ගැලරිය

බුද්ධගයාව – 2


SAM_1765

SAM_1781

11224

2082

කයට අධික සැපදීමෙන් හෝ කයට අධික දුක්දීමෙන් විමුක්ති මාර්ගයට පිවිසීමට නොහැකි බව අවබෝධ කරගත් සිදුහත් තවුසා දුෂ්කර ක්‍රියාව හැර ගයාව පෙදෙසට යෑමට පිටත් වූයේය. ඒවන විට පස්වග තවුසෝ සිදුහත් තවුසා හැර ගොස් සිටියහ. සේනානි ගමෙහි නුග රුකක් යට භාවනානුයෝගීව සිටි සිදුහත් තවුසා දුටු සුජාතාදේවිය තමන් ගෙනා කිරිපිඬු පූජා කළාය. (මේ අවස්ථාව අමරාවතී පුදබිමෙහි (ආන්ධ්‍රා ප්‍රදේශය) අල්පෝන්නත මුර්ති ඵලකයක නිරූපණය කර ඇත)

නේරංජනා නදිය (මෙකල නිරන්ජන් නදිය ) තරණය කළ සිදුහත් බෝසතාණෝ එහි සිට කි.මීටර් 10 පමණ දුරින් පිහිටි මෙකල බිහාර් දේශයට අයත් ගයා ප්‍රදේශයට ගියහ.

“බෝසතාණන් වහන්සේ දහවල් සමවත් සමවදිමින් කල් යවා එදා සවස්හි සල්වනයේ නික්ම බෝරුක දිශාවට යන මාර්ගයට බැස ගමන් ගත්සේක. ඉදිරි මගින් එන ස්වස්තික (සොත්ථිය) නම් බමුණෙක් උන්වහන්සේගේ ආකාරය දැක තමාගෙන එන කුසතණවලින් අටමිටක් පුදා ගියේය. බෝසතාණන් වහන්සේද එය පිළිගෙන බෝරුක වෙත එළඹි සේක. එළඹ එහි දකුණු දිග් භාගයෙහි වැඩ සිටි සේක. එකෙනෙහි එපෙදෙස නෙළුම් පතක දියබිඳු මෙන් කම්පිත වු සේ පෙනිණ. එවිට මේ ප්‍රදේශය මගේ ගුණය උසුලනු නොහැකි යැයි සිතා පශ්චිම දිසා භාගයට වැඩි සේක. හෙද කම්පිත වූ සේ පෙනිණ. උතුරු දෙසටද වැඩි සේක. එද කම්පිත වූ සේ පෙනිණ. ඉක්බිති නැගෙනහිර දෙසට වැඩිසේක් එහි පර්යංකයක් පමණ තැන නිශ්චල යැයි දැක මේ මගේ කෙළෙස් නසන තැන යැයි සනිටුහන්කොට එහි තණ අට මිට සලා මේ ශරීරයේ සම් , මස්, ලේ, ඇට, නහර වියැළී සුණුවිසුණු වන කල්හිද පුරුෂ උත්සාහයෙන් පුරුෂ වීර්යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් ලැබිය යුතු වූ සම්බෝධිය ලැබ මිස මා උත්සාහය අත්නොහරිමි’යි චතුරංග වීර්යය ඉටා බෝ කඳට පිටදී පෙරදිග බලා වජ්‍රාසනයෙහි වැඩහුන් සේක.

සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමිපාණන් වහන්සේ 1986 – පි.62 -63 )

ගෞතම බුදුරජාණන් වහන්සේට සෙවන දුන් ඒ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටියේ අද බුද්ධගයාව නමින් ප්‍රකට වූ මෙම පින්බිමෙහිය.

සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුලුල්ලේම පෙරුම් පිරූ මේ මහා ශාන්ති නායකයාණෝ බුද්ධත්වයට පත්වූ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ පිහිටියේ මෙකල බිහාර් ප්‍ර‍්‍රාන්තයේ බුද්ධගයා ප්‍රදේශයේ ය. එදා ගයාව නමින් ප්‍රකට වූ ප්‍රදේශය සිදුහත් තවුසා බුද්ධත්වයට පත්වු නිසා බුද්ධගයාව නමින් ලොව ප්‍රකට වුයේය.

බුද්ධගයාව බෞද්ධ සැදැහැවතුන්ට ඉතා ශ්‍රේෂ්ඨතම පුදබිමක් පමණක් නොව පුරා විද්‍යාඥයින්ට සහ ඉතිහාසඥයින්ට සාමාන්‍ය සංචාරකයින්ට ද ඉතා වැදගත් පුදබිමකි.

බුද්ධගයාවත් සමග අප සිහිපත් කල යුතු අනගාරික ධර්මපාල තුමා

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )