කඩුල්ල පනින සබරගමුවේ ඇත්තන්.


මුට්ටිය දා බලන්න මෙන් බිල්ලට සබරගමුව ඔබා තිබේ . දැන් දැන් සබරගමුවේ දේශපාලන උත්තමයින්ගේ ඉහ මොළ රත්වන හෝරාව උදාවී ඇති බවක් අපේ කඩුල්ල පණින ආයිබෝවන්ලා දකින කඩුල්ල සිතයි . කඩුල්ලට  ආයෙත් මෝඩකම් කරනවාද ? යන ප්රබශ්ණය කඩුල්ලගෙන්ම අහන්න සිද්ධවී ඇති බව පසක්වේ.

මුට්ටිය දා බලන්න මෙන් බිල්ලට සබරගමුව ඔබා තිබේ . දැන් දැන් සබරගමුවේ දේශපාලන උත්තමයින්ගේ ඉහ මොළ රත්වන හෝරාව උදාවී ඇති බවක් අපේ කඩුල්ල පණින ආයිබෝවන්ලා දකින කඩුල්ල සිතයි . 

පොසොන් පෝයටත් ඇත්තේ තව දවස්  හතර පහකි. එහෙම තිබියදී සදා හිතවත් ඇමතිනියකගෙන් සහ පලාත් සභා මංත්‍රීතුමෙකුගෙන්  කඩුල්ලට වෙසක්  සුබ පැතුම් පතක් ලැබිණි. කරකවා අතහැරියාක් මෙන් සිතිවිලි සමුදායක්  කඩුල්ලට ඇතිවිනි. කඩුල්ලට ජීවිත කාලයේම මුණ නොගැසුණු මේ දෙන්නා  සදා හිතවත් වුනේ කෙහොමද ?.

ඔය අල්ල පනල්ලේ  පසුගිය සතියේ  සදුදා කඩුල්ල ගේ නිවසේ කඩුල්ල ඇරගෙන නන්නාදුනන කණ්ඩායමක්  කඩා වැදුණි. මම අහවලා,  අහවල් ඇමතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්.  ඔබතුමා මුණ ගැහිලා යන්න ආවේ. කඩුල්ල අහස පොලොව ගැට තසා තරු අතගා  මෙතුමා කවුදැයි සොයන්න විනි. යාන්තම් ගියවර පලාත් සභා මැතිවරණයේ ප්‍රතිපල ලැයිස්තුවේ අන්තිමයා හමුවුන බැවින් පොලොවට කඩාපැන්නෙමි. අම්මොයි  අවුරුදු හතරකට විතර පස්සේ ?. ප්‍රශ්ණයක් අතලග අතහැර ඉතින් ඉතින් කොහොමද වාස දේසේ. ඡන්දයක් වත් ලගද ?. ප්‍රශ්න දෙකක්ම එක හුස්මට ඇසුවෙමි.

ඔව්නේ . සබරගමුව පලාත් සභා ඡන්දේ සැප්තැම්බර් මාසේ. ඉතින් ඔබතුමාලා මුණ ගැහිලා යන්න ආවා.

වෙසක් සුබ පැතුමත් මේ උන්නැහේගේ ආගමනයත් එකම අරුතක් ඇති බව තේරුම් ගිය  බැවින්  මනාප තුනක්ම තියෙනවානේ. කලින්ම බුක් කරලා යන්න ආපු එක හොදයි. උත්තර බැද මේ  උන්නැහේලා ආයෙත් මුණ ගැහෙන්නේ තව අවුරුදු හතරකින් විතර නේ …..  කඩුල්ල හිත හදාගනී.

කඩුල්ලට ගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී කල ගොන් කමක් සිහිපත්වේ. අපේක්‍ෂක ලැයිස්තුව විශ්ලේෂණය කරමින් අල්ලසට, දූෂනයට, මැරබලයට ආදී අවරගණයේ චරිතාපදාන කපා හැර උගත් වැදගත් යයි හදුන්වා දුන් සති අන්ත පත්‍රයකට අල්ලසට දූෂණයට මැරබලයට එරෙහිව මානව හිතවාදය ඉහේ සිට ගලා ගෙන ගිය කොළමක් ලියු අපේක්‍ෂකයෙකු තෝරා කඩුල්ල කතිරය ගසයි. එතුමා මානව හිතවාදීව තම ජීවන අරමුණු සාක්‍ෂාත් කර ගැණිම සදහා ඡන්ද දුන් කඩුල්ල මෙන් තිස් දාහක් පමණ චන්ද දායකයෝ අතහැර  රට ගොසිනි.

අනේ ඉතින්………..චන්ද දායකයින්ට  බුද්ධං සරනේ සරණයි කියා හිත හදා ගන්නට සිදුවී ඇති බව සටහන්කල යුතුවේ.

දැන් කාලේ සති අන්ත පත්‍රවලට කොළම් ලියන දේශපාලන උත්තමයලා  සිටිති. මේ ඇත්තන්ගෙන් සමහරු ලියන කොළම්වල ඡන්ද දායක චරිතය අමුම අමු කපටි වංචණික චරිතවේ. අනේ අම්මපල්ල මේ ඇත්තෝ තරම් සුප්‍රබුද්ධ චරිත  !. ඒවා ඉතින් එතුමන්ලාගේ කෝණයෙන් නේ. අපේ කෝණයෙන් මනින කොට අනිත් පැත්තනේ පේන්නේ …………කඩුල්ල ගේ සිතට සැණසිල්ලක් ඇතිවේ.

සබරගමුවේ පාර දිගේ යනවිට හමුවන දිය ඇල්ලක් , පන්සලක් , පුරා විද්‍යාමය වැදගත් ස්ථාණයක් ඇත්නම් ඒ අසල ඒවා හදුන්වා දෙන මහා දැන්වීම් පුවරු ඉදිවී තිබේ. දැන්වීම් පුවරුවේ කැපී පෙනෙන ලෙස  දේශපාලනඥයින් හතර දෙනෙකුගේ පින්තූර හතරකි. අපේ පොඩි එකා මගෙන් “ දූවිලි ඇල්ල හැදුවේ අර හතර දෙනාදැයි “ විමසයි. මම “ නෑ බෝර්ඩ් ලෑල්ල හැදුවේ ඒ  හතර දෙනා “  යි උත්තර බදිමි.

මුට්ටිය දා බලන්න බිල්ලට සබරගමුව ඔබා තිබේ . දැන් දැන් සබරගමුවේ දේශපාලන උත්තමයින්ගේ ඉහ මොළ රත්වන හෝරාව උදාවී ඇති බවක් අපේ කඩුල්ල පණින ආයිබෝවන්ලා දකින කඩුල්ල සිතෙයි .

කඩුල්ලට  ආයෙත් මෝඩකම් කරනවාද ? යන ප්‍රශ්ණය කඩුල්ලගෙන්ම අහන්න සුදානම්ව සිටී.

Advertisements

3 comments on “කඩුල්ල පනින සබරගමුවේ ඇත්තන්.

  1. මගේ බිරිඳත් සබරගමුවේ රාජ්‍ය සේවිකාවක්. මෙන්න බොලේ ඊයේ පෙරේදා ලැබුනා නොවැ ඔය වෙසක් සුබ පැතුම. මම බැලුවා වෙසක් පහුවෙලා පොසොන් ලංවෙද්දී වෙසක් කාඩ් එවන මොලේ අමාරු කාරයා මොකාද කියලා. ඔබ කියන කෝලං කුට්ටමම තමා. අනේ මහජන මුදල්.

    කඩුල්ල පනින සබරගමුවේ ඇත්තෝ කියලා ලිව්වනම් උක්තාඛ්‍යාත යෝගය නිවැරදිව ගැලපෙනවා. විභාග වලට සිංහල විෂයය හදාරන ළමයිනුත් මේවා බලනවානේ.
    අසමි දකිමි සොයමි ලියන විචාරක

  2. අ … මේ එතුමිය ද? මම හිතුවෙ අර පහුගිය කාලෙ වෙච්ච සීන් එකෙන් පස්සෙ මාමගෙ ජනප්‍රියත්වය අඩුවෙල දැන් ලේලි කොඩිය උස්සල කියල. බලාගෙන ගියාම වෙසක් පහුවෙල කාඩ් එවන්න තරම් තත්ත්වෙ දරුණුයි නේ. අනික ඉතින් පළාත් සභා ඡන්දෙ කිට්ටුවෙනකොට මහත්තයට ජනතාව මතක් වෙනව, පාර්ලිමන්ට් ඡන්දෙ කිට්ටුවෙනකොට නෝනට මතක් වෙනව. අඩු තරමෙ ඒ ජෝඩුවට අවුරුදු පහකට දෙසැරයක් වත් ජනතාව මතක්වෙනව නේ. හෙහ් …. හෙහ් ….
    අර සති අන්ත පත්‍රවලට කොළම් ලියන දේශපාලන උත්තමයෙක් ගැන කියල තියෙන්නෙ, කඩු හොරකමට සම්බන්ධ නෑ කියල පොලිස් සහතිකත් ලැබුණු සියඹල උත්තමය වෙන්ටෑ ..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )