Aside

කඩුල්ල වියමන් තරන්න තිබු විවේකය පුංචි අමුත්තෙක් හොරා ගෙන. අමුත්තා සමග දවසේ කාලය ගෙවිලා යනවිට වියමනකට ඉඩක් ඉතිරි කරලා නෑ.

කඩුල්ල වියමන් තරන්න තිබු විවේකය පුංචි අමුත්තෙක් හොරා ගෙන. අමුත්තා සමග දවසේ කාලය ගෙවිලා යනවිට  වියමනකට ඉඩක් ඉතිරි කරලා නෑ. පිලිවෙලකට ලියන්න හිතා හිටපු දිනපොත ලියවෙන්න නැතිව ගියා. වියමන් කරන දේවල් උනත් මෙලෝ රහක් නැති වෙන්න ඇති ප්‍රතිචාර අඩුවෙලා තියෙන්නේ ඒ නිසා කියලා හිතුවා. හැමදාමත් එකම දේවල් කියවන කොට රහක් තියෙයි යෑ.

මාස දෙකක් විතර මේ විදියට හරි හම් යමක් කඩුල්ල අතින් ලියවුනේ නෑ. ඒ කාලය ඇතුලත මොන මොන දේවල් උනාද ? හදිසියේම රැයක් එලිවෙන්න කලින් තරු විසි වෙන්න ඉන්ධන මිල ඉහල ගිහින් !. විදුලිය,බස්ගාස්තු ,ප්‍රවාහණ වියදම් සමග බඩු මිල ඉහලින් ඉහලට යනවා . කඩුල්ලි විදුලි යට ඉන්ධන ගාස්තු එකතු කරන කොට බිල බැලන්ස් කරන්න අපේ ලයිට් කපලා !. වෙනදා රෑ දහය දොළහ වෙනකම් කොම්පියුටරය ලග ලතවෙවී ඉන්න කඩුල්ලට ස්ථාවර නියෝගයක් පනවලා !. දැන් නවය වෙන කොට නිදා ගන්න ඕනී. වැඩක් කරන , ඉන්න කාමරෙ විතරයි විදුලි පහන් දල්වන්න අවසර තියෙන්නේ.

බූමිතෙල් ලාම්පු පත්තු කරන අයට නම් සහනාධාර දෙනවා. සහනාධාර අරගෙන වත් ඒ අයට භුමිගෙල් ගන්න පුළුන්වෙයිද ? අනිත් බඩු මුට්ටු ගනන් ගියාම.

කඩුල්ලිගේ ස්ථාවර නියේග යටතේ වැඩ ගොඩක් එකතු කරගෙන මිසක් නගරයට යන්න ඉඩක් නැහැ. දැන් සතිදෙකක් විතර වැඩ එකතු කරනවා නගරයට යන්න. ඉන්ධන මිලත් එක්ක සියළු ගමන් බිමන් අත්හිටවලා .

මේ ජරමර ඉවසන්න බැරිව පාරට බැහැලා උද්ඝොෂණ කර කර  හලාවතින් ජීවිතය දුන්න සහෝදරයාගේ ප්‍රානය නිරුද්ධ සිරුරත් තාත්තා නැතිවුන දුවත් පුතත් සහෝදරිත් කරපින්නගෙන පාරට බහින්න හිතුවා විතරයි ජිනීවා අහසට උඩින් දේශප්‍රේමය ශ්‍රී ලංකාවට ගලා ගෙන ඇවිත් රටේ බඩගින්නත් සියළු ආපදා ආන්ත්‍රාවන් සුනාමියකින් වගේ සෝදාගෙනම ගියා. දැන් ආයෙත් ඉස්සර වගෙයි. ඉන්ධන මිල වැඩිවුන එක පත්තියම් වෙලා. ආයෙත් පාරක් වැඩිකරන්න උනත් පුළුවන්. ඊයේ පෙරේදා වැඩි කලා කියලා අමතක වෙලා.

මේ ජරමර ඉවසන්න බැරිව පාරට බැහැලා උද්ඝොෂණ කර කර හලාවතින් ජීවිතය දුන්න සහෝදරයාගේ ප්‍රානය නිරුද්ධ සිරුරත් තාත්තා නැතිවුන දුවත් පුතත් සහෝදරිත් කරපින්නගෙන පාරට බහින්න හිතුවා

පර්චස් හතරක ඉඩමේ නිවසට යට නොවුන අල්ලක් විතර කොටසේ කඩුල්ලී මල් ගස් ගලවලා වළවළු හිටෙව්වා පහුගිය කාලේ . දැන් එළවළු මිල ගනන් බිංදුවට බැහැලා තියෙන්නේ ඒකයි. අර කාගේද සංකල්පයක් අහලා කඩුල්ලී ගෙදර  මල්පෝච්චිවල ඉදන් එළවළු වැව්වා නිසා මිසක් මේ දවස් වල මහපරිමාන ගොවිපල වලින් බක්මහ වැස්සට කලින් නෙලා ගන්න හිටවන එළවළු වල අස්වැන්න එළවළු වෙළද පලට එන නිසා නෙමෙයි. බක්මහේ මහ වැහි අප්‍රේල්  හත අට වෙන කොට පටන් ගන්නවා. එතකන් ගොවියෝ  බලා ඉන්නේ නෑ.

අපේ පොල් ඇමති මාර ටෝක් එකක් දෙනවා මම අහගෙන රූප පෙට්ටියේ . ඇමති වැඩ බාරගත්තාට පස්සේ රුපියල් හැටට ගිය පොල් විස්සට බැස්සළු. කොහොමද මනුස්සගේ වැඩ. මට එලොවෙ පොල් පෙනුනා දැන් අවුරුද්දෙන් දෙකෙන් පොල් ගස් පීදෙනවා කියලා හිතුනහම.

මේ හවු අස්සේ කඩුල්ලගේ  ඇමරිකාවේ ඉන්න සහෝදරයාගෙන් ලෝක ප්‍රවෘත්ති විග්‍රහයකට සවන් දුන්නා . මෙහේ  (ඇමරිකාවේ) ලංකාවේ වෙන්නේ මොනවද කියලා හිතන්න කෙනෙක් නැහැ. ඒ මිනිස්සුන්ට වෙන වැඩ තියෙනවා. ජිනීවා හුටපටය ගැන එයා කියන්නේ එහෙමයි. ඉන්ධන ගාන නම් ඇමරිකාවේ ඉන්න අපිට තාම වැඩිවුනේ නැහැ කියලා කියාපි. මෙහේ නම් ලෝක වෙළද පලට ගලපන්න තෙල් මිල ඉහල ගිහින් කියලා මම කිවුවා අපේ දේශපාලක ඇත්තන්ගේ විග්‍රහ සාරංශ ඉදිරිපත් කරන ගමන් .  ඉතින් තමුසෙලාට ඇත්තනේ කියලා සහෝදරයා උත්තර බැන්දා.

ජනවාරි  මාසේ දෙවෙනිදා   ඉදන් මාස දෙකකට  දින පොතට අපි ඔක්කොටම ගැලපෙන්න එකතු කරගත්ත දේවල්  ඔන්න ඔහොමයි.  ආයෙත් විවේකයක් හමුවුනාම දිනපොතත් අරන් ලියන ඒවා කියවන්නම්. එතෙක් විරාමයක් හොදේ !.

නොලියවෙන දිනපොත

3 comments on “නොලියවෙන දිනපොත

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )