මේ කරන ව්‍යායාමයට ජයවේවා.!


සබරගමුවේ සිසුන්ට ඇප


සබරගමු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක වෛද්‍ය සංජීව ප්‍රසාද් ජයවීර මහතාගේ නිල නිවසට හා වාහනයට පහරදී අලාභ සිදුකිරීමේ චෝදනාව මත රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි සිසුහු පස්‌ දෙනා (17 වැනිදා) ඊයේ දින බළන්ගොඩ මහෙස්‌ත්‍රාත් හා දිසා විනිසුරු අරුණි ආටිගල මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලැබූහ.

ඉන්පසුව හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවක්‌ තබා එහිදී හඳුනාගත් සිසුන් පස්‌ දෙනාට එක්‌ අයකුට රුපියල් ලක්‍ෂයක්‌ බැගින් ඇප මත මුදාහැරීමට නියෝග කරන ලදී.

මෙසේ ඇපමත මුදාහරිනු ලැබූ ආර්. එම්. ඩී. හේමාල් රණසිංහ, එම්. එන්. එම්. නලීන් නිරෝෂන්, එම්. ආර්. නිරෝෂන්, සම්පත් චන්ද්‍රසේන, ඩී. කේ. චරිත් අමිල දිසානායක, කේ. ඒ. ඩී. සම්පත් තිළිණ යන පස්‌ දෙනාට ලබන ජුනි 5 දා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද විනිසුරුවරිය නියෝග කළාය.

මෙයට අමතරව සෑම මාසයකම අවසන් ඉරිදා සමනළ වැව පොලිස්‌ මුරපලට වාර්තා කර අත්සන් තබන ලෙසද නියෝග කෙරිණි.


බළන්ගොඩ – එන්. එච්. පියසේන –  දිවයින
අපේ සරසවි සිසුන් නොකරන්නේ එකම දෙයකි.

අන් හැම සමාජ සත් කාර්ය්‍යන් සියල්ලටම අත හිත දෙමින්  යහපත් සමාජයක් නිර්මාණය කිරීම සදහා දිවි පරදුවට තබා කටයුතු කරති. මෙවන්  සරසවි සිසු පරපුරක් අපට සිටීම සම්පතකි. මෙවන් සිසු පරපුරක් ජාතියට දායාද කල මව් පියන් නිතර නිතර සිහිපත් කිරීම ජාතියේ පිනකි.

වර්තමාණය වන විට සියළු විපක්‍ෂ දේශපාලන පක්‍ෂ දේශපාලනය තුල නිදා වැටෙමින් සිටිති. ජීවයකින් පිරී තිබු ජනතා විමුක්ති පෙරමුණද දේශපාලන හා විප්ලව කණ්ඩායම් දෙකකට වී විප්ලව කණ්ඩායම පමණක් පණක් ඇති බව රටටම පෙන්වමින් සිටී.

විප්ලව කණ්ඩායම ජීවය පෙන්වන්නේ සරසවි සිසුන් මහ මගට ගෙන්වා ගමිනි. වැඩබිම තුල අයිතිවාසිකම් සදහා සටන් කරමිනි.

ජපුර සරසවියේ සිසු ස්මාරකයට නිවටයෝ බෝම්බ තිබු විට අරලිය ගහ මණ්දීරයටම අවනඩුව කියන්නට මොහොතකින් වීදී බැස්ස අපේ විරු දරුවෝ  සබරගමුවේ සරසවි ඇදුරෙකුට ඇට්ටි හැලෙන්න ගල් මුල් වලින් පහර දෙමින් තම වීරෝධාර හා සටන් කාමීත්‍වය පෙන්වනු ලැබිණි. මේ සියල්ලම කර අධිකරණය හමුවේ වීරෝධාර  තරුණයන් මෙන් පෙනී සිටිමින් සෑම මසකම අවසන් ඉරිදා පොලිසියේ සිංහ පැටව් මෙන් පෙනීසිටිමින් විශ්ව විද්‍යාල වරම අළුයම ළු කෙල පිඩක් මෙන් බැහැර කරති.

කෙතරම් ආඩම්බරයක්ද ? මේ සියළු පරිත්‍යාග කරන්නේ අනාගත සිසු පරිසරයේ උණ්නතියට බව නොසිතන්නේ නම් මේ දරුවන්ගේ කාලකණ්නිකමකි. අවාසනාවකි..

උපාධිය ලංකාවේ විකිනෙන්නේ නොවැදගත් දෙයක් ලෙස නොමිලේය.නොමිලයේ දෙන දෙයක වටිනාකමක් ඇත්ද ?.

මේ නොමිලේ දෙන උපාධියට අපේ වැසියන් උපයන සැම සතයෙන්ම සෘජු සහ වක්‍ර බදු ලෙස අයකරගන්නා නැත්නම් සූරා ගන්නා ඒත් නැත්නම් මංකොල්ලා කා ගන්නා 70% ක් පමණ බදු මුදලින් සොච්චමක් අයත් වන බව මේ දරුවන් හට කියා දෙන්නට කෙනෙක් නැත. දරුවන්ට  වැටහෙන්නේ ද නැත. ඉස්සර මධ්‍යම පාන්තිකයන් කියා ගන්නා දෙමව්පියන් ගේ සරසවි වරම් ලැබු දරුවන්  පේරාදෙණියට යවන්න ඉඩකඩම් උකස් තිබ්බත් විකුන්නත් දැන් දැන් මේ පන්තිය තම දරුවන් හට පිටරට උපාධියක් ලබා දීම  තකා ඒ දේ කරන්නේ  සරසවි  විරු දරුවන්ගේ ක්‍රියා කලාපයට ඇති ඊෂ්‍යාව නිසාද යන්න තේරෙන්නේ නැත.   පිටරට උපාධියට පෞද්ගලික අංශය හොද මිලක් ගෙවන  බව හදුනාගෙනද යන්න හිතාගන්න බැරිය. අපේ උපාධිය පෞද්ගලික අංශය ප්‍රතික්‍ෂෙප කරන බව හදුනා ගෙන ඇතිදෑයි සැකයක්ද ඇත .

සරසවි සිසු දරුවන් ජාතිය අවදි කරලිම සදහා මේ කරන ව්‍යායාමයට ජයවේවා!.  ඒ දරුවන් නොකරන එකම දෙය  කර ගැණිමට සියළු දෙවි දේවතාවුන් විසින් ඔවුන් දැනුවත් කෙරෙත්වා !.  රැකවරණත් ආශිර්වාදයත්  ඇති වේවා!.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )