මහානායක හාමුදුරුවරුනේ,


මහානායක හාමුදුරුවරුනේ,

අප ඔබ වහන්සේලා ගැන අහන අළුත්ම නිව්ස් කෑල්ල හැට හැත්තෑවක් වු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයවත් ඔබ වහන්සේලාගේ ඉල්ලීම තඹයකටවත් ගණන් නොගෙන යලිත් රණිල් වික්‍රමසිංහ මහතාම එජාප නායකයා ලෙස පත් කර ගැණිමය.

අපේ උන්නැහේලාට  හාමුදුරුවන්ගේ ගෞරුත්‍වය බෞද්ධාගමේ ගරුත‍්වය ආදියෙන් පලක් නැත. උන්නැහේලාත් සිතන්නේ හාමුදුරුවන්ට කියා හෝ පබ්ලිසිටියක් දුන්නාම වැඩේ හරි කියාය. බුදුහාමුදුරුවෝ හිටියා නම් එතන්නටත් දුවන්න මේ උන්නැහේලාට හැකියාව ඇත.ලැජ්ජාව නැත.  මේ උන්නහැගේ හිතන්නේ වැඩේ වැරදෙන්න එනකොට මාධ්‍ය කට්ටියත් එක්ක ගොස් පඩුරුපාක්කුඩම් පිලිගන්නා නිව්ස් වලින් ෆර්ස්ට් එකට දුන්නාම රනිල් ගොස් කරු එන බවය. සරත් ෆොන්සේකා ගෙදර විත් මහින්ද කුඩුවට යන බවය.   ඔබවහන්සේලාත් අනාගත සිහින මවමින් ඒ ඒ කට්ටියට ගැලපෙන තරමින් ප්‍රකාශ නිකුත් කරන්නේය.

මේ ප්‍රකාශ දෙක තුනක් එකතු කර නැවත බලපුවහම  අම්මපා ………..මේ ඔබවහන්සේලා වැඩ ඉන්නේ 134 මාර්ග අංකයට බස් දුවන පාරක පන්සලකදැයි අපට සිතෙන්නේය.

දැන්වත් ඇස් අර බලා බෞද්ධ ශාසනේ ගරුත්‍වය රැකෙන පරිදි දේශපාල උන්නැහේලාට ජයවන පරිද්දෙන් නොව ගිහියන්වු අපට සසර මග කෙටිකරගන්න අනුශාසනා කර ඔබ වහන්සේලාගේ ගරුත්‍වයත් බෞද්ධ ගිහියන්වු අපේ ගරුත්‍වයත් ආරක්‍ෂාවන පරිදි විහාරරාම වලට වී වැඩවාසය කරනු මැනවි..

ඔබ වහන්සේලාගේ අනුග්‍රහය ලද කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස පිරිවර සිය ගෝල බාල මැරවරයන් ලවා සිරිකොතේ බුදු මැදුරට ද ගල් ගැස්සූ හ. නොසංවරව තම සගයින් මෙහෙවුයේය. තම මහ ගෙදරට අලාබහාණි කෙරෙවුවේය. ඒ මදිවාට නුගේගොඩ දිසා අධිකරණයට ගොස් තමන් මේ වැරදි කෙරෙව් බව සමාජයට තහවුරු කලේය.

ඔබ වහන්සේලා මේවත් පාඩම් වලට ගතහොත් හොදයි නේද?.

අපේ රටේ 1956 ට  පෙර සග , වෙද සහ ගුරු  පරපුර  ප්‍රභු පරපුරක්ව බුහුමන් ලැබුවේය. බණ්ඩාරනායක මහතා අගමැති කරන්නට ගොවි,කම්කරු බලවේගයත් එකට එක්කර සග වෙද ගුරු දේශපාලන වේදිකාවට ගෙනවිත් බලවේගයක් කර ගත්තේය

එදා සිට ගම් මට්ටමේ  සිටම සග වෙද සහ ගුරු ප්‍රභුත්වය පරිහාණියට යන්නට පටන් ගත්තේය.  ප්‍රධාන පිල් දෙකේ දේශපාලන ගොයියාලාට  කඩේ යන්නත් ,කඩේ ගොස්  මදිවාට කඩේ බඩු තම හිතවතුන්ට විකුනන්නත් පටන්ගත්තදා සිට ගොවි,කම්කරු ද්විත්‍වය අතර මේ ප්‍රභූ ත්‍රිත්වය තඹේකට මායිම් නොකරන තැනට පත්වුනේය.

ගමේ පන්සලේ සිට ගරුතර ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් දක්වා දෙසන දේශපාලන අනුශාසනා අහන්නට අද බෞද්ධ ගිහියෝ සුදානම් නැත. ඒ බව දැන හෝ නොදැන මේ ආත්මයේදීම දිව්‍ය මාලිගා දිව්‍ය රථ ආදී දාන මාන ලැබ නිවන් යන අදහසින් ප්‍රකාශ පත්‍ර නොකියවාම අත්සන් කරන , ලියා දෙන බණ පද අනුශාසනා කර විසුරුවා හැර ගෙන ඔබ වහන්සේලා  ගිහියෝ අතර තව තවත් පාච්චලයට පත්වෙන්නේය.

බෞද්ධ ගිහියෝ  වන අපට  මේ තත්වය හිත් පීඩාවක්වුවත් ගිහි අප ඉවසා වදාරා පැවිද්දෝ කරන විගඩම් වලට සිනා නොවිය සිටිය යුතුය. සිනාවුනහොත් පිරිහෙන්නේ අපමය.බෞද්ධ ගිහි සමාජයය.  අප උඩ බලාගෙන කෙළ ගසා ගන්නට අකමැතිය.එබාවින් අප ඉවසා වදාරගෙන ඔබ වහන්සේලාගේ විගඩම් බලා සිටින්නේය.

Advertisements

One comment on “මහානායක හාමුදුරුවරුනේ,

  1. මේ ‍ර‍ටේ දැන් තියෙනවද අපි වෙනුවෙන් බණ කියන සංඝයා වහන්සේලා. දහම් පාසල් උත්සවයක්, කඪින පිංකමක්වත් දේශපාලන වහුකුනන් නැතුව සිද්ධ නොවන පන්සල් සංස්කෘතියක්‍ දැන් තියෙන්නෙ. ඒක නිසා මැදහත් මිනිස්සු සංඝයා ඇසුරින් ඈත්වෙලා දැනටම.

    යහපත් හාමුදුරුන් ඉන්නව අප්‍රසිද්ධියේ. දේශපාලකයන් පය නොතබන තැන්වල. ඒත් උන්නාන්සෙල මහ නායකවරුනම් නෙවෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )