අපේ මැයි දිනය.



අද මැයි දිනයයි. කම්කරුවන්ගේ දිනය විය යුතු මැයි දිනය අද සමරන්නේ දේශපාලකයින්ගේ දිනයක් වශයෙනි.දේශපාලන පක්‍ෂ තමන් සමග ජනතාව සිටින බවට ප්‍රදර්ශණය කිරීමට කොළඹට සෙනග ගෙන්වා ජනතා පෙළපාලි නිර්මාණය කර, ඒ සෙනග පිට්ටනියකට ගාල් කර ඇට්ටි හැලෙන දේශනා පවත්වා රට හත් භාගයෙන් ගෙන්වා ගත් සෙනග රැස්වීම් භුමියේ අතරමංකර සුඛොපභෝගී රථ වලට වැද පලා යන්නේය. අතරමංවු ජනතාව බස්රථවල කිටි කිටියේ ගාල්වී මැයි දෙවෙනිදා හවස් යාමයේ නිවස්වලට යන්නේය. එයයි අපේ රටේ මැයි දිනය.

මෙවර වෙනස් මගත් ගත් එක්සත් ජාතික පක්ෂය තම හිතවතුන්ට යාපනයේ සංචාරයක් සංවිධාණය කර එසේ යාපනයේ යන්න බැරි අයට මතක දානේ ගෙදරක එන්න කටයුතු සලස්වා ඇත.

අනිත් උදවිය කඩපිල් ගානේ පොකට් රැස්වීම් පවත්වා මැයි දිනය සමරන්නේය.

කම්කරුවන්ට කම්කරු දිනය සමරන්න පාටක් පක්ෂයක් ඇතිවියනොහැකිය. මේ එක එකාගේ නාඩගම්වල චරිත නොවී මැයි දිනයේ අරුත අපේ කම්කරු සහෝදරවරුනට අවබෝධ වු දාට සියළු කම්කරු ජනතාව එකම පිටියක එකම රතු කොඩියක සෙවන යට කම්කරු දිනය සමරනු ඇත. නැත්නම් හීන් අඩියක් ගසා තම නිවසේ සිට කම්කරු දිනය සමරන්නට පුරුදු පුහුණු වෙන්න පටන් ගන්නවා ඇත.

1886 මැයි පළවෙනිදා පැය අටක වැඩ මුරයක් ඉල්ලා සාමකාමි පෙලපාලියක ගමන් කල කම්කරු සහෝදර පිරිසකට එල්ලකල පොලිස් වෙඩි වරුෂාවකින් මිය ගිය තම සහෝදරයින් සිහි කිරීම සදහා 1889 දී රැස් වු ජාත්‍යන්තර කම්කරු සංවිධානය මැයි මස පලවෙනිදා ලෝක මැයි දිනය ලෙස ප්‍රකාශයට පත් කලේය.

අපේ මැයි දිනය ඊ. ඒ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වනුයේ 1933 දීය. ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස කටයුතු කළ ඊ. ඒ. ගුණසිංහ මහතා පිටකොටුව ප්‍රයිස් පාක් හිදී මැයි රැලියක් පවත්වනු ලැබීය. එයත් කම්කරුවන් තේමා කරගත්තක් නොවන බව එහි තේමාවවු ‘රාජ්‍ය පාක්ෂික වෙමු’ යන්නෙන්ම සිතා ගත හැක . එම රැළියට සහභාගීවු සහ ආරාධිත පිරිසවුයේ යටත් විජිත ආණ්ඩුවේ නිලධාරීන් හා ඔවුන්ගේ බිරින්දෑවරුන්ය. ඊ. ඒ. ගුණසිංහ මහතාගේ කම්කරු දිනය සැමරීමද මින් කම්කරුවන්ට සුජාතවුවක් ලෙස සලකන්නට නොහැකිය.

දෙවන මැයි දිනය 1934 දී ශ්‍රී ලංකාවේ පවත්වන ලද්දේ මාක්ස්වාදී සංගමය විසිනි. මෙම මැයි දිනය වාමාංශික මතවාදයන් පෙරටු කරගත් මතවාදයන් පලකල මැයි දිනය ලෙස සැලකිය හැකිය. දොස්තර සරවනමුත්තු මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව ප්‍රයිස් පාක්හි දී පැවත්වු මෙම රැළියේ තේමාව වූයේ “ජාතික නිදහස හා සමාන වැටුප්” යන්නයි. මේ මැයි දින රැලියේ ප්රළධාන කථිකයා ලෙස එවකට රාජ්යස මන්ත්රපණ සභාවේ මන්ත්රී වරයකු වූ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මහතා සහභාගි විය.

1935 දී ලංකා සමසමාජ පිහිටුවීමට ආසන්නයේදී පැවැත්වුණු මැයි දින රැළිය එකල වඩාත් කැපී පෙනුන මැයි දිනයක් විය. වැල්ලවත්ත රෙදි මෝලේ සේවක ගැටලුවක් මුල් කරගෙන පසු කලෙක ලංකා සමසමාජ පක්ෂයේ නායකයකු වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් වෘත්තීය සමිතියක් ද පිහිටුවීම 1935 මැයි දිනයදා සිදුවිය. එතැන් පටන් දිගටම ලංකා සමසමාජ හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් යන වමේ දේශපාලන පක්ෂවල මූලිකත්වයෙන් මැයි රැලි හා පෙළපාළි පැවැත්විණි.

1917 දී ලෙනින් ගේ නායකත්වයෙන් ඔක්තෝම්බර් විප්ලවය ඇරඹුමත් සමඟම සෝවියට් දේශය මැයි දිනය නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කළ අතර එහි පසු දිනය සැණකෙළි දිනයක් ලෙස නම් කර තිබුණි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු වමේ ව්‍යාපාරය ගෙන ගිය අරගලයක ප්‍රතිඵලයක් ලෙස 1956 දී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා මැයි දිනය නිවාඩු දිනයක් බවට පත් කළේය.

1987 දී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා මැයි දින පෙළපාළි හා රැස්වීම් පැවැත්වීම තහනම් කළ්ය. ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය ඇතුළු වමේ ව්‍යාපාරය සංවිධානය කළ මැයි පෙළපාළියට පොලිස් ප්‍රහාරයක් එල්ල කළහ. එය අපේ ධාර්මිෂ්ඨ සමාජයේ නිර්මාතෘ කම්කරු ජනතාවට දැක්වු උපහාරයක් විය.

සාදුකින් පෙලෙනවුන් නැත්තටම නැතිවී වලපල්ලට ගොස් ඇති අද සමාජයේ සමස්ථ ජනතාවටම ඇසෙන්නේ දාහට එකක් දෙකක් වු ජනතාවක් ගයන උන්ගේ රණ ගී හඩ මිස සාදුකින් පෙලෙනවුන් වලපල්ලෙන් ගොඩ ගන්න ගයන යාතිකා හඩ නොවන්නේය.

About these ads

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )