බඹරු දැක්කම අකුලගන්න මල් – සමනලයෝ දැක්කම විකසිත වෙනවා.


නස්රුදීන් ට රජමාලිගාවෙන් පණිවිඩයක්. වහාම එන්න කියලා. නස්රුදීනුත් රජ දැක්මට සුදුසු විදියට ලක ලෑස්තිවෙලා තම බූරු වාහනෙන් මාලිගාවට යන්න පිටත්වුනා. රජවරු ඇසුරු කිරීම දෑලි පිහියෙන් කිරි කනවා වගේ  වැඩක් යන ගමන් සිතිවිල්ලකට වැටුන නස්රුදීන් හිතුවා. අද මොන අල කලංචියක්ද මන් දන්නේ නෑ ?. නස්රුදීන්ගේ  බුද්ධිමත් බව නිසාම අවුරුදු තිහ හතලියක් මේ වැඩේ කරන්නේ ඒ දණ්ඩේ යන න්‍යායෙන්. වෙන කෙනෙක් නම් එක්කෝ එල්ලුම් ගහේ ! නැත්නම් හිර ගෙදර.

කල්පනාව නිම වුනේ රජමාලිගාවේ මිදුලට ඇවිත්. නස්රුදීන් බුරුවාහනේ රජගෙදර වාහන නැවතුමේ ගාල් කරලා රජ ගෙදර ආලින්දයට ආවා. ඇවිත් රජතුමාට පණිවිඩයක් ඇරියා තමන් ගේ සම්ප්‍රාප්තිය කියලා. රජතුමා බැහැ දකින්න අවස්ථාවත් අරන් ආපු පණිවිඩ කාරයා සියළු ආරක්‍ෂක විධි විධාන ඉටු කරලා නස්රුදීන්ට VVIP කාඩ් එකත් දුන්නා. නස්රුදීන් කැදවා ගෙන ගියා මාලිගාවේ සේවකයා දෙගිඩියාවෙන් කල්පනාවක වැටී ඉන්න රජතුමා අභියසට  නස්රුදීන් ඇරළුවා.

“පස්වාන් දහසකට බුදුවන දේවයන් වහන්ස – ඔබතුමාට දීඝායුෂ ප්‍රාර්ථනා කරන මේ ගැත්තා නස්රුදීන්. පිට කහන තරමට ජීවිතේ ගොඩ කියලා හිතුන නස්රුදීන් අවධාණය ලබා ගන්නත් එක්ක  හඩින් කිව්වා.

රජතුමාට පවුලේ ලොකු ප්‍රශ්ණයක් !.

රජතුමා – මම තමන් කැදවුවේ මගේ වැඩිමහල් කුමාරයා ගැන උපදේශයක් ගන්න. කිව්වම තමයි නසුරුදීන්ගේ ඇගට ලේ ඉනුවේ.

වදාරන්න වදාරන්න දේවයන් වහන්ස…..  නසුරුදීන් යටහත් පහත්වුනා.

බලනවා නස්රුදීන් මගේ වැඩිමහල් කුමාරයා යුද්ධෙට දක්‍ෂයා. දේශ දීපංකරේ ගිහින් රට රාජ්‍ය කීයක් යටත් කරගත්ත සේනාධිපතියෙක්ද ?.

එසේය! එසේය !! දේවයන් වහන්ස . නස්රුදීන් කතාව සම්පුර්න කලා .

ඒත් බලමුකෝ මේ දවස්වල කිසිම ගතියක් මුනේ නෑ. මූණ එල්ලා වැටිලා .මොනවා ඇහුවත් බකමූනා වගේ හ්ම් හ්ම් කියනවා විතරයි.ඇස් දෙකේ කදුළු පුරවා ගත්තා ගමන් . යෝධයෙක් වගේ වැඩිලා තිබුන ශරීරේ වැහැරිලා ගිහින්.හරියට යුද්ධයකින්  පරාද වුනා වගේ.

නස්රුදීන්ට කතා කරන්න ඉඩක් නෑ රජතුමා කියවගෙන කියවා ගෙන යනවා. බළු ගැත්තෝ වුන අපිට වගේම රජතුමාටත් ප්‍රශ්න නස්රුදීන් තනියෙන් හිතනවා.

දේවයන් වහන්ස  ඔබ වහන්සේ මේ ගැන මහ වෙදනාට සැල කලේ නැද්ද ? කරුණු කාරනා තෝරා බේරා ගන්න  ඔනි නිසා රජතුමාට බැගැපත්ව නසුරුදීන් අතුරු ප්‍රශ්නයක් ඉදිරිපත් කලා

සැලකලා සැලකලා…..ඒත් සුවයක් නෑ. නොරිස්සුමෙන් රජතුමා උත්තර දුන්නා.

නිහඩ තාවයකින් පස්සේ     “දේවයන් වහන්ස මට රාජකුමාරයා බැහැ දකින්න අවසර ද ?.” කියලා නස්රුදීන් ඇහුවා.

හ්ම් …..රජතුමා අවසර දුන්නා.

රාජකුමාරයා මුණ ගැසුන නස්රුදීන් මනෝචිකිත්සකයෙක් වෙලා ප්‍රශ්න කරන්න පටන් ගත්තා. අන්තිමට කුමාරයාගේ රෝග නිධානය සොයා ගත්තා. දේශ දීපංකරේ ගිහින් රට රාජ්‍ය ජයගත්ත තේජවන්ත සේනාධිපතිය සිත් ගත්ත කුමාරිකාවක දිනා ගන්න ගිහින් වැඩේ වැරදිලා !.

නස්‌රුදීන් කල්පනාවට වැටුණා. මෙතරම් තේජවන්ත පෙනුමක්‌ තියෙන හැඩි දැඩි කාය ශක්‌තියෙන් පිරි සේනාපතියකුට හිත නොයන්න නම් කුමරිය මොන වගෙ කෙනෙක් වෙන්න ඕනිද ?.

ඕකත් වැඩක්ද කුමාරයාණනි මම ඔය වැඩේ කරලා දෙන්නම් කියලා කුමාරයා සනසාපු නස්රුදීන් රජතුමා මුණගැහුණා .

“පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස ,

බඹරු දැක්කම අකුලගන්න මල් – සමනලයෝ දැක්කම විකසිත වෙනවා.

රජතුමාට තවත් උත්තරයක් හොයන්න ප්‍රශ්ණයක් ඇති කරලා තියලා මාලිගාවෙන් පිටවෙන්න හිතාගෙන  තම බුරුවාහනේට නගින්න නස්රුදීන් මිදුලට ආවා.

පසු විපරම.

කුමාරයා දැන් සමනලයෙක් වෙලා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )