හක්ගල උද්භීද උද්‍යානය


පිවිසුමෙන් උද්‍යානයට

හක්ගල උද්භීද උද්‍යානය නොදන්නා කිසිවෙකු ශ්‍රී ලංකාවේ ඇතැයි මම නොසිතමි. මා බදුල්ල- නුවර එළිය මාර්ගයේ නුවරඑලිය සිට කිලෝමීටර 9. 5පැමිණ සිටියෙමි. අවුරුදු සමය වු බැවින් උද්‍යාන පිවිසුම සෙනගින් අතුරු සිදුරු නැතිව පිරී තිබිණි. ඇතුල්වීම සදහා වැඩිහිටියනට රුපියල් පනහක් සහ කුඩා දරුවන්ට රුපියල් දහයක් ගෙවා පිවිසුම් පතක් ලබා ගත යුතුය.

මා ටිකට් පතක් ලබා ගැණිමට පෝලිමට එකතු විමි. පෝලිමේ ගාටන මට ඉහලින් හක්ගල කදු මුදුනත් පහළින් බදුල්ලේ මඩොල්සිම කඳු වළල්ල හා නමුණුකුල කඳු වළල්ලත් දිස්වෙයි. සීතල හිරිගඩු පිපෙන මද හිරු එළියේ හිතේ ඇදුන මිහිරි සිතිවිලි පිවිසුම් දොරටුවෙන් උද්යාණයට මා රැගෙන ගියසේ මට හැගිණි.

මේ අප්ර්‍රේල් මාසයයි.අප්රේල් – මැයි මාස හක්ගල උද්භීද උද්‍යානයට වසන්තය උදා කරයි. දැන් බැලූ බැලූ හැම තැනම මල් පිපී උද්‍යාන පරිසරය වර්ණවත් කර ඇති සිතුවමක් ලෙස දිසිවෙන කාලයයි.

මගේ සිතුවිලි ක්‍රි.ව 1861 කරා දිවයයි. ශ්‍රී ලංකාවේ සිංකෝනා වගාව පිළිබදව අත්හදා බැලීමේ සහ එම වගාව ලංකාව තුළ ව්‍යාප්ත කිරීමේ අරමුණ ඇතිව 1861 දී හක්ගල උද්භිද උද්‍යානය ස්ථාපිත කරන ඇති බව සිහිපත් විනි. අලියාගේ හකුගල යන අරුතින් බිදී ඇතිවු හක්ගල පරිවතයේ මුහුදු මට්ටමේ සිට මීටර් 1745 ක් පමණ උසින් හෙක්ටයාර් 28 ක පමණ භූමි ප්‍රමාණයක හක්ගල උද්භිද උද්‍යානය පිහිටයි

උද්‍යානයහි දේශගුණය උපනිවර්තන කලාපීය , නැවුම් දේශගුණයක් පවතින අතර තරමක් දුරට ඇල්පයින් වාතාවරණයට සමානකමක් දක්වයි. පරිසර උෂ්ණත්වය සෙ.ග්‍රේ. 3 සිට සෙ.ග්‍රේ. 15 දක්වා පරාසයක විහිදේ. වාර්තාගත වී ඇති අඩුම උෂ්ණත්වය සෙ.ග්‍රේ 3ක් වේ.

උද්යාානයට මෝසම් දෙකකින් වර්ෂාව ලැබේ. මැයි මස සිට අගෝස්තු දක්වා නිරිත දිගින් ද ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා ඊසාන දිගින් ද වැසි ලැබෙන අතර සාමාන්‍ය වර්ෂාපතනය මි.මී. 2300 ක් පමණ වේ. නිරිතදිග මෝසම් සුළං කාලය තුළ ඝන මීදුම උද්‍යානය වසා ගත් විට, වැඩි වශයෙන් අපරභාගයේ සහ සන්ධ්යාි කාලයේ තද වර්ෂාපතනයක් කඩා වැටේ. උද්‍යානය නැරඹීමට වඩාත්ම සුදුසු කාලය වන්නේ නුවරඑළිය නිවාඩු සමය වශයෙන් වඩාත් ප්‍රචලිත මාර්තු මස මැද සිට අප්‍රේල් මස අවසානය දක්වා වූ කාලයයි. සෞම්‍ය දේශගුණය හා සුපිරි රෝස ඕකිඩ් ආදී ශාකවල මල් පිබිදෙන හේතුවෙන් උද්‍යානය වඩාත්ම දර්ශනීය ස්වභාවයක් උසුලන්නේ මේ කාලයට යි.

මේ සුන්දරත්වවයේ මැවුම් කරුවා ජී.එච්.ඩබ්. තාවයිට්ස් G.H.W. Thawaites නම් සුදු ජාතිකයෙක්. මුලින් ම මෙහි වවා ඇත්තේ සින්කෝනා ගස්. සින්කෝනා ගස් වලින් මැලේරියා රෝගයට ප්‍රතිකාරක ඖෂධයක් වූ ‘ක්විනින්’ ලබාගන්න ඉංග්‍රීසි ජාතිකයන් අත්හදා බැලීම් කරලා තිබුනා. 1961 දී මචිනිචෝල් (machnicholl) නම් පුද්ගලයෙක් තමයි සින්කෝනා මෙහි මුලින් ම වවා තිබෙන්නේ.

ඒ අතීතය මැදින් මැවුන සුන්දරත්වය අද වන විට ශාක පැළ විශේෂ ගණන 5000 කටත් අධික ප්‍රමාණයක උද්‍යානය ක් බවට පත්වී තිබෙනවා. රෝස වර්ග 200 කටත් අධික ප්‍රමාණයක් සහ විවිධ මල් වර්ග අපට හමුවන නිර්මාණය කරන ලද උයන් වන බල්බ උයන, මධ්‍යම පොකුණ ශ්‍රී ලංකා පොකුණ , පහල මල්යාය , රෝස මල් උයන ,පලතුරු උද්‍යානය , වීදුරු ගෘහය, ඉහළ පුෂ්ප උයන ,මීවන උයන ,ගිරි උයන යන නම් වලින් හදුන්වා තිබෙනවා.

ගිරි උයනේ සිට තුරු වියනක් යටින් පටු මාවත් ඔස්සේ ඉහළට යනවිට හක්ගල වනෝද්‍යානයට පිවිසෙන්න පුළුවන්. 1893 වගා කරන ලද පැරැණි කපුරු, තේ, ලොත් සුබුල් හා ඇකේසියා වගාවන් අදත් එදා වගේ ම සරුවට වැවී ඇති අයුරු දැක බලාගන්න ඔබට පුළුවන් වේවි.

පෙරවරු දහයට පමණ ප්‍රධාන පිවිසුමෙන් පිවිසි මා උද්‍යානය යේ විසිතුරු මැද අතරමංවුනා යයි හිතුනේ ප්‍රධාන පිවිසුමෙන් පිටවන විට හිරු අවරට යන්නට සුදුසු හෝරාවක් සොයමින් සිටිනු බව දැනුන විටයි.

කියවන්න මේ වියමනත්

About these ads

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. Log Out / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. Log Out / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. Log Out / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. Log Out / වෙනස් කරන්න )