ආණ්ඩුවට විරුද්ධවුවන්  ආණ්ඩුවට බනිති. රනිල්ට , සජිත්ට, සරත් ෆොන්සේකාට සම්බන්ධන්ට හකීම් ට සෝමවංශ ආදී කී නොකී දේශපාලනඥයන්ට හා ඔවුන්ගේ දේශපාලන පක්‍ෂවලට  ප්‍රතිවිරුද්ධ මත දරන්නෝ ඒ ඒ ප්‍රතිවිරුද්ධ මතයේ සිට විවේචනය කරති. මට රජකම ලැබුනොත් කිරියෙන් පැණියෙන් උතුරවන්ඤන් කියන්නෝ රජකම ලැබුන පසු සීරී මාංශය උරාගෙන කති. මීට වඩා වෙනසක් 1948න් පසු මේ සිරි ලංකාවේ සිදුවුනා යයි යමෙක් කියන්නේද ?. කියන්නේ නම් ඔහු  බෙල්ලෙන් උඩකොටසම  නැති සිරුරුධාරියෙකි.  මේ රටේ යහපාලනයට  යයි පැමිණි රොත්ත බුරුත්තම යහපාලනයක් ඇති කලේද ?.

යහපාලනයක් ඇති කළ හැකි ආණ්ඩු ක්‍රමයක් අපට නැති කල ශක්‍රයා තියා වයිමා ආවත් අපේ රටේ යහපාලනයක් බිහිවන්නේ නැත.

පාර්ලිමේන්තුව ජනාධිපතිට පක්‍ෂපාතී ලෙස පවත්වා ගෙන යාමට ජනාධිපතිවරයා නියෝජනය කරන දේශපාලන පක්‍ෂයට පමනක් බලයක් මැතිවරණයකින්  කිසිදා ලැබෙන්නේ නැත.පාර්ලිමේන්තුවේ බලය ස්ථාවරව පවත්වා ගෙන යාමට  හවුල් කරගන්නා අනෙකුත් පාර්ශවයන් රදවා තබා ගැණිමට කප්පම් ගෙවිය යුතුය. අවසානයේදී ජනාධිපතිවරයාට තම බලය සුරක්‍ෂිත කර ගැණිමසදහා  මේ දේශහිතෛෂින් සංතෘප්ත කිරිමට  මහජනයා සූරා ගෙන ලබාගන්නා  බදු මුදලින් කප්පම් ගෙවීමට සිදුවනු ඇත. නොඑසේ නම් ආණ්ඩු පක්‍ෂෙය් සිට විරුද්ධ පක්‍ෂයට කරනම් ගසා ජනාධිපතිවරයාගේ බලය අස්ථාවර කරනු ඇත.

ඈලියාව  මහ ගෙදරින්ම පටන් ගත් කල  පරිස්සමට තබන්න තැනක් ඇත්තේම නැත.

මහ ගෙදරට ප්‍රෙතයින් කුම්භාණ්ඩයින් එන පිළිවෙල වෙනස් කරන කතා හැමදාමත් මැතිවරණ කාලයට වේදිකාවට පමනක් සීමාවු කතාය. තවමත් අපට පලාත් පාලන මැතිවරණ ක්‍රමයේ වෙනසක් ඇති කරගන්නට නොහැකිවු කල වරදාන වරප්‍රසාද කැන්දන මනාප ඡන්ද ක්‍රමයෙන් බැහැරව රටට බරක් නොවන මැතිවරණ ක්‍රමයකට යාමට දැන් සිටින ඇත්තෝ අත උස්සනවා බොරුය.

යුද්ධයෙන් රට බේරා ගැනීමට නායකත්වය ලබා දුන් පරිදි අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන්ද රට බේරා ගැනීමට පෙරට විත් නායකත්වය දෙන්නැයි ද , රටේත් ජනතාවගේත් පිනට පහළ වී ම්ලේච්ඡ මිනීමරු කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් රට ජාතිය බේරා ගැනීමට නායකත්වය දුන් ශ්‍රේෂ්ඨ යුග පුරුෂයකු ලෙස සරත් ෆොන්සේකා මහතාව මෙරට පමණක්‌ නොව මුළු ලෝකයේම ජනතාව අවිවාදයෙන් පිළිගන්නා බවත් ඉදිරියේදීත් මේ රට බේරා ගැනීමේ ශක්‌තිය හා ධෛර්ය දළදා සමිඳුන්ගේ හා ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ පිහිටෙන් ඔබතුමාට ලැබෙනවා. රටේ ජනතාවගේත්, මහා සංඝරත්නයේ ආශිර්වාදයත් ඔබතුමාට තිබෙනවා.
කලබල නොවී නිහඬව සහ සිතා මතා අනාගතය පිළිබඳ තීරණ ගන්න. ඒ සඳහා අප කාගේත් සහයෝගය තිබෙනවා.
විනාශවීගෙන යන මේ රට හදනවා නම් හදන්න පුළුවන් ඔබතුමාටයි. ඒ නිසා යුද්ධයෙන් රට බේරා ගැනීමට නායකත්වය ලබා දුන්නා වගේ, රට පත්වෙමින් තිබෙන අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් බේරා ගැනීමට පෙරට පැමිණ නායකත්වය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද නාහිමියෝ සරත් ෆොන්සේකා මහතාට  අනුශාශනා කල බව පර්සි කුරුනේරු   – අනුරාධපුර දිවයින විශේෂ වාර්තාකරු – දිවයිනට මැයි 25 වෙනිදා වාර්ථා කර තිබිණි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අක්‍රීය කර  හමුදා පන්නයේ ආණ්ඩුවක් බිහිකර  සරත් පොන්සේකා මහතාට මේ කාර්ය කළ හැකි ය.  එසේ නම් ……………….. අපේ හාමුදුරුවෝ ඒ සදහා ආශිර්වාද කරනු ඇත්ද ?.

සරත් පොන්සේකා මහතා සිරගතවු විට එහෙම තමයි වෙන්න ඕනී  හොදයි කීවු කටින්ම  සිර දඩුවම ගෙවා ආ පසු එහෙම තමයි වෙන්න ඕනී  කියන මේ රටේ මහත්තුරු සමග  සරත් පොන්සේකා මහතා ජීවත්වන බව සිතා ගත්තොත් එතුමා නිදහස් පුද්ගලයෙකු වන්නේයයි කඩුල්ලට සිතිවිල්ලක් ඇතිවිය.