ගෙට් ටුගෙදර්.



දිනපොත දිනයක් නැති අපිලිවෙල මතක සටහන් රැසක් ලියවෙන්න පටන් අරන් කියලා හිතන්න පුළුවන්. සිත විවේක නැතිනම් සිතිවිලි අච්චාරුවක් බවට පත්ව ලියන්න ඔනී මොනවද නොලියන්න ඔනි මොනවද කියලා එකිනෙක තෝරා ගන්න බැරිවෙනවා. අබ , විනාකිරි පදමට මුසුව හැදුන අච්චාරුවත් කල් පහුවෙන්න පහුවෙන්න රසවත් වෙනවා කියලා කියන්න පුළුවන් . ඒත් මේ අච්චාරුවෙන් ගැට පොලොස් කෑලී රතුළුණු, පැපොල් කෑලී , අමු මිරිස් කරල් තෝරලා ගන්න ටිකක් අමාරු වෙනවා.

එහෙන් මෙහෙන් දින වකවානුවක් නැති දිනපොතක් වුනේ ඇයි කියලා කඩුල්ල පෙර වියමනක සටහන් කලා.මේ සටහන ලියන්න තිබුනේ පෙබරවාරි විසිපස්වෙනිදා. ඒත් අද මාර්තු හත්වෙනිදා.තෝරලා බේරලා  කරුණු කාරණා ගොඩ දාගන්න ගිය කලක්.

අපි උසස් පෙල කල හැත්තෑවේ අසූවේ දශකයේ ආදී ශිෂ්‍ය එකමුතුවේ සාමාජිකයෙක් මීට මාස දෙක තුනකට කලින් මා අමතලා 2012 පෙබරවාරි මස 25 වැනිදා මේ වසරේ ආදී ශිෂ්‍ය හමුව මට සංවිධාණය කරන්න පුළුවන් ද කියලා ඇහුවා. මම එක පයින් කැමති වුනා. කොන්දේසියකුත් එක්ක. මම උඔලට උදේ ඉදන් කන්න දෙන්නම්. උඹලට නටන්න ගයන්න නිදහස් තැනක් දෙන්නම් හැබැයි බොන්න දෙන්න පුළුවන් පාණිය ජලය , තේ කෝපි පළතුරු යුෂ වගේ දේවල් විතරයි. වෙන බොන්න දේවල් ඕණි නම් උඹලා ගෙනත් බීපල්ලා කියල. කොන්දේසියට මිත්‍රයා  අනිත් මිත්‍ර  රොත්තත් එක්ක සාකච්ඡා කරලා පසු දවසක එකගතාවය පලකලා.

මේ සමහර මිත්‍රයෝ මා හමුවුනේ අවුරුදු තිස්පහකට විතර පස්සේ. අපි දැන් මුණුපුරෝ මිණිපිරියෝ දකින සීයලා. ආත්තම්මලා. ඉතින් කොහොමද පරණ කතන්දරවල වටිනාකමක් තියෙන්නේ ?. ඒ නිසා පරණ ආදර කතාවගේ දේවල් වර්තමාණය වන විට කොමඩි කතා බවට පත්වෙලා.

කඩුල්ල  වසර විසි පහක් විතර කාලයක සිට දවසේ වැඩි පැය ගණනක්  මද්‍යසාරය ආශ්‍රය කරන්න ලැබුන මද්‍යසාරය සමග ගත කරන කෙනෙක්. ඒ නිසා මුල් කාලෙම ස්වයංවාරනයක් ඇති කරගත්තා ඒ වයේ සුවද විතරක් අහපුවම ඇති කියලා. මිත්‍රයෝ එකිනෙකා ගෙනාපු බෝතල්වල මිලි ප්‍රමාණය  අඩු වෙන කොට තදබල ලෙස විවේචනය එල්ල වුනේ නොබොන කඩුල්ලගේ නොබොන චර්යාවට.

එක එකා තමන්ගේ නිගමන ඉදිරිපත් කරනවා. එකෙකුට කඩුල්ලට ජීවිතේ විදින්නේ නැති කුම්මැහියෙක් . තවත් එකෙකුට කඩුල්ල ගෑණිට බයේ ජීවත් වෙන බය ගුල්ලෙක්. තවත් එකෙකුට කඩුල්ල කුහකයෙක්.මනස පුරවා ගෙන හිර කරගත් විවෘතව කතා නොකරන ගුඩ්ඩෙක් .

කඩුල්ල මේ සියල්ල තර්කයෙන් තොරව අසාගෙන ඉදලා පදමට බොන සමාජයේ නිතර නිතර හමුවෙන එවුන්ගෙන් සහ පාසල් කාලයේ ලගින් හිටපු එවුවන්ගෙන් මේ කියාපු මොන ඝනයටද කඩුල්ල  අයත්වෙන්නේ  කියලා ඇහුවා.  එකෙක්වත්  ප්‍රති උත්තර නොදුන්නත් නොබොන කඩුල්ලට  බොන එවුවෝ කරපු ස්තුති කතා රොත්ත අහපුවම තේරුම් ගියා  කඩුල්ල මේ එක ඝණයකටත් අයිති නැති විත්තිය. බිව්ව වෙලාවට මුන් ඔක්කොම තම තමුන්ගේ නිගමන තුල  තමන්ගේ  ජීවිය නිදහස් කරගත්  වීරයෝ රැලක්  වෙනවා.   නොබොන වෙලාවට පියවි සිහියෙන් ඉන්න කොට මුන් තමන්ගේ ජීවිත උන්ගේ  නිගමන තුල හිරකරගෙන අ ඩා වැලපෙවා. !.

කඩුල්ලගේ සමාගමේ එක දවසක්  ගත කල මිත්‍ර කැල ආයෙත් දවසකදී තවත් ආදි මිත්‍රයෙකුගේ නිවසදේදී හමුවන්න ගිවිස ගෙන හිරු අවරට ගිහින් හෝරාවක් විතර ගතවුන පැයේදී සමුගත්තා. ආයෙත් හමුවෙමු කඩුල්ලගේ උත්තරය වුනා.

2 comments on “ගෙට් ටුගෙදර්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )