අනේ අම්මපා !.


අපිට වෙච්ච දෙයක් !.

අපිට වෙච්ච දෙයක් !.

මොකක්ද බන් ‍මේ ‍කෙළිය ?.

මම ‍ටෙලි‍ෆෝන‍යේ ‍මෙහා ‍කෙළව‍රේ.

පා‍රේ වාහන තදබදය, ඉන්ධන භාවිතය, ගූගල් යාහූ වර්ජනය, රුපියල් 2500/= ට මාසයක් කන්න පුළුවන්……………… .?. ප්‍රශ්න වැලයි.

උඹට ඹ්නී ‍පොදු උත්තරයක්ද ?. නැත්නම් ‍වෙන වෙනම උත්තරද ?  මම .

පොදු උත්තරයක් කියාපං !.

මුන්ට පිස්……………….සු…………….. නැත්නම් අපිට පිස්සු.

මම ‍මේ උත්තරය දුන්නට හිතන්න පටන් ගත්තා.

අ‍පේ ර‍ටේ මිනිස්සු 2009 දී වාහන බදු අඩු කරන්න කියලා උද්‍ඝොෂණය කලේ නෑ.මිනිස්සු හැමදාමත් කියන්‍‍නේ ජීවන බර අඩු කරන්න , අ‍පේ පඩි වැඩි කරන්න කියලා.බඩු මිළ අඩුකරන්න කියලා. ඒ හඩ ඇ‍හෙන්න ආණ්ඩුවට කන් නෑ. පේන්න ඇස් නෑ. මිනිස්සු ජීවි‍තේ ගැට ගහ ගන්‍‍නේ ‍බො‍හෝම අමාරු‍වෙන්. ඒත් ආණ්ඩුව කියන්‍‍නේ අ‍පේ ර‍ටේ ඒක පුද්ගල ආදායම සියයට පන්සීයකින් ඉහල නැගලා කියලා. අපි පුංචි කා‍ලේ ‍ස්කෝලේ යන කොට කියවපු පොත් වල  තිබු‍නේ ලංකාව ඌණ සංවර්ධිත රටක් කියලා අවුරුදු හැටකට පස්‍සේ දෑන් පාසැල් යන අ‍පේ දරු මුණුපු‍රෝ  කියවන ‍පොත් වල ති‍යෙන්‍‍නේත්   අ‍පේ රට ඌණ සංවර්ධිත රටක් කියලා. අපිත් එක්ක නිදහස ලබාපු රටවල් එක්ක බලාපුවම ‍ අවුරුදු හැටකට පස්සෙත් යෙදෙන මේ ‍යෙදුම ගැන අ‍පේ පාලක‍යෝ කම්පා ‍වෙන්න ඕනී.

හැමදාමත් අ‍පේ රටේ ආණ්ඩු ර‍ටේ ජනතාවට  කිව්‍ ‍වේ බොරු!. දැන් කියන‍්නෙත් ගල් පැ‍ලෙන ‍බොරු. නංගී ‍පෙන්නලා අක්කා දීග ‍දෙන කතා.

2009 වන විට ආණ්ඩු‍වේ ‍කෙරුම් කාරයින්ට  දේශපාලකයන්ට,බදු සහන තියෙන අයට පහසුකම් සලකන කොට එන අපවාදය වලක්වා ගන්න ර‍ටේ හැම ‍දෙනාටම වාහනයක අයිතිය ලබා ‍දෙන්න වලිප්පුවක් ඇතිවුනා. ‍මේ වලිප්පුව ඇති‍වෙන ‍කොට ‍බෙ‍හෙත් ගත්‍‍‍තේ ඉන්දියා‍වේ නිෂ්පාදනය කරන ‍පෙති ‍වෙන්න ඕනී. ඒ ‍බෙ‍හෙත් ‍පෙති  වලින් අතුරු ආබාධ හැ‍දෙන්‍‍නේ නෑ කියලා ‍වෛද්‍ය උප‍දේශක‍යෝ කියන්න ඇති .‍කොයි ‍වෛද්‍යවරයත් ‍‍ලෙඩ්ඩුන්ට බෙ‍හෙත් ‍දෙන්‍‍නේ කොම්පැණිකාරයා‍ගේ  රෙප් සාක්කුවට දාන ප්‍රධා‍නයේ වටිනාකමට ගැල‍පෙන්න. මෝටර රථ ආනායන බද්ද 2010 දී 50% අඩුකලහම් හෝ ගාලා වාහන ගලා ගෙන ආවා ඒ වාහන වැඩිහරියක් ත්‍රී විලර් , මෝටර් බයිසිකල් , මරුටී , බටිටෝ වගේ ඉන්දියාණු නිෂ්පාදන. බද්ද අඩුකලහම  පුංචි ආදායම් තියෙන අයයි,  පුංචි ස්වයං රැකියාවක් කරන්න උනන්දු වුන අයයි . ත්‍රී විලර  බට්ටෝ වගේ වාහන ගත්තා. ගමන් බිමන් පහසු වන්න මෝටර් බයිසිකල් ගත්තා.  මේ නිසා 2009 දී ගෙන්වන ලද 211679 ක්‌ වූ වාහන ප්‍රමාණය 2011 වන විට 523963 ක් වුනා. මේ ආණ්‌ඩුවේ ආර්ථික න්‍යායාචාරීන්  මේක නොදැන සිටීයා කියනවනම් ඒක පට්ට පල් බොරුවක්.  දැන් වාහන බද්ද  60% සිට වැඩි කරලා .

වැඩි කරපු හැටි විග්‍රහ කරන කොට වැඩි වෙලා තියෙන්නේ  යාම්කම් දනි පනි ගාලා වහනයක් ගන්න පෙරුම් පුරා ගෙන හිටි පුංචි එවුන මිළදී ගන්නා ත්‍රී විලර් , මෝටර් බයිසිකල් , මරුටී , බටිටෝ වගේ ඉන්දියාණු නිෂ්පාදන. ඔන්න නැති බැරි එකාට සලකන හැටි කියලා අහක හිටපු නයි රෙද්ද අස්සේ දා ගත්ත ආණ්ඩුවට දැන් අහන්න සිද්ධ වෙලා.  රට ගොඩ නගා ගන්න මේ ආණ්ඩුව තියා තිබුන ආණ්ඩුවලටත් නිශ්චිත ප්‍රතිපත්තියක් නෑ. අතීසාරෙට අමුඩ ගහන පිලියම් තමයි  හැමදාමත් කරන්නේ . වාහන ආනායනය පිළිබදවත් නිශ්චිත ප්‍රතිපත්තියක් නැහැ. මේක ජීණීවා වලට දක්වපු ප්‍රතිචාරයක්ද ? නැත්නම් IMFඑකට දක්වන ප්‍රතිවාරයක්ද එහෙමත් නැත්නම් දෙකටම දක්වන ප්‍රතිචාරයක්ද කියලා හිතා ගන්න බැහැ.
ජිණිවා මානව හිමිකම්  වලට අපේ රටේ මොළකාරයෝ ප්‍රතිචාර දක්වන්නේ අපූරු විදියට. ගූගල් වර්ජනය කරන්නලු. යාහූ වර්ජනය කරන්නලු. මේ නොමිලේ අපට ලබා දෙන සේවාවන් වර්ජනය කරපුවම ගූගල්ලාට යාහූට කෙළවෙලා නැති භංගස්ථාන වෙලා යයි කියලා හිතන්න තරම් කොන්ඩේ බැදපු අම්මේ  තාත්තේලා අද රටේ නෑ. ඒක කරන්න පුළුවන් පෙන්දක් වගේ කොන්ඩේ වවා ගත්ත පෙන්දෙකුට විතරයි. අපිට ගල් යුගයේ වත් එඩේර යුගයේ වත් අද ජීවත්වෙන්න බෑ. මේ ආණ්ඩුවම පරිඝණක ඝාස්ත්‍රතාවය ඉහල නන්වන්න කටයුතු කරනකොට එක ඇමතියෙක් කියනවා ලෝකෙට එබෙන්න එපා වර්ජණය කරපල්ලා කියලා. අපේ අපනනය වලින් 41% පංගුවක් මිළදී ගන්නේ යුරෝපා රටවල්.  ඒ රටවල් මිත්‍ර කරගන්නේ නැතිව රෙද්ද උස්සා ගෙන මුත්‍රා යනකම් කෑ මොර දී දී බැන ගත්තම  සනීප වෙන්නේ ලෙඩා මැරිලා.

අන්තිම ප්‍රශ්නේටත් උත්තර බැන්දම අද වියමන අවසන්.

2500/= කින් නොමැරී ජීවත් වෙන හැටි. මම දෙස් දෙවොල් තියන්නේ නැතිවමාසෙටම හරියන්න කෑම  වට්ටෝරුවක් හදා ගත්තා. ප්‍රෝටීන් සපිරි අංග සම්පූර්න කෑම වේලක් කන්න. ඔක්කොම සල්ලි වලට ගන්න නාගරිකයෙක් හැටියට නෙමෙයි.පෝර නිකම් දෙන්නේ. ඒ නිසා මට සෑහෙන්න බත් කන්න කුඹුරක් හදා ගත්තා. බීජ නිකම් දෙන්නේ. තියෙන ඉඩමේ එළවළු ටිකක් අල බතල ටිකක් හිටවා ගත්තා. පොල් ගස් ටිකකුයි කෙසෙල් අඹ වගේ පලතුරු ගස් දෙක තුනක් වත්තේ තියෙනවා. කිරි දෙනෙක් කුකුළු පැටවු දහයක්  හොයා ගත්තා.  මට ඔනි ළුණු ටිකයි කරවල හාල්මැස්සෝ ටිකයි සල්ලි වලට ගන්න. මාසෙටම රු.400/= විතර වියදම් කරපුවම ගිණි ගණනට දෙන ගමේ කඩේ මුදලාලි ගෙන් මේ ටික ගන්න පුළුවන්.

අම්මා මුත්තා කිව්වත් කිසිම උවමනාවකට පයින් යන දුරට වඩා දුර යන්නේ නෑ කියලා හිත හදා ගත්තා. මේ රටාවට දරුවොත් හදන්න ඔනී නිසා අධ්‍යාපනයට වගේ අරුමෝසම් වැඩ වලට වියදම් කරන්න ඕණිත් නෑ.අදින්න පලදින්න  හැමදාම ගන්න ඹනිත් නැහැනේ. මම , විශේෂඥ ඇත්තෝ කියන එක අහල යුගයක්ම පස්සට ගියා. ගොවි යුගයට.( තව යන්න තියෙනවා ගල් යුගය දක්වා ඉදිරි අනාගතයේදී ඒකටත් යන්න වෙයි කියලා  හිත හදා ගත්තා.) 2500/= න් 2100/= ක්ම ඉතුරුයි.

අනේ අම්මපා අපේ ආර්ථික විශෙෂඥ බන්දුල ගුණවර්ධණ අධ්‍යාපන ඇමති තුමාටත් වැරදෙන හැටි !.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )