අපේ රට තරම් ගීනස් වාර්තා තබන්න උත්සහා දරන වෙනත් රටක් ලෝකයේ නැතැයි මට සිතේ. ලෝකේ ප්‍රථම අවස්ථා ඇති කර ගත් වෙනත් රටක් ද ලෝකේ නොමැති තරමට අප රට දියුණුය. 1977ට පෙර ඇමරිකානු ඩොලරයක වටිනාකමට අපිට වඩා ගෙවු රටවල් වලට වඩා දෙතුන් ගුණයක් ගෙවීමට තරම් අපේ රටේ රුපියල බාල්දු වී ඇත. රත්තරන් පවුම රුපියල් පනස් පහට තිබු කාලයක් කඩුල්ලට මතකය. ඒත් අද රුපියල් පනස් දහකට බැංකුවේ උකසට තැබීමට තරම් පවුමට සාපේක්ෂතව රුපියල බාල්දුවී ඇත.
අපිට අනාගතයේ කුමක් සිදුවිය හැකිද ?.
රුපියල් දෙදහස් පන්සියෙන් මාසයක් ජීවත්වන්න හැකි අපේ රට තරම් ගීනස් වාර්තා තබන්න උත්සහා දරන වෙනත් රටක් ලෝකයේ නැතැයි මට සිතේ. 1977ට පෙර ඇමරිකානු ඩොලරයක වටිනාකමට අපිට වඩා ගෙවු රටවල් වලට වඩා දෙතුන් ගුණයක් ගෙවීමට තරම් අපේ රටේ රුපියල බාල්දු වී ඇත. රත්තරන් පවුම රුපියල් පනස් පහට තිබු කාලයක් කඩුල්ලට මතකය. ඒත් අද රුපියල් පනස් දහකට බැංකුවේ උකසට තැබීමට තරම් පවුමට සාපේක්ෂව රුපියල බාල්දුවී ඇත.
අපිට අනාගතයේ කුමක් සිදුවිය හැකිද ?.
රුපියල් දෙදහස් පන්සීයේ ආර්ථිකය විවෘත ආර්ථිකය විසින් විනාශ කරන ලද්දේ 1977 දී ඇට අටක් ඔළුවට රිංගවීමෙනි.එහි ප්‍රතිඵලය ලෙස 2012 වන විට තිබුන එකත් නැතිව ජනතාව කලන්තය දමා වැටෙන්න ඔන්න මෙන්න තැනට පත්ව හමාරය.

අපිට සැලස්මක් නැත.

නුවරඑළිය ගොවියෝ කිරි විකුණා ගන්න බැරිව කිරි ලිටර් දොලොස් දාහක් හැටන් නගරයට ගෙනවිත් පාරේ හැළු බව පලවිය. එලවළු ගොවියෝ එළවළු විකුණා ගත නොහැකිව කොම්පෝස්ට් පොහොර නිපදවා ගන්නට යොදවා ගන්නා බව පලවිය.
පාරේ කිරි හලන රටක් පොහොර නිෂ්පාදනය සඳහා එළවළු වවන රටක්‌ ලෝකයේ වෙන කොහේ හෝ ඇත්දැයි මට සිතා ගත නොහැක.මේ කරුණු කාරණා වලින් කියවෙන්නේ අපේ දේශපාලනයේ තරාතිරමය.

අපිට අතීතය කියවා කියවා සිටීමෙන් පලක් නැත.යුද්ධ කරන්නට ඔනෑම මෝඩයෙකුට පුළුවන් කීවේ ලක්ෂමන් කිරිඇල්ල මහතාය. ඒ කතාවෙත් ඇත්තක් ඇත.යුද්ධ කරපු ඇත්තෝ දේශපාලනය සදහා යොමු නොවිය යුතුය. දේශපාලනය ඊට වඩා ගැඹුරු මාතෘකාවක් බව මේ වෙන දේවලින් අපට සිතා ගත හැක. එදා අලිමංකඩ යනවා කියා පාමන්කඩ ගියේ නැත. අලිමංකඩට ගිය ඇත්තෝ දැන් නම් අලිමංකඩ යනවා කියා පාමන්කඩ යන බව සිතෙන්නේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂය මහතාගේ මහින්ද චින්තනයේ හැටියට දේශීය කෘෂි නිෂ්පාදනයට හා ගොවියාට යම් අනුබලයක්‌ ලැබෙනු දැකිය හැකි විය. ‘අපි වවමු රට නඟමු’ වැඩපිළිවෙළින් ගෘහාශ්‍රිත කෘෂි නිෂ්පාදන වැඩපිළිවෙළකට යම් පෙළඹවීමක්‌ ඇති කරනු ද දැකිය හැකි විය. නමුත් වවනවා ඇරෙන්න වවා ලබන අස්‌වැන්න කළමනාකරණය කරන්නට තරම් මේ ආණ්‌ඩුවේ කෘෂිකර්ම අමාත්යාංශයට , වෙළෙඳ අමාත්‍යාශයට ,හා පශු සම්පත් අමාත්‍යාශයට වැඩපිළිවෙළක්‌ නැත. හැටන් නගරයේ පාරවල් දිගේ කිරි දෝරේ ගලන්නේත් දඹුල්ලේ එළවළු කුණු වෙන්නේ ඒ නිසා ය .වී අස්වැන්න විකුණාගත නොහැකිව මැසිවිලි නැගෙන්නේත් ඒ නිසාය.

නිසි රිසි අහර නැති
මෙහි ළදරුවෝ මියයති
හිමි සඳුනි සැදැහැති
දනෝ බෝ ගස්‌ කිරෙන් නහවති
මේ වෙසක් පෝය ලබන පින්බර දවසේ වීදාගම මෛත්‍රී හාමුදුරුවන් වහන්සේ ලියු මේ අදහස සටහන් කරමින් ඔබට මේ දුක් පිරි සංසාර ගමන දවසින් දවස කෙටි කරගනිමින් අවසන නිවන් සුව අත්කර ගැණිමට හේතු වාසනා ඇති වේවා යි කඩුල්ල ඉත සිතින් ප්‍රර්ථනා කරයි.