පැත්තකින්

ගිය අවුරුද්දෙත් දින පොත ලියන්න හිතා ගෙන ජනවාරි මාසෙ මුලම පොත දිගඇරගත්තා. එත් දිනපතාම සටහන් කරන්න දේවල් ඇතිවුනත් දිනපොත දිගටම ලියන්න බැරිවුනා. එහෙන් මෙහෙන් ලිව්ව දින පොතේ හිස් පිටු හතරෙන් තුනකට වැඩියි.
අපි කවුරුත් හිතාගෙන ඉන්න ඒවා ඒ විදියටදිගටම කරගන යන්න බැරිවෙනවනේ. මේ අවුරුද්දෙත් උත්සහාකරලා බලමු.දිනපතාම දින පොතේ පිටු වලට සටහන් එකතු කරන්න. පරණ අවුරුද්දේ දින කිහිපයකට ඉස්සෙල්ලා සිද්ධවුන දේවල් මේ අවුරුද්දේ මුලටම සටහන් කරන්න කඩුල්ලට උවමනාවක් තියෙනවා. කඩුල්ලගේ ‍කැමැත්තට ඔයාලා තරහා නැහැනේ.
විසි නවවෙනිදා කඩුල්ලගේ එකම දෝණියන්දෑ සිගිත්තෙක් බලාපොරොත්තුව රෝහලේ . කඩුල්ලටත් දවස පුරාවටම සියළු වේදනා දැනෙන්න පටන් ගත්තා. අළුත් අවුරුද්ද සොදුරු උද්ඝෝෂකයෙක් සමග .
ගිය අවුරුද්දෙත් දින පොත ලියන්න හිතා ගෙන ජනවාරි මාසෙ මුලම පොත දිගඇරගත්තා. එත් දිනපතාම සටහන් කරන්න දේවල් ඇතිවුනත් දිනපොත දිගටම ලියන්න බැරිවුනා. එහෙන් මෙහෙන් ලිව්ව දින පොතේ හිස් පිටු හතරෙන් තුනකට වැඩියි.
අපි කවුරුත් හිතාගෙන ඉන්න ඒවා ඒ විදියටදිගටම කරගන යන්න බැරිවෙනවනේ. මේ අවුරුද්දෙත් උත්සහාකරලා බලමු.දිනපතාම දින පොතේ පිටු වලට සටහන් එකතු කරන්න. පරණ අවුරුද්දේ දින කිහිපයකට ඉස්සෙල්ලා සිද්ධවුන දේවල් මේ අවුරුද්දේ මුලටම සටහන් කරන්න කඩුල්ලට උවමනාවක් තියෙනවා. කඩුල්ලගේ ‍කැමැත්තට ඔයාලා තරහා නැහැනේ.
විසි නවවෙනිදා කඩුල්ලගේ එකම දෝණියන්දෑ සිගිත්තෙක් බලාපොරොත්තුව රෝහලේ . කඩුල්ලටත් දවස පුරාවටම සියළු වේදනා දැනෙන්න පටන් ගත්තා. ඉරු අවරට යන්න සුදානම්ව හෝරා දෙකක් ගතවෙද්දී මානසික ශාරීරික පීඩනයන්ගෙන් මිදී කඩුල්ලට කදුළු කඩා හැලෙන්න පටන් ගත්තා.
දැන් කඩුල්ලයි කඩුල්ලියි පුංචි මුණුපුරෙක්ගේ හිමිකාරයෝ .


අළුත් අවුරුද්ද උදාවුනේ පුංචි මුණුපුරාත් එක්ක දෝණියන්දෑ රෝහලෙන් ගෙදරට සංක්‍රාන්ති වීමෙන්. ජනවාරි මාසෙට ආදේශ කරන්න අපහසු වුනත් කඩුල්ලට නම් අවුරුදු කුමාරයා ‍ගෙදරට නවතින්නා ආවා වාගේ සතුටක් ඇතිවෙලා.
කඩුල්ලිටත් දැන් ජයටම වැඩ. දවල් දවසේ සනීපෙට නිදා ගන්න පුංචි මුණුපුරා දුරුත්තේ සීතල දරා ගන්න බැරිව රෑ එළි වෙනකම් ඇහැ ඇර ගෙන. ලිප්ටන් වට රවුමට රැස්වන අය වගේ දියව් !. නොකියා උද්ඝොෂනය කරනවා. අම්මාගේ උණුසුමයි කිරියි ඉල්ලලා. ආතම්මාට “ නයිට් ඩියුටි”.දාගෙන මුණුපුරාත් එක්ක රාජකාරි කරන්න වෙලා. විශ්රායම පුර්ව නිවාඩු ගත්ත ආතම්මාවුන කඩුල්ලී මේ අනුව ජනවාරි පලවෙනිදා ඉදන් බරපතල රාජකාරිකට අනියුක්ත වුනා.
ඔන්න ඔහොමයි කඩුල්ලට අවුරුද්ද පටන් ගත්තේ !. පුංචි එකත් එක්ක මේ අවුරුද්දේ ඉදන් මෙතෙක් නොගිය සොදුරු ගමනක් යන්න පුළුවන් කියලා හිතෙට දැනෙන කොට හිතේ ඇතිවන සතුට තාම ලියා ගන්න බැහැ. දිනපොතේ මේ ආශ්වාදණිය අත්දැකීම් තැනින් තැන ලියවේවී.අපි කියවමු.
ඉරු අවරට යන්න සුදානම්ව හෝරා දෙකක් ගතවෙද්දී මානසික ශාරීරික පීඩනයන්ගෙන් මිදී කඩුල්ලට කදුළු කඩා හැලෙන්න පටන් ගත්තා.
දැන් කඩුල්ලයි කඩුල්ලියි පුංචි මුණුපුරෙක්ගේ හිමිකාරයෝ .
අළුත් අවුරුද්ද උදාවුනේ පුංචි මුණුපුරාත් එක්ක දෝණියන්දෑ රෝහලෙන් ගෙදරට සංක්රාමන්ති වීමෙන්. ජනවාරි මාසෙට ආදේශ කරන්න අපහසු වුනත් කඩුල්ලට නම් අවුරුදු කුමාරයා ‍ගෙදරට නවතින්නා ආවා වාගේ සතුටක් ඇතිවෙලා.
කඩුල්ලිටත් දැන් ජයටම වැඩ. දවල් දවසේ සනීපෙට නිදා ගන්න පුංචි මුණුපුරා දුරුත්තේ සීතල දරා ගන්න බැරිව රෑ එළි වෙනකම් ඇහැ ඇර ගෙන. ලිප්ටන් වට රවුමට රැස්වන අය වගේ දියව් !. නොකියා උද්ඝොෂනය කරනවා. අම්මාගේ උණුසුමයි කිරියි ඉල්ලලා. ආතම්මාට “ නයිට් ඩියුටි”.දාගෙන මුණුපුරාත් එක්ක රාජකාරි කරන්න වෙලා. විශ්රායම පුර්ව නිවාඩු ගත්ත ආතම්මාවුන කඩුල්ලී මේ අනුව ජනවාරි පලවෙනිදා ඉදන් බරපතල රාජකාරිකට අනියුක්ත වුනා.
ඔන්න ඔහොමයි කඩුල්ලට අවුරුද්ද පටන් ගත්තේ !. පුංචි එකත් එක්ක මේ අවුරුද්දේ ඉදන් මෙතෙක් නොගිය සොදුරු ගමනක් යන්න පුළුවන් කියලා හිතෙට දැනෙන කොට හිතේ ඇතිවන සතුට තාම ලියා ගන්න බැහැ. දිනපොතේ මේ ආශ්වාදණිය අත්දැකීම් තැනින් තැන ලියවේවී.අපි කියවමු.

අළුත් අවුරුද්ද සොදුරු උද්ඝෝෂකයෙක් සමග .

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )