අද ජනවාරි 29 යි.


අද ජනවාරි  29යි.

දිනපොතක් ලියන්න හිතා ගත්තත් ඒක පිලිවෙලකට වෙන දෙයක් නෙමෙයි. 2011 කඩින් කඩ ලිව්වා වගේ 2012 ත් දින පොත කඩින් කඩ ලියවේවි.

අද අවුරුදු 35 කට විතර පස්සේ පාසල් වියේ සගයෙක් මුණ ගැහුණා.ආයෙත් පාසල් යන්න හිතෙන්නේ පාසල් කාලයයේ  සුන්දරත්‍වය පහුරු ගාන කොට. අපි පාසලේ ඉන්න කාලේ ජාතික මට්ටමෙන්  පාසල් නාට්‍ය තරග තිබුනා. ඒවට සුදානම් වෙන්න මධ්‍ය මහා විද්‍යාල වල තිබුනේ හරි උනන්දුවක්.

හොරණ තක්‍ෂිලාව., හොරණ විද්‍යාරත්නය මේ නාට්‍ය උලෙලවල් වල කැපී පෙනෙන පාසල් වුනා.  තක්‍ෂිලාවේ අල කලංචිය , විද්‍යාරත්නයේ” සුදු ඇතා ආවට පස්සේ “, “ආඩි ටිකයි අම්බලමයි ’ ජාතික මට්ටමේ සාකච්චා වුන නාට්‍ය බවට පත්වුනා. මේ නාට්‍ය වලින් බිහිවු නළු නිලියෝ අද නාට්‍ය ක්‍ෂෙත්‍රයේ ටෙලි නාට්‍ය , චිත්‍රපටි ක්‍ෂෙත්‍රයේ දැවැන්තයෝ බවට පත්වෙලා ඉන්නවා. එයාලගේ දරුවොත් දෙවෙනි පරම්පරාවේ චරිතවෙලා කැපී පෙනෙනවා. අද පාසල් වල එවැනි සෞන්දර්යාත්මක ක්‍රියාන්විත නැහැ.

ඒවට දරුවෝ එකතු වෙන්නේ කොහොමද , දෙක තුන වසරේ ඉදන් දරුවෝ උදේට පාසලෙන් නිදහස් අධ්‍යාපනයත් හවසටත්  සති අන්තවලත් ටියුෂන් කඩෙත් අධ්‍යාපනය ලබා ගෙන  පහ වසරේ ඉදන් විභාග වලටම සුදානම් වෙන කොට. අම්මලා තාත්තලා දරුවෝ සුදානම් කරන්නේ මේ විභාගවලට විතරයි. ලොකු මහත් වලා සමාජයට ආවම මේ දරුවෝ කරකවලා අත ඇරියා වගෙයි. වැඩ කරන්නේ කම්පියුටර්ස් වගෙයි. දීලා තියෙන දත්ත වලින් පිටතට කිසිම කටයුත්තක් නැහැ.

සමාජය  සංස්කෘතිය සලකන්නේ නැහැ. වැඩිහිටියෝ අදුනන්නේ නැහැ. ආදරය කරුනාව හදුනන්නේ නෑ. මේ සිතිවිලි  – කතා අස්සට නස්රුදීන්ගේ කතාවක් ඇදිලා ආවා  ආදී මිත්‍රයාගෙන්.

උඹ දන්නවද නස්රුදීන් ?.

මමත් නස්රුදීන් ප්‍රිය කරන චරිතයක්.  මම අහගෙන ඉන්නව.

ඔන්න දවසක් නස්‌රුදීන් හමුවෙන්න ආවා. මහාචාර්ය කෙනෙක්. මේ මහාචාර්යතුමා ඇවිත් නස්රුදීන්ට තමන්ව හදුන්වා දුන්නා මම භෞතිකවාදියෙක් කියලා‌. මම ශාස්ත්‍රය පිලිබද කෙල පැමිණියෙක්.

මට මතක් වුනේ කැළණියේ ආචාර්ය තුමා. එතුමා තමන්ගේ ගෝලයෝ ටිකත් එක්ක අනාගෙන. මම අතුරු කතාවකට ආවා.

නෑ මචං .,  ගුත්තිලටත් හිටියානේ මුසිල වගේ ගෝලයෝ  කියලා අතීත කතිකාවකට සමාන කරපු මිත්‍රයා නස්රුදීන් හමුවෙන්න ආපු මහාචාර්ය තුමා ගේ කතාවට ආයෙත් පීල්ල මාරුකලා.මේ මහාචාර්ය තුමා නව සොයාගැණිමක් කරගෙන. මොකක්ද දන්නවද ?  ලෝකේ නිර්මාණය වුන හැටි.

මම ඇහුවා මිත්‍රයා ගෙන් ආකිමීඩිස් වගේද නස්රුදීන් ගාවට මහාචාර්ය තුමා දුවගෙන ආවේ කියලා?.

පිස්සුද මචං… මේ යෝධයා අවුරුදු ගානකින් නාලවත් නැති එකේ ඒ වගේ එන්නේ කොහොමද ?.  කියන ගමන් ලෝකේ හැදුන හැටි ගින්දර සුළඟ හා වාතය වැනි දේවල් එකට එකතුවෙලා නේ ලෝකේ හැදුනේ  ! . මහාචාර්ය තුමාගේ මතය කිව්වා.

මේ අදහසට නස්‌රුදීන් කෙහොමවත්  එකඟ වුණේ නෑ. ඒත් මහාචාර්තුමාගේ තර්ක විතර්ක න්‍යායන් ඉදිරිපත් කිරීමේ සීමාවක් කෙලවරක් නෑ තමන්ගේ මතය තහවුරු කරදෙන්න.අන්තිමේ මේ කරදරය ඉවර කරන්න බැරිම තැන මහාචාර්තුමාගේ කණට කරල නස්රුදීන් මෙහෙම කිව්වා.

“ඈ මෝඩයො උඹට තාම තේරෙන්නෙ නැද්ද? මොනව හරි හදන්න ගත්ත දේවල් නෙවෙයිනේ හැදුනට පස්‌සෙ තියෙන්නෙ.”

මහචාර්යතුමා නිහඩ වුනා. නස්රුදීන් බුරුවා පිටේ නැගලා යන්න ගියා.

මගේ මිත්‍රයා මේ කතාව කිව්වේ මහාචාර්ය ආචාර්යවරු ඉන්න තැනක තම දියණිය දේශකයෙක් වෙලා පත්වීමක් අරගෙන ඇවිත් නතර කරලා යන ගමන් අවුරුදු තිස්පහකට විතර ඉස්සර අවසාන වරට මුණගැසුන කඩුල්ල සොයාගෙන ඇවිත් සාමිචියක යෙදෙන අතර. ආචාර්ය මහාචාර්යවරු නොවුන පාපයෙන් කඩුල්ල ජීවිතේ හැරවුම් ලක්‍ෂයකින් අංශක 90ක් හරවා ගෙන වර්තමාන ජීවිතයට හුරුවුන හැටි මිත්‍රයාට සුරංගනා කතාවක් වුනත් අවුරුදු තිස්පහකට පස්සේ ජීවිතේ සැදෑ සමයට පත් අපි කවුරුත් ඉන්නේ එකම තැන බව පවසලා කඩුල්ලෙන් මිත්‍රයා සමුගත්තේ   ආයෙත් හමුවන්න එන බව පවසමින්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )