මේ මගේ කතාවක් නෙමෙයි.පේරාදෙණියේ කැම්පස් එකේ ධම්මික ඉහලගෙදරෙගේ වැඩක්.

මම පොඩ්ඩක් ආල වට්ටම් දාලා කතාව රෙපයාර් කලා.

වෛද්‍ය මධස්ථානයේ පුටුවකට බර දීලා හිටපු අපේ අල්ලපු ගෙදර දීපා නෝනා දොස්තර මහත්තයාට මූන පෙන්නුවා. කම්මුල් දෙකම හොදටම ඉදිමිලා.කම්මුල් ගායත් නෙමෙයි. දොස්තරට ලෙඩේ හොයා ගන්න බැරිව  දීපාගෙන් ඇහුවා මොකද උනේ කියලා ?.

දීපා පොඩ්ඩක් ඇඹරී ඇඹරී ඉදලා කතාව කිවුවා.

අපේ මහත්තයා ගෙදර එන්නේ හොදටම බීගෙන පුංචි වැරද්දකට උනත් ලොකු ගෝරියක් .දොස්තර මහත්තයාට වැඩේ තේරුනා.ඉදුමුන කම්මුල් වලට ගාන්න ක්‍රීම් වර්ගයක් දෙන ගමන් පොඩි උපදේශයක් දුන්නා ලෙඩේ නිට්ටාවටම සනීප වෙයි මේකෙන් කියලා.

දීපා ගෙදර ගියා. ඔන්න පහුවෙනිදත් හවස මහහත්තයා වැඩ ඇරිලා ගෙදර එනවා. දීපා කතාවක් නැතිව කුස්සියට ගියා.  කට පිරෙන්න වතුර උගුරක් අරගෙන කට ඇතුලේ කලත්තා කලත්තා ඉන්න පටන් ගත්තා. මහත්තයා වැනී වැනී ඇවිත් වෙනද චාරිත්‍ර ටික පටන් ගත්තා . දීපා දොස්තර මහත්තයා කියාපු විදියට කටේ වතුර පුරවා ගෙන කලත්තා කලත්තා හිටියා.

දීපාගේ මහත්තයා මෙසේට බෙදලා තිබුන කෑම ටික කාලා ඇදට ගිහින් නින්ද යනකම්ම දීපා වතුර ප්‍රතිකර්මය කරගෙන ඉදලා මහත්තයාට නින්ද ගියාට පස්සේ කටේ පුරවා ගෙන හිටපු වතුර ටික විසිකලා.

සති දෙක තුනක් අල්ලපු ගෙදරින් හැන්දෑවට කිසිම සද්දයක් නෑ. දීපත් බොහෝම සන්තෝෂයෙන් ඉන්නව. මම දීපාගෙන් ඇහුවා මොකද දරුවෝ මහත්තයා සද්දයක් දැන් නැත්තේ කියලා ?.

මට දොස්තර මහත්තයා කම්මුල ඉදිමිලා බෙහෙත් ගන්න ගියාම බෙහෙතුත් දීලා තව ප්‍රතිකර්මයක් කිව්වා. මම ඒක අනුගමනය කලා . ඊට පස්සේ අපේ මහත්තයා කිසිම සද්දයක් නෑ . ගෙදර එනවා කනවා නිදා ගන්නවා. මම වතුර උගුරක් කටට අරගෙන කලත්තා කලත්තා ඉන්නව . මහත්තයා නිදා ගන්නකම්ම. කියලා දීපා උත්තර බැන්දා.