සබරගමුවේ මහපඹා


මැණික් සහ කහවත්ත අතර විශාල සම්බන්ධකමක් තිබු යුගයක් තිබුනා වර්තමාණය කහවත්තට ප්‍රසිද්ධිය දෙන්නේ කාන්තාවන් අමු අමුවේ මරා දමන මීනීමරුවන් ජීවත්වෙන ප්‍රදේශයක් විදියට.

පෙබරවාරි පළවනදා  මවක සහ දියණියක දඩයම් කල කහවත්තේ මස්වැද්දන් පිලිබද කතා බහක් රටම කදුළක් බවට පත්කල පුවතක් වුනා.මේ කදුළ වියකී මිනිසුන් තුල ඇතිව තිබු පීඩනය පිපිරී වීදී බහින්න මාර්තු මාසේ පලවෙනිදත් පහුවෙන්න තරම් කාලයක් ගන්න සිද්ධ වුනා. මේ මස්වැද්දන් කවුද කියලා ආවරණය කරගන්න පොලිසියට හැකිවෙලා තියෙන්න ඇති. ඒත් ඒ බව හෙලි දක්වන්න බැරිවු හේතුත් දැන් අනාවරණය වෙමින් පවතිනවා.

අපේ රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමා එතුමාගේ සම්බන්‍ධීකරණ ලේකම්තුමෙක් තනතුරෙන් පහ කරලා.ලේකම්තුමාට දිලා තිබුන නිලවාහනෙත් ආපසු පවර ගෙන.මේ මිණිමැරුමට හේතුවෙලා තිබුනේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක්.එම ව්‍යාපාරය  ඝාතනයවු මව සහ දියණිය අතින් බාහිර සමාජයට නිරාවරණය වෙලා. මේ මස්වැද්දන් විසින්ම ඝාතනයවු දියණිය (ඈ නොදැනුවත්ව)  තම නිවසේ සිට නගරය දක්වා මත්ද්‍රව්‍ය ප්‍රවාහණය කරගන්න මත්ද්‍රව්‍ය ප්‍රවාහකයෙක් බවට යොදා ගෙනත් තියෙනවා ‍.

මත් ද්‍රව්‍ය ව්‍යාපාරය සල්ලි ගලා යන ජාවාරමක්.මත්ද්‍රව්‍ය කහවත්තේ නිෂ්පාදනය කරන්නේ නැහැ.කොළඹ සිට කහවත්ත ට දුර කි.මි   120ක්.ආරක්‍ෂක අංශ වලින් මිදී මත්ද්‍රව්‍ය  කොළඹ සිට කහවත්තට නිරුපද්‍රිතව ලගාවෙන්න ආරක්‍ෂක ප්‍රවාහන විදියකුත් තියෙන්න ඕණි. අමාත්‍යතුමා තම ලේකම් තුමාට නිලවාහනයක් දීලා තිබුන නිසා රාජ ලාංඡණය සහිතවම ගරු සරු ඇතිව කහවත්තට මත්ද්‍රව්‍ය ලගා වෙන්න ඇති කියලා උපකල්පනයක් ඇතිවෙනවා. බලන කොට ඝාතනයවු දියණිය වගේම අමාත්‍යතුමාත් තමන් නොදැනුවත්ම මත් ද්‍රව්‍ය ප්‍රවාහකයෙක් බවට පත් කරගන්න පුළුවන් වෙලා කියලා තවත්  උපකල්පනයක් ඇතිවෙනවා.

ඇමතිතුමා බල්ලොත් එක්ක බුදියාගෙන මැක්කොත් එක්ක නැගිටලා. සිද්ධිය සමාජයට ආනාවරණය වුනාට පස්සේ මැක්කෝ ඇගපුරාම කාලා  කසන්න පටන් අරන් වගේ මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරනවා.

සම්බන්‍ධිකරණ ලේකම්තුමා ගොඩකවෙල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙක්. පාර්ලිමේන්තුවේ ඉදන් ප්‍රාදේශිය සභාව දක්වා මන්ත්‍රී ධුර අපේක්‍ෂකයෝ මැතිවරණයකදී වියදම් කරන්නේ තම නිල කාලයේදී නිල වශයෙන් ලැබේයයි බලාපොරොත්තු විය හැකි වරප්‍රසාද වල වානිජ වටිනාකම ව‍ගේ දහගුණයකට වඩා මුදලක්. ඉතින් මේ මුදල ආපහු හොයා ගන්න යොදා ගන්න සිද්ධ වෙන්නේ මන්ත්‍රී-  ඇමති කියන ඔටුන්න. ඔටුන්න ආයෝජනය කරලා සාධාරණ මාර්ග වලින් කෙටිකාලයෙකින් හොයන්න බැරි ලාභය හොයන්න පාදඩකම් සමාජයේ ආයෝජණය කරලා හොයනවා.  මේ  කටයුත්තේදී තමන්ගේ අසල්වාසියා හිතවතා ඡන්දදායකයා කියන අයගේ මානව හිමිකම් ජීණීවා වල හංගලා තිබුනත් වැඩක් නැහැ.

කඩුල්ලගේ  නොලියවෙන දිනපොතේ මාර්තු 11 දා සටහනට ඇතුලත් කලේ මේ සමාජ විකෘතිය.

පසු සටහන.

සබරගමුවේ මහ පඹා  පෙරහැරේ යන හැටි දැකලා ඇති. මහපඹාගේ ඔළුගෙඩියේ දෙපැත්තේ මූනු දෙකක් පිහිටලා තියෙනවා. මෙයාගේ එක මුණක් රළු පෙනුමයි. අනිත් මූන සෞම්‍ය මූණක්. කහවත්තත් පිහිටන්නේ සබරගමුවේ

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )