සර් ! අකමැති බර


කඩුල්ල  සවස් වරුවේ මියගිය අසල්වාසියෙකුගේ අවසන් කටයුතු සදහා සහභාගි වෙන්න ටිකක් වේලාසනින් සුසාන භුමියට ගියා . මිහිදන් කරන්න භුමිය සකස් කරලා සැරසිලි එවර කරලා  සුසානාගාරයේ කෙටි බිත්ති හතර උඩ  වාඩිවෙලා  විස්සක් විසිපහක් බර කතාවක. මළ ගෙදරක් ශෝකාකූල බවක් කතා බහේ නෑ. මියගිය අසල්වාසියාත් සමග සමවයසේ උදවිය පාසල් ගිය හැටි පාසලෙන් බැහැරව ගොවිතැන් බත් කරපු හැටි වලින් පටන් ගත්ත කතාවට අතුරු කතා මැවිලා එදිනෙදා ප්‍රවෘති විමර්ශණයට පත්වෙන්න පටන් ගත්තා. මේ ප්‍රවෘත්ති අතරට එක්වුනේ අපේ පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේ මංත්‍රිවරයෙක් වුන එරාන් වික්‍රමරත්න මහත්තයාගේ කතාවක්.

මම ගෙදර ඇවිත් හොයලා බැළුවා එතුමා මහජන රැස්වීමකදී ද මේ කතාව කියලා තියෙන්නේ කියලා එතුමා  “පාර්ලිමේන්තුවේ විශිෂ්ට සම්ප්‍රදායන් පිළිබඳ ජාතික හමුව 2012” කියන සමුළුවෙදි දිග ඇරලා තියෙන මේ කතාව කොහොමෙන් කොහොම හරි අපේ සහෝදරයොත් දැනගෙන.

එතුමාට පාර්ලිමේන්තු මක්ත්‍රීවරයෙකු හැටියට මාසිකව හම්බුවෙන සොච්චම ජීවත්වෙන්නත් මදිළු. මේ මහත්තයා පාලක පක්‍ෂයට එන්නත් කලින් මෙහෙම කතා කියනවා නම් ආවොත් කොහොම බෙදා ගනීද ?. කියන එකයි සුසානාගාරයේ බිත්ති කන්ඩියේ අවසාන කතාව.

දැනුම් තේරුම් තියෙන අපේ මිත්‍රයෙක් මංත්‍රිවරයෙක්ගේ මාසික ආදායම ඉදිරිපත් කරනවා. රුපියල් 50,000 ක පමණ වැටුපක්‌ද, ඉන්ධන දීමනා ලෙස රුපියල් 18000 ක්‌ ද, රුපියල් 3000 ක දුරකතන , සංග්‍රහ දීමනා ආදී වයෙන් රු. 80,000ක පමණ වැටුපක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හම්බුවෙනවා. මීට අමතරව තීරූබදු රහිත වාහන බලපත්‍රයක් කාර්යාලීය උපකරණ එහෙම ගන්නත් පුළුන් . බිරිදට පෞද්ගලික ලේකම්ගේ වැටුප ගෙවනවා.

ඔය විපක්‍ෂයේ නම් නේ තවත් මිත්‍රයෙක් කතාවට උඩ ගෙඩි දෙනවා.

ආණ්ඩු පක්‍ෂයේ නම් තව වටේ පිටේ ආදායම් එක්ක ………….. ? ප්‍රශ්නාර්තයක් ඇති කරනවා.

මංත්‍රියෙක්ගේ ඇම්බැට්ටයෙක් වන මිත්‍රයෙක් මේ වැටුප පෞද්ගලික අංශයේ විධායක නිලධාරියෙක්ගේ වැටුපට සමාන කරලා මේ වැටුප සොච්චමක් කියලා තර්ක කරනවා.

ඇත්ත තමයි ඒ මනුස්සා තම ආයාතනයේ දියුණුවට වැඩ කරලා නේ ලක්‍ෂයක් දෙකක් ගන්නේ මේ හැත්ත රටට මොනවා කරලාද වැඩි වැටුප් ඉල්ලන්නේ කියලා තවත් මිත්‍රයෙක්ගේ මඩ පාරක් එල්ල වෙනවා.කතාව දැන් දැන් උණුසුම්  බැම්ම වටේ වාඩිවෙලා ඉන්න මිත්‍රයින්ගෙන් නොයෙක් අදහස් ඉදිරිපත් වෙනවා.

මේ යක්කු  අපේ සේවකයෝ කියලානේ ඡන්දේ ඉල්ලන කොට වැදගෙන එන්නේ. මුන් පාර්ලිමේන්තුවට ගිහින් අපිට මොනවද කරන්නේ ? තවත් හඩක් නැගෙනවා. මනුස්සයා තවත් පැහැදිලි කරනවා.මුන් අපේ ඡන්දේ අරන් ගිහින් අනිත් පැත්තේ වාඩිවෙනවා. පාර්ලිමේන්තු දවසටත් පාර්ලිමේන්තුවට එන්නෙත් නෑ. ආපු දවසට ආපන ශාලාවෙන් තුට්ටු දෙකට සුපිරි වේලක් කාලා සාප්පු සවාරි යනවා නෝනලත් එක්ක . ඇතුලට ගියත් අපි වෙනුවෙන් කතා කරපු මගුලක් තියෙනවද? ප්‍රශ්න වැලයි.මේ ඊයේ පෙරේදා තෙල් මිල වැඩිවුනා මේ හැත්ත වචනයක් හොල්ලා තිබුනද ?

ඇයි නැත්තේ ඔය පෙලපාලි යන්නේ සත්‍යග්‍රහ කරන්නේ ? තවත් එක්කෙනෙක් පෝර දානවා.

බම්බුව ? තවත් හඩක්..

ආණ්ඩුවේ ඉන්නේ තොත්ත බබ්බුද ? උන් කලින් ඹ්ක දන්නවනේ ඉතින් කියන්න තිබුනනේ ඹය වැඩේ වැරදි කියලා. කවුද එහෙම කියලා තිබුනේ ?.

ඔව් නේ නම් එකෙක්වත් එහෙම කියලා නෑනේ ! මිත්‍රයෙක් කතාවට තිත  තියන්න හිතාගෙන කියනවා.

සුසානයට දේහය රැගත් පිරිස් රැස්වුයෙන් කතාව අවසානයක් නොමැතිව නතරවි මට තවත් සිතන්නට ඉඩ හැරියේය.

එරාන් වික්‍රමරන්න වැන්නෝ මාධ්‍ය සදහා කරන සාකචඡා මම අසා ඇත්තෙමි .කියවා ඇත්තෙමි.
මෙවැනි වෘත්තිකයන් උත්සාහ කළ යුත්තේ  තම වැටුප වැඩිකරගන්න අදහස් ඉදිරිපත් කරන්නද නැත්නම් ජනතාවගේ ජීවිතය සුඛිත මුදිත කරන්නද යන්න එරාන් වික්‍රමරන්න ට  වත් සිතා ගන්න බැරිවී ඇතැයි කඩුල්ලට සිතිනි.

අපට වෙලා ඇතිදේ මේ අද දිවයින කාටුනයෙන් දැක්වෙන්නේ  මේ අයුරිනි. අනාගතයේ එකිනෙකාගේ දේපල සොරකම් කර බඩ වියත යාන්තමින් පුරවා ගන්නා සමාජයක් බිහිවිය හැකිය. බඩුමිල පාලනය කල නොහැකි නම් ජනතාවගේ ජීවණ තත්වය උසස් කිරීමට ක්‍රම වේදයක් සකසා කටයුතු කිරීම එරාන් වික්‍රමරන්නලා කල යුතු උවත් ඊට පෙර මේ මිනිසුනුත් සැලසුම් කරන්නේත් ,යොජනා ඉදිරිපත් කරන්නනේත්  තම ජීවණ තත්වය උසස් කර ගැණිමට යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීම නම්  කුඹුර මඩවන්න  කොයී හරකත් එකයි යන්න අපට සිතා ගත හැක.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )