ගත්තා නම් ඔයිට වඩා අගයක් දැනෙනවා. දිනපු ආණ්ඩුවට හේත්තු වෙච්ච පැරදිච්ච පැත්තෙ හිටිය අයත් කාලයක් තිස්සෙ මැරුනත් ලේ නිල් පාටයි කියාගෙන හිටපු අයව පැත්තකට දාලාත් ලබාගත්තනෙ ඉහළ තනතුරු, එස්. බී. මහත්තයා හොඳ උදාහරණයක්. එතකොට එයාට කැපවීමෙන් රට වෙනුවෙන් යමක් සාක්ෂාත් කරගන්න ද උවමනාවක් තියෙන්නෙ, කැපවීමෙන් තමන් සොයා යන ඉහළ උත්කෘෂ්ටයක් ද තියෙන්නෙ, එහෙමත් නැත්නම් ලාබ වාසි සඳහා පැත්තකට හේත්තු වීමේ උවමනාව ද තියෙන්නෙ කියන එක දකින්න පුළුවන්.

    මම අන්තර්ජාලයෙන් කියෙව්වා “රටේ දැනුම් සම්භාරයේ කොඳු නාරටිය වන් ආචාර්යවරුන්” විසින් සම්භව්‍ය විශ්ව විද්‍යාල වලින් පුහුණු ශ්‍රමයට කුසලතා සහතික දෙන්න බැරි යැයි කියනවා. ලංකාවේ විශ්ව විද්‍යාල එංගලන්තයේ කේම්බ්‍රිජ් හා සමාන උසස් තත්වයෙන් ඇතැයි කියාගන්න ආකාරය. මම ඒත් කල්පනා කළේ ලංකාවේ කැම්පස් වගේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල කොයි තරම් කාලයක් වර්ජන නිසා වසා දමන්නට සිද්ධ වන්නේ ද කියා!!!! අනික කැම්පස් වලට සල්ලි එන්නෙ කොහෙන් ද? දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්නට කියද්දී රටේ සියයට කීයන් අධ්‍යාපනයෙන් යම් සහතිකයක් ලබාගන්නවා ද?!!! ආචාර්යවරුන් සහ අනධ්‍යයන සේවකයන් වසරක් වසරක් පාතා තම කුසලතා සියයකට කීයකින් වැඩි දියුණු කරගන්නවා ද? ඇයි පුහුණු ශ්‍රමයට කුසලතා සහතික දීලා කැම්පස් වලට ආදායමක් හොයාගන්න එක නරක? ඒකෙන් දැනට අධ්‍යාපනයෙන් සහතිකයක් ලබා ගැනීමට නොහැකි සෑහෙන පිරිසකට ඉඩක් ලැබෙනවා නේද?

    ණය ගන්නත් එපා, උපයන්නත් එපා, හැබැයි ඒත් පඩි වැඩි කරන්නත් ඕනෑ යැයි පෙලපාලි යන අයට සල්ලි එන්නේ කොහෙන් දැයි කියා දී එහෙම එන සල්ලි කැමති නැත්නම් වර්ජනය කරන්න එපා කියන්න කෙනෙක් නැද්ද?!!!

    යුනියන් වල ඉන්නා සේවකයන්ට තමන් විසින් වර්ජනයට සහභාගී වෙනවා ද නැද්ද යන්න තීරණය කරන්න ඉඩකඩක් තියෙනවා ද? යුනියන් සේවකයන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන අය ඇයි යම් වර්ජනයකට සහභාගී වෙනවා ද නැද්ද යන්න ඒ යුනියන් සාමාජිකයන්ට තීරණයට ඉඩක් නොදෙන්නේ? සමහර විට ලෝකේ තමන් බනින රටවල් වලට තමන්වත් තම දූ දරුවන් වත් ණය කරනවාට වඩා සමහර යුනියන් සාමාජිකයෝ කැමති ඇති තමන් විසින් ම පත්කරගත් ආණ්ඩුවෙන් පඩි වැඩියෙන් ඉල්ලන්නෙ නැතිව ඉන්න 😀

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )