ජනතාවගේ කැමත්ත විමසන්න බැරිද ?.


ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා අදහස්‌ විමසීමට සියලු පක්‌ෂ කැඳවීමට තමා බලාපොරොත්තු වන බව ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා (30 දා) අරලියගහ මන්දිරයේ පැවැති විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ප්‍රකාශ කල බව වාර්තාවිය.

උතුරේ ප්‍රශ්නය මගේ හෝ රජයේ පෞද්ගලික ප්‍රශ්නයක්‌ නොවන බවත් එයට විසඳුමක්‌ සෙවීම විපක්‍ෂය, ජනමාධ්‍ය හා සියලු බුද්ධිමතුන් ඇතුළු විවිධ සමාජ ක්‍රියාකාරීන් දායක විය යුතු බවත් එහෙත් අවාසනාවකට මෙන් ඒ සඳහා විවෘත වූ අවකාශයෙන් ප්‍රයෝජනයක්‌ නොගන්නා බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

රජය අනෙකුත් හිතුවක්කාරිව කල යම් යම් කටයුතු සදහා විරුද්ධ මතධාරීන්ගේ අදහස් නොවිමසා කටයුතු කලත් මේ කටයුත්තේදී ඒ සදහා විරුද්ධ පාර්ශවයන්ගෙන් අදහස් විමසීමට යාම රජ්ජුරුවන්ගේ කුඹුර මැද තිබුණු ගල ඉවත් කරන්නට පොරොන්දු වී සති ගණනක් කළු කුකුල් මසින් හා හීනටි හාලෙන් සප්පායම් වූ අන්දරේ අන්තිමට කුඹුරට ගොස් ගල උස්සා පිට මැදින් තිබ්බොත් තමන් එය කුඹුරෙන් ඉවත් කරන බව කීම වැනි කටයුත්තක් යයි චෝදනා නගති.

ජනාධිපතිවරයා  සර්ව පාක්‍ෂික සමුළුවක් කැදවා ඒ තුලින් ඇතිවන අදහස් වලට කන්දීමට සුදානම් බව පවසන විට එක්සත්ජාතික පක්‍ෂය පවසන්නේ  රජය තම ස්ථාවරය ඉදිරිපත් කල විට ඊට ප්‍රතිචාර දීමට තමන් සූදානම් බවකි.ද්‍රවිඩ සංවිධාණය එල්ටීටීය මෙන් කොන්දේසී ඉදිරිපත් කරමින් බෙදුම් වාදී ආකල්පයක් දරනවා.

ඒ දේශපාලන කරලියේ තත්වයයි.

රටේ බහුතර ජනතාවගේ තීන්දුව මේ දේශපාලන පක්‍ෂ නායකයින්ගේ කතා බහින් තීරණය කරන්න බැහැ කියන එකයි කඩුල්ලේ මතය.

ඉන්දියාව උතුර නැගණහිර ට විසදුමක් ලෙස අපට පලාත් සභා ගෙනත් දුන්නේ  බලහත්කාරයෙන්. සබා ප්‍රතික්‍ෂෙප කරපු ප්‍රභාකරන් බෙදුම්වාදය ජයග්‍රහණය කර ගන්න ත්‍රස්තවාදීව කටයුතු කලා.  කාගේවත් හඩකට ඇහුම් කන් නොදුන් රජය ත්‍රස්තවාදය පරාජය කලා. ඒ  පරාජයෙන් පසු අද වන විට දෙමළ ඩයස්පෝරාව වෙනත් මුහුණුවරකින් කටයුත් කරන බවයි පෙනෙන්නේ. ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප පිට පවරා රට දෙකඩ කරවීමට බීජ රෝපනය  කර සංවර්ධණය කල  13 වෙනි ව්‍යවස්ථාවට  වඩා  වැඩි බලයක්‌ ලබාදෙන ලෙස ආණ්‌ඩුවට බල කර සිටින සම්බන්ධන්, සංගරි, පිල්ලෙයාන් ඇතුළු සියලුම දෙමළ  නායකයින්ට උඩ ගෙඩි දෙන්න ඉන්දියාවත් සුදානම් බවක් දක්නට  ලැබෙනවා.

දකුනේ දේශපාලන පක්‍ෂ මේ ප්‍රශ්නයට දක්වන විසදුම් විවිධාකාරයි. ඔවුන් ප්‍රශ්නය විසදීමට වඩා තම ඡන්ද ගොඩ රැක ගැණීමේ උවමනාවත් රජය ගන්නා කොයි තීරණයටත් වීදී බැස රජය පලවා හැරීමේ චේතනාවෙනුත්  කටයුතු කරනවා. රජයට සැබෑ උවමනාවක් තිබුනත් බලයට පීඩා ඇති වේයයි බියෙන්  මේ තත්වයෙන් මිදී ප්‍රශ්ණය අත ගාමින් කල් අරිනවා. මේ විදියට රටට කවදාවමත් විසදුමක් ලැබෙන්නේ  නැහැ.

අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරන කියලා දෙයක් තියෙනවා. ඉතින් ජනතාවට මේ ප්‍රශ්ණය ඉදිරිපත් කරලා අහන්න බැරිද ඔවුන්ගේ කැමැත්ත ?. බහුතර කැමැත්තට විසදුමක් ගත්තොත් පෙරලා රජයට මොනවත් කියන්නත් බැහැ. රට රටවල් වලට මොනවත් කියන්නත් බැහැ. ජනතාවගේ කැමැත්තනේ !.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )