රෝහන විජේවීරයන්ට ජවිපෙ බුහුමන්.


ඇතුල්කෝට්ටේ සාරනන්ද හිමි. දිවයින පත්‍රයෙනි

කලක් බොරැල්ල කනත්ත භාරකරුව සිට පසුකලෙක  පැවිදි දිවියට ඇතුලත්ව  සිටින ඇතුල්කෝට්‌ටේ සාරානන්ද හිමියන් විසින්  2012 ජනවාරි 01දින දිවයින පුවත්පතේ පලවන විශේෂාංගකට මෙසේ පවසනවා.

“……………..දවසක්‌ නෝනයි මමයි කතා කර කර ඉන්නකොට මම කිව්වා මට මහණ වෙන්න ඕනා කියලා. එයාත් කැමැති වුණා. මම හැම දෙයකින්ම නිදහස්‌ වුණාට එක රහසක්‌ මගේ හිතේ රිදුම් දුන්නා. ඒ තමයි රෝහණ විජේවීර සහෝදරයාගේ මිනී අළු මුට්‌ටිය සඟවපු තැන එතකොට දන්නේ මම විතරයි. ඉතිං ඒ රහසත් අරගෙන මගේ හිත නිදහස්‌ කර ගන්න යන්න බැහැනේ. පස්‌සේ මම ආරණ්‍යයට යන්න දින කිහිපයකට පෙර බත්තරමුල්ලේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයට ගිහින් කිව්වා රෝහණ විජේවීර සහෝදරයාගේ මිනී අළු මුට්‌ටිය තියෙන තැන දන්නේ මම විතරයි. මම තමයි ඒ අළු ටික සුරක්‌ෂිතව සඟවලා තිබ්බේ ඔයාලා කැමතිද ඒක දැනගන්න කියලා.

“කොච්චර දෙයක්‌ද මහත්තයා. අළු ටිකවත් තියෙනවා නම්. අපි හිතුවේ ඒ ටිකත් නැතුව ඇති කියලා. මටත් ස්‌තූති කරලා ඒ සහෝදරවරු මගෙන් ඒ සම්බන්ධව විස්‌තරත් ඇහුවා. මම කිසිවක්‌ නොසඟවා හැම දේම ඒ අයට කිව්වා. මිනී අළු ගන්න උසාවි නියෝගයක්‌ ඕනැ නැහැ. නමුත් විජේවීර සහෝදරයාගේ මිනී අළු ටික ගන්න උසාවි නියෝගයක්‌ ඕනා. උසාවි නියෝගයක්‌ ගන්න ආකාරයත් මම ඒ අයට පැහැදිලි කර දුන්නා. බොරැල්ල කනත්තට ඒ අයට එන්න කියලා විජේවීර සහෝදරයාගේ අළු මුට්‌ටිය වළ දාලා තියෙන තැනත් මම පෙන්නුවා. මේ සිද්ධිය වෙලා දැන් අවුරුදු ගාණක්‌ වෙනවා. නමුත් මම දන්න විදිහට ඒ අළු මුට්‌ටිය ගන්න ජවිපෙ වර්තමාන සහෝදරවරු කිසිම කෙනෙක්‌ බොරැල්ල කනත්තට ගිහිල්ලා නැහැ. විජේවීර සහෝදරයාගේ භෂ්මවාශේෂ ටික තවමත් සුරක්‍ෂිතව තියෙන බව තමයි මට නම් දැනගන්න තියෙන්නේ. මට හිතෙන විදිහට රෝහණ විජේවීර සහෝදරයාගේ මිනී අළුවලින් වර්තමාන ජවිපෙ නායකයන්ට වැඩක්‌ නැතිව ඇති. මේ මම කියන දේ කාටත් පොදුයි. අද්දැකීමෙන් කියන්නේ. කෙනෙක්‌ මැරුණාහම කවුරු කොහොම දුක්‌ වුණත් ඒ මොහොතකට හෝ දින කිහිපයකට පමණයි. නැතුව පණපිටින් ඉන්න අය හැමදාම මැරිච්ච අය ගැන හිතන්නේ නැහැ……………………………….”

කඩුල්ල ජවිපෙය හෝ රෝහන විජේවීර ගේ දේශපාලන මතවාද අනුමත කරන්නෙක් නොවේ. එහෙත් රෝහන විජේවීර ගැන කුමක් අදහස් කලත්  ඔහු මියගියේ අප වෙනුවෙන් යයි කඩුල්ල සිතන්නෙක්.චේ ගුවේරා අදත් ජත්‍යන්තරව සාකච්ඡාවට බදුන් වන විප්ලවවාදියෙකි. ඔහුගේ කියුබාවේ ගෞරවණිය ලෙස මිහිදන් කලේ මෑතකදීයි. රෝහන විජේවීර දේශීය ධනපති දේශපාලකයින්ගේ මනස   වෙනස් මගක‍ට යොමු කිරීමට සමාජ කම්පනයක් ඇති කිරීමට නායකත්‍චය ගත්  සමාජවාදී ක්‍රියාධරයෙක්. 1971 සහ 1989 කැරළි වලින් සිදුකල  කම්පනය  පසු කලක අපේ සමාජයට  කිසියම්  සේවයක් සැලස්වීමට හේතුවු  බීජ රෝපනය කල බව පිලිගතයුත්තක්.

රෝහන විජේවීරයන් ඉතාමත් අමානුෂික ලෙස සහ කෘර මරණයට පත්කලද එකල පැවති රජය විජේවීර පවුලේ සාමාජිකයින්ට දුන් රැකවරණය ඇතුල්කෝට්‌ටේ සාරානන්ද හිමියන් විසින්  පවසන කතාව හා සසදන විට විශිෂ්ඨ කටයුත්තක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )