සබරගමුවේ අධ්‍යාපන ගහලයෙක්.


ලංකාවේ අංගොඩ යයි නම් ඇත්තේ එක් ප්‍රදේශයකටය. අංගොඩ ප්‍රසිද්ධ වන්නේ රෝහලක් නිසා වෙනි. සපරගමුවේ අංගොඩ බලා යන මැතිවරණ කොට්ඨාශයක් තිබේ . එම මැතිවරණ කොට්ඨාශයේ  කලාප අධ්‍යාපන කාර්යාලයක සිදුවීමක් අද කඩුල්ලේ කතාවට මායිම්වේ.

මෙය කියවන ඔබ මුලින්ම දැනුවත් කිරීම සදහා චන්ද්‍රිකා යුගයේ  අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ව සිටි වෛද්‍ය තාරා ද මැල් මහත්මියගේ අත්සනින් නිකුත් වූ 2005/17 චක්‍රලේඛයේ කොටසක්  මෙසේ දක්වමු.

ගුරුවරුන් සත්භාවයෙන් යුතුව හෝ පාසල් විනය පවත්වාගෙන යාමේ අරමුණින් වුවද සිසුන්ට දඩුවම් සිදු කිරීම මෙම චක්‍ර ලේඛය අනුව බලවත් වරදකි.

නොදැනුවත්වම හෝ එසේ සිසුනට දඩුවම් කළහොත් පහත සදහන් නීති ක්‍රියා මාර්ගවලට ගුරුවරුන්ට මුහුණුදීමට සිදුවනු ඇත.

  1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වැනි පරිච්ඡේදයේ II වගන්තිය හා XVI වැනි පරිච්ඡේදයේ 126 වැනි වගන්තියට අනුව මූලික අයිතිවාසිකම් උල්ලංඝණයවීමේ නඩු නිමිත්තක් උද්ගතවිය හැක.
  2. 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහයේ ( සංශෝධිත) පනතේ තුන්වන වගන්තියේ හා ප්‍රධාන ප්‍රඥප්තියේ 308 (අ) වගන්තිය යටතේ ළමයින් කෲරත්වයට භාජනය කිරීමේ වරද යටතේ නඩු නිමිත්තක් උද්ගත විය හැකිය.
  3. අධ්‍යාපන අමාත්‍යංශයේ බලධරයින් විසින් පවත්වනු ලබන විනය පරීක්ෂණවලින් ශාරීරික දඩුවම් ලබා දී ඇති බව ඔප්පු වුවහොත් ආයතන සංග්‍රහයේ 11 වන කාණ්ඩය අනුව විනය ක්‍රියාර්ග ගනු ලැබිය හැක.
  4. තවද අමානුශික අන්දමින් කායික හෝ මානසික දඩුවම් ලබාදීමෙන් තොරව පාසල තුළ විනය පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කරන අතර, පාසල තුළ ළමා අපයෝජන ක්‍රියා සිදු නොවන වාතාවරණයක් ඇතිකර ගැනීමටත් වග බලා ගතයුතු බව වැඩිදුරටත් අවධාරණය කරමි. මේ අරමුණූ ඉටුකර ගැනීම සදහා විදුහල්පතිවරු හා ගුරු මහත්ම මහත්මීන් කටයුතු කිරිම අපේක්ෂා කරමි.
  5. පාඨශාලා ශිෂ්‍යයින්ට ශාරීරික දඩුවම්දීම පිළිබද අංක 1961/26 හා 1961.07.21 දිනැති චක්‍රලේඛය හා පාසල තුළ විනය ආරක්ෂා කිරිම සම්බන්ධව නිකුත්කර ඇති අංක 2002/11 හා 2001.03.30 දිනැති චක්‍රලේඛය මෙයින් අවලංගුවන බවද දන්වා සිටිමි.

මේ චක්‍රලේඛය අනුව කිරිහොද්ද හැදි නොගාම පිසිය යුතුවේ.

කිරිහොද්දක්  හැදි ගෑමට ගිය ගුරුමාතාවකගේ සේවය අත්හිටවා නිවසේ රදවන්නට තරම් බලවත්වු  විමර්ශණයක් අංගොඩ රෝහලට යැවිය යුතු අංගොඩ බලා යන මැතිවරණ කොට්ඨාශයක  සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂක වරයෙකු  විසින් කරනු ලැබිනි.

මෙම විමර්ශණයට හේතුවු නිධාන කතාව  ඇරබෙන්නේ ක්‍රීඩා පිටියේ බෝල ගසන්නට ගිය –  පංති කාලපරිච්ඡෙදයක් මග හැරි සිසුන් කන්ඩායමකට ගුරු මාතාවක විසින් වේවැලෙන් සම්ප්‍රදායික ලෙස දඩුවමක් දීමෙනි.

මින් එක් දරුවෙකු අක්‍ෂි ශල්‍යකර්මයකට භාජනය කල සිසුවෙකි. මේ හේතුවෙන් මෙම දරුවාට ගුරුමාතාව අවවාද කලත් පහරක් නොගසයි.  සිසුවාගේ මව සහ පියා එම පාසලේම ගුරුවරයෝද වෙති. සිසුවාගේ ගුරු මව කිසියම් සිද්ධියක් නිසා දඩුවම් කල ගුරුමාතාව සමග අතීත ආරවුලක් ඇතිකරගත් තැනැත්තියකි.

අතීත ආරවුලට  නව පණක් ලබා  දුන් මෙම ගුරුවරිය , දරුවන්ට දඩුවම් කල  ගුරුමාතාව විසින් තම පුතාට පහර දිමක් සිදුකල බව පොලිසියට සහ අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කරයි. දරුවා රෝහලට ඇතුලත් කරයි. මෙම සිද්ධිය පාදක කරගනිමින් පසුදා එ‍ෆ් . එම් නාලිකා කිහිපයක මේ ප්‍රවෘත්තිය විටින් විට ප්‍රචාරයවේ. ප්‍රධාන පෙලේ ජාතික පුවත්පත් දෙකක ප්‍රවෘත්තිය පලකරයි. පුළුල් ජාතික මට්ටමේ ප්‍රසිද්ධියක් ලබාදේ.  ලංකාදීපය කතුවැකියකුත්,  දිණමින “අකුණ’ පිටුවක විශේෂාංගයක් පලකරයි.

පොලිසිය වෛද්‍ය වාර්තා පාදක කර ගණිමින් සහ ඇසු දුටු සාක්‍ෂි  ලබා ගණිමින් මේ දරුවාට වේවැලකින් හො වෙනත් අයුරකින්  පහර නොදුන් බව තහවුරු කර ගනි. පැමිණිල්ල පොලිසියේදී සමථයකට පත් කරගත නොහැකිව සමථ මණ්ඩලයට ඉදිරිපත් කරයි. සමථ මණ්ඩලයේදීද එකගතාවයක් නොවු හෙයින් ප්‍රදේශයේ මහේස්ත්‍රාත් /දිසා අධිකරණයට ඉදිරිපත් කරයි. අධිකරණයේදී නිසි නඩු නිමිත්තක් නොමැති හෙයින් පැමිණිල්ල නීතීපති උපදෙස් සදහා යොමුවී දිනයක් නොලැබුන නඩුවක් බවට පත්වේ.

අධ්‍යාපන කාර්යාලයේදී එක් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයෙකු  වෙත විමර්ශණයක් සදහා යොමුවේ.ඔහු  පාසලට විත් ගුරුවරුන්ගෙන් සිසු සිසුවියන්ගේ ඇසු දුටු සාක්‍ෂි සටහන්වේ. ගුරුමාතාව විසින් මෙම දරුවාට පහර දුන් බව කිසිවෙකුගේ සාක්‍ෂිවලින් සනාථ නොවේ. දරුවා සහ දරුවාගේ දෙමව්පියන්වු ගුරු දෙපල පමනක් පහර දුන් බවට ප්‍රකාශයන් විමර්ශනයේදී ගොනුවේ.

අධ්‍යාපන කාර්යාලයට ඉදිරිපත් වු  රෝහලට ඇතුලත් කල විට සටහන් තබන ඇද ඉහපතේ සහතික කල පිටපතේ රෝගියා  පෙර දවස දහ නවවන පැයට රෝහලට ඇතුලත් කල බවත් ,  පසුදා පෙරවරු දහයට රෝහලෙන් මුදා හැරිය බවත්. කිසිදු ප්‍රතිකාරයක් නොකල බවත් කිසියම් පලල් තැල්මක් පිටේ ඇති බවත් සදහන්වේ.

එයින් සෑහිමට පත්වීමට නොහැකිව අධ්‍යාපන කාර්යාලය මගින් ලබා ගන්නා ලද දෙවෙනි වෛද්‍ය වාර්තාවේ මෙම තැල්ම රෝහලට ඇතුලත් කිරීමට දින දෙක තුනකට කලින් සිදුවු තැල්මක් විය හැකියයි වෛද්‍ය වරයා අනුමාන කරයි.

මේ සියල්ල සැලකිල්ලෙන් කියවන සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ වරයා විසින් අදාල පාසලේ සිසුන් සහ ගුරුවරුන් ගිරව් මෙන් එකම දේ කිවු බව සදහන් කරයි. දෙවනි වෛද්‍ය වාර්තාව නොසලකා හැර ඇද ඉහපත වෛද්‍ය වවාර්තාවක් ලෙස සලකා,   දරුවා සහ දරුවාගේ දෙමව්පියන්වු ගුරු දෙපලගේ ප්‍රකාශ පමනක් සැලකිල්ලට ගෙන ගුරුමාතාව විසින් දරුවාට පහරදී තුවාල සිදු කර ඇති බව තීරණය කරයි. මේ අනුව එම ගුරුමාතාවගේ වැඩ තහනම් කරයි.

ගුරුමාතාව ගෙන් පලිගැණිම පිනිස දරුවාගේ දෙමව්පියන් සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ වරයා විසින් සංවිධාත්මකව කරන ලද ද්වේෂ සහගත ක්‍රියාදාමයක්  ලෙස මෙය කඩුල්ල දකී.අයථා ගනුදෙණුද  සිදුවු බව උපකල්පනය කරයි.

මෙම චෝදනා පිලිබදව නැවත කරන ලද විධිමත් පරීක්‍ෂනයකදී  අනාවරනයවු කරුණු ත් ගුරුමාතාවගේ වර්තමානයත් කඩුල්ල පසුව නැවත පලකරයි.

ඔබ මෙම සිද්ධිය දකින්නේ කෙසේද ?.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )