අපි කුඩා අවධියේ තැපල් මහත්තයා ගමේ ප්‍රභූවරයෙකු විය. තැපල් මහත්තයා ස්කෝලේ මහත්තයා ආරච්චි මහත්තයා සහ ගමේ පන්සලේ හාමුදුරුවෝ නොමැතිව ගමට හිරිපෑවුවේ නැත. හිරු බැස ගියේද නැත. දශක පහ හයක කාලය ගෙවී යද්දී මේ සියල්ලෝම ගමට නොවැදගත් සාධකයන් වී නිකම්ම නිකන් මිනිසුන් බවට පත්වී හමාරය.

තැපල් සේවය අද පෞද්ගලික කුරියර් සර්විස් එකක් බවට පෞද්ගලික වෙළද සමාගම් වැඩි දියුණු කරගත් ව්‍යාපාරයක් බවට පත් කර ගෙන ඇති අතර  මුදල් හුවමාරු , තැන්පතු  කටයුතු බැංකු සහ වෙනත් මුල්‍ය ආයාතන අත්පත් කරගෙන ඇත. රැහන් සහිත සහ රහිත විදුලි සංදේශ කටයුතු අර්ධ රාජ්‍ය ආයාතන සහ පෞද්ගලික වෙළද සමාගම් උරුම කරගත්තේය අවුරුදු 215 ක පමණ අතීත උරුමයක් ඇති තැපැල් සේවය වාර්ෂිකව  ලබන පාඩුව කෙතරම් ද කිව හොත් මෙම වර්ෂයේ තැපල් දෙපාර්ත මේන්තුව පවත්වා ගෙන යාමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල්  දශලක්‍ෂ 13300 ක් ඉල්ලා ඇති බව පල විය.  පසු ගිය වසර කිහිපයේ දෙපාර්තමේන්තුව ලැබු පාඩු මෙසේය. 2010 අවුරුද්දේ එහි පාඩුව රුපියල් දශලක්‍ෂ 3000 ක්‌  වු අතර වසර 2011 දී පාඩුව රුපියල් දසලක්‍ෂ 3400 ක්‌ විය. මේ වසරේදී ආයතනය පවත්වාගෙන යැම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් දශලක්‍ෂ 13300 ක්‌ ඉල්ලා ඇති බව පලවු අතර  . එයින් රුපියල් දශලක්‍ෂ 8100 ක්‌ම වැයවනු ඇත්තේ වැටුප් වේතන හා අතිකාල ගෙවීම සඳහාය.

1796 දී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පාලනය හිමිකරගෙන සිටි නැගෙනහිර ඉන්දියානු වෙළෙඳ සමාගම 1798 දී  ශ්‍රී ලංකාවේ පලමු තැපල් කාර්යාලය පිහිටු වීය. එම ආණ්‌ඩු අතර කරන ලද ලියුම් හුවමාරුව සදහා  නැගෙනහිර ඉන්දියානු වෙළෙඳ සමාගම  මෙම කාර්යාලය  යොදා ගන්නා ලදී. 1815 දී  බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීහු ශ්‍රී ලංකාව මහ තැපැල් කන්තෝරුව පිහිටුවා ලියුම් ගනුදෙනු ව්‍යාප්ත කළේය. එකල අශ්ව කෝච්චියෙන් සහ පයින් ගොස්‌ ලියුම් බෙදන ලද අතර  ඔවුන් දීප ව්‍යාප්තව තම බලය තහවුරු කරගත් පසු රාජ්‍ය සේවය පිණිස තැපල් සේවය යොදා ගත්තේය.එකල  ප්‍රභූ පැලැන්තිය පණිවුඩ හුවමාරු කර ගැණිමේ මාධ්‍යයක් බවට පත්ව තිබු තැපැල 1948 න් පසු සාමාන්‍ය ජනතාව අතර ජනප්‍රිය වෙමින් 1970 වන විට  තැපැල් දෙපාර්තමේන්තුව යනු කීර්තිමත් ආයතනයක් බවට පත්ව තිබිණි.

1990 න් පසු විවෘත ආර්ථිකයේ ක්‍රියාකාරකම්  සමග තැපැල් සේවයේ විදුලි සංදේශ අංශය ක්‍රමයෙන් දියවී පෞද්ගලික අංශයට පත්ව යේධ පිම්මකින් දියුණුවට පත්විය. තැපෑල නවීකරණය විය.
විද්යුත් තැපෑල  සහ සෙලියුලර් කෙටි පණිවුඩ  සමඟ කටයුතු කරන අද සමාජය අද ලියුම් ලියන්නේ නැත. ජනගහණයට වඩා දුරකතන භාවිතා කරන රටක ලියුම් ලිය ලියා සිටින්නේ නැතිව මොහොතකින් තම පණිවිඩ හුමාරු කර ගන්නේය.   මින් දශක තුන හතරකට පෙර මේන් මෙකල පෙම්වතුන් හා පෙම්වතියන්  තැපල් මාමා එන තෙක් පිලිගන්න දොරකඩට වී තැවරී තැවරී ඉන්නේ නැත. එස්‌. එම්. එස්‌. එකක්‌  යවා හෝ වැඩිහිටියන්ට එහා මෙහා වී මල් ටිකක් කඩා පඅදහස් හුවමාරු කරගන්නේය.

හරි හමන් නායකත්වයක් තැපැල් දෙපාර්තමේන්තුවට පසු දශක තුනේ ලැබීනැත.

මිනිසුන් ලියුම් නොලිවීම විදුලි පුවත් භාවිතයෙන් ඉවත් වීම නිසා මුද්දර අලෙවිය  පහත බට නිසා තැපෑලට බර පාඩු විය. එහෙත් පුදුමය නම් මීට වඩා තාක්‍ෂණය ඇති මහා බ්‍රිතාන්‍යයේත්  අපේ අසල්වැසි ඉන්දියාවේත් තැපෑලෙන් අදටත් ලාභය. එයට හේතුව තැපෑලේ ක්‍රියාකාරකම් යාවත්කාලීන කිරීමේ ක්‍රමවේදයක්‌ පසු ගිය දශක දෙක තුන තුල තැපෑලට  ඇති නොවී තිබීමය. එසේ යාවත් කාලීන කලහැකි නිර්මාණශිලී මොල ගෙඩි තැපල් දෙපාර්තමේන්තුවේ ඉහල කලමණාකාරිත්‍වයටත් තැපල් දෙපාර්තමේන්තුවේ දේශපාලන නායකත්වයට පත්වන ඇමතිවරු කියා ගන්නා අයටත් නොමැතිවීමය.