සෝභාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුර


සෝභාව දේ  මෙපුර සිරි විසිතුරු බලනු මිතුර

සෝභාව දේ

මෙපුර සිරි විසිතුරු බලනු මිතුර

මග පියකරුවු

සුසුදු වලා කැරලි පලසකි

මේ මග දිග ඇතුරු

අහස සූරන මැදුරු

පාර දෙපැත්තේ

සොදුරු සල් පිල් මැද -දෙව්ලොව නැති සැප විකුනන්නේ

නුවරු රිසිරිසි දේ ගෙන

මසුරන් තඹයට දෙන්නේ

නිඹද සිත ලතවෙන්නේ

සෝභාව දේ

මෙපුර සිරි විසිතුරු බලනු මිතුර

මග පියකරුවු

සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතුරු

අහස සූරන මැදුරු

ජේත්තුකාර ලියන් ගත විලවුන්

මුහුණ සිඹින්නා –

සාටක දුහුල ඉරන්

නාරිලතා මල් පූදින්නා

ජේත්තුකාර ලියන් ගත විලවුන්

මුහුණ සිඹින්නා –

සාටක දුහුල ඉරන්

නාරිලතා මල් පූදින්නා

දෑසින් අමතන බස්   – වැසුණු දොරක් විවර කරන්නේ

එලි පිට ඇති අවකෙළි  කිසිවෙකු  මැසිවිලි නොකියන්නේ

සෝභාව දේ……………

සැණකෙලි පුරා හදේ

නිකිනි අවන්හල් පීබිදෙන්නා –

ඇසුවන් දුක් සින්දන

ගී සින්දු සවන පිනන්නා

සැණකෙලි පුරා හදේ

නිකිනි අවන්හල් පීබිදෙන්නා –

ඇසුවන් දුක් සින්දන ගී සින්දු

සවන පිනන්නා

සතහට සෙත සලසා අතකින් මධුවිත පුරවන්නේ

සවුදිය පුරන ළදක් රකුසු නෙතක්  පාළු මකන්නේ

සෝභාව දේ……………

අහන්න     http://www.youtube.com/watch?v=llkE5zmGMvg
ලූෂන් බුලත්සිංහල  නාට්‍යකරුවාගේ ජනප්‍රියවු නාට්‍යයක් තාරාවෝ ඉගිලෙති.
නිවුන් සහෝදරයෝ දෙදෙනෙක් උපතේදිම දෙමව්පියන්ගෙන් වෙන්ව වෙන වෙනම ලොකු මහත්වෙනවා. මේ දෙන්නා එකම අභිසාරිකාවක් සොයා ගෙන  යනවා ඈ හිතන්නේ මේ දෙන්නා එක්කෙනෙක් කියලා.
ඔය බීජය  වටා  තමයි නාට්‍යයේ කතාව ගලාගෙන ගිය බව  මගේ මතකය. තාරාවෝ ඉගිලෙති නාට්‍යය යේ සියළුම ගීත අදටත් ජනප්‍රිය ගීත.
මේ ගීතයත් ඔබ රසවිදලා ඇති. යූ. ආරියවිමල්  සමග ගාමිණී සමරකෝන් මුල් නාට්‍ය යේ මේ ගීතය ගායනය  කරනවා
Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )