අපේ නත්තල .


ශ්‍රී ලාංකීකයෝ බහුතරය බෞද්ධ ආගමිකයෝය.  දෙවැන්නට  බහුතරය  වන්නේ කතෝලික  ආගමිකයන්ය. ක්‍රි. ව. 1542 පෘතුගාලයේ ෆ‍්‍රැන්සිස්කන් නිකායට අයත් පූජකවරුන් මෙරටට ගෙන්වා ලංකාවේ මුහුදුබඩ පළාත්වල කතෝලික ධර්මය ප්‍රථම වතාවට ප්‍රචාරය කරන්නට යෙදුණි. බෞද්ධ  සහ කතෝලික  යන ආගම් දෙකෙන්ම අප රටේ සංස්කෘතිය, දේශපාලනය, භාෂාව හා කලාව, සාහිත්‍ය නිර්මාණ, ගෘහ නිර්මාණ ශිල්පය තීරණාත්මකව වෙනස් කිරීමට හේතු විය. ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවස දේවානම් පියතිස්ස රාජ්‍ය සමයේ මෙරටට පැමිණි බුද්ධාගම සහ 1542දී මෙරටට ආ කතොලික ආගමේද බලපෑම අප රටතුල  සිදුවූ මහා විපර්යාසය තවමත් අවසන් නොවී ගලා යමින් පවතින්නේය.

ආගමික බලපෑම අප සමාජයේ  පරපුරෙන් පරපුරට යුගයෙන් යුගයට වෙනසක් නැතුව අද දක්වා ම පැවත ගෙන එයි. අප තිඹරිගෙයි සිට මරණ මංඤ්ඤකය දක්වා අප සමග සෙවනැල්ලක් මෙන් අප අදහන ආගමද  අපගේ පිටුපසින් ගමන් කරයි.

පෘතුගීසින් කතෝලික දහම ව්‍යාප්ත කිරීම සඳහා කොළඹ ප්‍රධාන කර ගෙන  දේවස්ථාන ඉදිකර ඇති අතර මෙරට පුරවැසියන් තුන්දහසක් පමන  කතෝලික ආගම වැළඳගෙන ඇති බව මුල් යුගයෙ කතොලික ආගම පිලිබද හමුවන තොරතුරු වලින් හෙලිවේ.

ක්‍රමයෙන් මෙරට පැලපදියම්වු   කතෝලික ආගම හත්වැනි බුවනෙකබාහු රජතුමාගේ මුණුබුරු ධර්මපාල කුමාරයා කතෝලික ධර්මය වැළඳ ගත් විට ශ්‍රී ලාංකීය රජවාසල දක්වා පැතිරී එකල කතෝලික ආගමට  කිරුළු පලඳවන්නට ද පෘතුගීසීන් සමත්විය.  එකල කතෝලික ආගම විශාල ලෙසම ව්‍යාප්තිය සිදු ව ඇත්තේ වත්තල, ජාඇල, කටුනායක, මීගමුව ආදි කොළඹට උතුර යන ප්‍රදේශවල ය.

පෘතුගීසීන්ගේ සමයේ  කොළඹ සිට දෙවුන්දර දක්වා දේවස්ථාන 40 ක්ද  කොළඹ කොටුව ඇතුළත දේවස්ථාන 16 ක් ද ඉදිකැර ඇති බවට සඳහන් වේ. සාන්ත ලෝරන්ස් මුනිතුමා  කොළඹ නගරයේ ආරක්ෂකයාණන් හැටියට සලකන අතර  සාන්ත ලෝරන්ස් මුනිතුමාට කැප වූ පැරැණි ම කතෝලික දේවස්ථානය  බ්‍රේක්වෝටර් බැම්මේ පහළ කොටසේ පිහිටුවා ඇත.   මෝදර ස්නාවක ජුවාම් තුමාට කැපකළ දර්ශනීය දෙව් මැඳුරක් ද ඉදිකොට තිබිණි. ඩොමිනික් පියවරුන්ගේ දේවස්ථාන පෙදෙස ඩොමිනික් වීදිය යනුවෙන් එදා හැඳින්විය. මිලාගිරියේ ද කතෝලික දෙව් මැඳුරකි. එය දැනටත් දැකිය හැකි ය. කෝට්ටේ මාලිගාව අසල වූ දෙව් මැඳුරකි.

පසුකාලීනව විවිධ නිකායවලට අයත් කතෝලික ආගම් කොටස් (නිකායන්) බිහි විය. ෆ‍්‍රැන්සිස්කන්, ජෙසුයිට්, ඩොමිනිකන්, ඔගස්ටීනියන් යනුවෙන් ඒවා නම් කැර තුබු අතර එක් එක් නිකායවල පූජකවරු එම නිකාය ප්‍රචාරය කළහ. බෞද්ධාගමේද මේ ලක්‍ෂන දක්නට ඇත. මුලික මහායාන හීනයාන ලෙස වෙන් කල දක්වන අතර දේශීයව සියම් අමරපුර රාමඤ්ඤ යන නිකායකට බෙදී යලිත් එක් එක් පාර්ශවයන්ට හිමිවරුන් බෙදී ඇත. එහෙත් බෞද්ධාගම එකම දහමක් ලෙස කවුරුත් අනුගමනය කරන්නේය. .

මුල් යුගයේ දී විශේෂයෙන් නම සඳහන් වන කැපී පෙනෙන ආගමික වැඩ කොටස් කළ ජුසේ වාස් පියතුමාගේ ශ්‍රී නාමය අදත් බැතිබරව සිහිපත් කරන්නේය.

මෙලෙසට ඇරැඹි කිතු දහම රටේ අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත ව දේශීය සංස්කෘතික අංග සමග එක්ව වැඩෙන්නට විය. එමෙන්ම විදේශීය සම්ප්‍රදායන් අනුව විශේෂිත ආගමික දින , සුවිශේෂ ආගමික උතුමන් සඳහා කැප කළ දෙව් මැඳුරු, නත්තල් උත්සවය,  නත්තලට එක්වු කැරොල් ගී, සැරැසිලි, සුබ පැතුම් පත් ආදිය විශේෂාංග ද ආගමික අංශයේ ඇදහිලි පුද පූජාද දේවස්ථානවල මංගල්‍යය ආදිය ද අප රටේ සංස්කෘතිය හා එක්ව දළු ලා වැඩී ස්ථාවර විය.

කතෝලික ආගම නිසා අපේ රටේ අධ්‍යාපනය , ඉදිකිරීම් ක්‍ෂෙත්‍රයේ නිර්මාණශිලීත්‍වය , ඇඳුම් පැලඳුම්, සංස්කෘතික උත්සව ආදිය කතොලික ආගමට ඇති හුරුවෙන් පෝෂණය ලැබුවේ ය. මෙයට අමතර සිංහල ලේඛන කලාවට ද කිතු ආගම බල පෑවේ ය. ඒ අනුව කතෝලික සාහිත්‍යයක් නිර්මාණය විය. ලතින් බසින් ලියැවී තුබුණු දේව පණිවිඩය කතෝලික ආගමික තොරතුරු ඇතුළත් පොත සිංහල භාෂාවෙන් ලිවීමට මුල් වූයේ ජාකොබ් ගොන්සල්වේස් පියතුමාය. ජාකොබ් ගොන්සල්වේස් පියතුමා මෙරට සිංහල ගුණ රුව දෙක ම මැනැවින් රැක ගත් ගීතිකා සාහිත්‍යයක් ගොඩ නැංවීමටද මුල්විය.

අප රටට පෘතුගීසින් මින් වසර පන්සියයකට පෙර ගෙන ආ කතෝලික ධර්මය අද වන විට සිංහල, දමිළ හා වෙනත් ජාතික ලාංකික විශාල ජන කොටසක් අදහති. එයින් සැනැසෙති. ස්වර්ගය අපේක්ෂා කරති. එබැවින් කිතු දහම ශ්‍රී ලාංකික ජන සමාජයේ වැදගත් ම ඇදහීමක් බවට පත් වී හමාරය.

අපට සාමය සැනසීම උදාකල ස්වාමී දරුවෝ අප රටට ආ අන්දම ආශිර්වාදයෙන් යුතුව මේ නත්තලේ දී සිහිපත් කල යුතුය. අහෝ දෙවිදුනි !

මට අනුකම්පා කළ මැනව
මම ඔබ සරණ පතමි
විපත් කුණාටුව පහවී යනතෙක්
ඔබ පියාපත් සෙවණෙහි
මම රැකවරණය පතමි…………

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )