Aside

දීඝායු වේවා !.

පණ්ඩිත් අමරදේවයනි.

පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් සටහනක් කරන්නට තරම් කඩුල්ලේ දෑතත් මනසත් සුමට නැත. කාලය විසින් ජීවිත කර්කෂක බවට පත් කර වර්තමානය වන විට නිමවා ඇත්තේ කළු ගල් වැනි මනස් ඇති ජීවිතයන්ය. තොර තෝංචියක් නැතිව එෆ් .එම්. නාලිකාවල සුකිරි බටිල්ලන් විසින් හදුන්වා දෙන නවීන වාදන භාණ්ඩ වලින් ඝෝෂා ඇති කරන ගීතයන් යයි කියා ගන්නා හෑලි වලට වඩා ජීවිතය සුමටව අත ගෑ පණ්ඩිත් අමරදේවයන්ගේ මාධුර්ය අප සුවපත් කරන්නේය.ඒ හඩ මින් දශක හතරකටත් එහා ගිය අතීතයේත් අදත් එදා මෙන්ම අමර සරක්මය.අමරණියය.

පණ්ඩිත් අමරදේවයන් අපේ කාලයේ අපිට  විසිවසරකට පෙර අපේ පිනට පහලව අපට සෞන්දර්යයේ  මංපෙත් විවර කර අප ආනන්දයටත් චමත්කාරයටත් පත් කරන්නේය. එතුමන් වෙනුවෙන් සටහනක් තබන්නටත්  අසු හතර වියට පත්වු එතුමන්ට දීභායු පතන්නටත් අද කඩුල්ලේ දින පොත වෙන්වේ.

අපිට ගැටවරවියේ  අසන්නට ලැබුනේ  ගුවන් විදුලිය පමනකි. හෙන ගසන්නාක් මෙන් තොර තෝංචියක් නැතිව අඩ හැර පාන්නට එෆ් .එම්. නාලිකා තොතිබු එකල තරගයට මෙන් ගුවන් විදුලියේ ඇසුනේ ජීවිතයේ සුන්දර අත්දැකීම් කැටි කල කර්ණරසායන ගී  තනුය.  එකල කාර්ය බහුල ජීවිතයයෙන් නිදහස්ව වින්දනයක් ලබන්නට නුතන කාලයේ මෙන් මෙවලම් නොතිබුනි. අපට එකල ගුවන් විදුලියෙන් අමරදේවයන්ගේ ගී  හඩ අසන්නටත්  ඒ හඩට ඒකාත්මික වන්නටත් හැකිවිය. එදා අපේ ගැටවර වියට සංයමයෙන් සූසර කල අමරදේවයන්  එදා ගැයු ඒ ගීයෙන්ම ඒ ස්වරයෙන්ම  අදත් වැඩිහිටි අපේ මනස සුවපත් කරයි.  තරුත් සමග පිබිදෙන රෑ පින්නත් සමග වියෙකෙන  නුතන ගායක ගායිකා‍වන්ගේ කඩ හඩට වඩා යාවජීව වු අමරදේවයන්ගේ මාධුර්ය ගී හඩ කොයිතරම් සදාකාලිකද ?.

අපි එතුමන්ගේ හඩින්ම අසමු අපේ ජීවිතය.

පාළු අදුරු නිල් අහස මමයි.

http://www.youtube.com/watch?v=UGL7xjwAqhQ

පාළු අදුරු නිල් අහස මමයි.

 ඈත දිලෙන තනි තරුව ඇයයි.

යුගයෙන් යුගයට  හදවත් ඉල්වන – බලපොරොත්තුව පැතුම ඇයයි.

පාළු අදුරු නිල් අහස මමයි.

ඈත දිලෙන තනි තරුව ඇයයි.

 අසාරවු මහපොලොව මමයි . ගලා බසින දිය දහර ඇයයි.

අසාරවු මහපොලොව මමයි .

ගලා බසින දිය දහර ඇයයි.

යුගයෙන් යුගයට හදවත් නලවන – සදාකාලිකවු සැපත ඇයයි.

 පාළු අදුරු නිල් අහස මමයි.

 ඈත දිලෙන තනි තරුව ඇයයි.

කැළෑව මැද කටු පදුර මමයි – පිපි වැනෙන මල් පොකුර ඇයයි.

කැළෑව මැද කටු පදුර මමයි .

පිපි වැනෙන මල් පොකුර ඇයයි.

යුගයෙන් යුගයට හදවත් පුරවන – අදුරු වේදනා කැටිය ඇයයි

පාළු අදුරු නිල් අහස මමයි .

 ඈත දිලෙන තනි තරුව ඇයයි.

මින්දද හීසර වැදි සැලෙන හද.

http://www.youtube.com/watch?v=FvdJe4yHdls

මින්දද හීසර වැදි සැලෙන හද

නන්වන දුක් ගී ඔබට ඇසෙනවද

චන්දන මල් අතුරා ඇති යහනට

කන්ද කපා පායන් රන් පුන්සද

මින්දද හීසර වැදි සැලෙන හද .

නන්වන දුක් ගී ඔබට ඇසෙනවද

චන්දන මල් අතුරා ඇති යහනට

කන්ද කපා පායන් පුන්සද.

තුරගකු පිට නැගි නීල වලාකුළු

ගුවන් ගැබින් ඔබ ඇදෙන වෙලේ

තුරගකු පිට නැගි නීල වලාකුළු

ගුවන් ගැබින් ඔබ ඇදෙන වෙලේ

පිබිදෙන දෑසින් බලා ඉදිමි මම

පිබිදෙන දෑසින් බලා ඉදිමි මම

කුසුම් හිනා කැන් හද පුරවා

මින්දද හීසර වැදි සැලෙන හද

නන්වන දුක් ගී ඔබට ඇසෙනවද

චන්දන මල් අතුරා ඇති යහනට

කන්ද කපා පායන් රන් පුන්සද

මෙතුවක් කල් මුව මඩල වසා සිටි

අන්ධකාර සළුපටින් මුදා

මෙතුවක් කල් මුව මඩල වසා සිටි

අන්ධකාර සළුපටින් මුදා

නෙත් මිණි පහණින්  පහන් කරනු මැන

නෙත් මිණි පහණින්  පහන් කරනු මැන

අනාගතේ මංපෙත පාදා

මින්දද හීසර වැදි සැලෙන හද

නන්වන දුක් ගී ඔබට ඇසෙනවද

චන්දන මල් අතුරා ඇති යහනට

කන්ද කපා පායන් රන් පුන්සද

මින්දද හී සර………

 මේ ගුරු පාරේ .

http://www.youtube.com/watch?v=zgJJw7irAzs

මේ ගුරු පාරේ

මේ දොල අයිනේ

අපේ රහස් ඇත සැගවීලා ……..අපේ රහස් ඇත ලියවීලා……..

පටු මාවත්වල -දූවිලි අතරේ

අපගේ ඉපැරිණි -පිය සටහන් ඇත

පටු මාවත්වල -දූවිලි අතරේ

අපගේ ඉපැරිණි -පිය සටහන් ඇත

දොළ මත දිදුලන -පෙනපිඩු අතරේ

අපේ කතාවේ -කෙටි පටුනක් ඇත.

මේ ගුරු පාරේ

මේ දොල අයිනේ

අපේ රහස් ඇත සැගවීලා ……..අපේ රහස් ඇත ලියවීලා………….

ඉර හද ඇසුවා -ඇළ දොළ දුටුවා

අතිනත් ගෙන අප -දෙඩු කතා බහ

ඉර හද ඇසුවා -ඇළ දොළ දුටුවා

අතිනත් ගෙන අප -දෙඩු කතා බහ

එනමුදු එදවස් -සගවනු හැකිවෙයි

ඉර හදට ඇළ දොලට -කතා බැහැ

මේ ගුරු පාරේ -මේ දොල අයිනේ

අපේ රහස් ඇත සැගවීලා

අපේ රහස් ඇත ලියවීලා………….

 පෙරදිනයක මා පෙම්කල යුවතිය  – සිය පුතු නලවනවා.

http://www.youtube.com/watch?v=rdNb5cwXW1I

පෙරදිනයක මා පෙම්කල යුවතිය  – සිය පුතු නලවනවා

මගේම ගීයක් නැලවිලි ස්වරෙන් – ඈතින් මතු වෙනවා .

පෙරදිනයක මා පෙම්කල යුවතිය – සිය පුතු නලවනවා

මගේම ගීයක් නැලවිලි ස්වරෙන්-  ඈතින් මතු වෙනවා .

නුරාව වෙනුවට ඉදුනිල් දෙනුවන – දායාව වෑහෙනවා …ආ ..ආ

නුරාව වෙනුවට ඉදුනිල් දෙනුවන – දායාව වෑහෙනවා

සිනා සුනෙමි මම – අවිහිංසක ඇය කෝළ බැළුම් හෙළුවා.

හිරු ට සදුට නොකියා -හොර රහසේ

කාලය වියකෙනවා… ආ .. ආ

හිරු ට සදුට නොකියා -හොර රහසේ –

කාලය වියකෙනවා

නෙත් අදහන්ට බැරි ලෙස

රූ සිරි කෙමෙන් -මැකී යනවා

එදා වගේ තවමත් -වැට අද්දර නාමල් පූදිනවා… ආ .. ආ

එදා වගේ තවමත් -වැට අද්දර නාමල් පූදිනවා

නොකා නොබී දුක් වින්ද අතීතය

යලි මට සිහිවෙනවා

පෙරදිනයක මා පෙම්කල යුවතිය සිය පුතු නලවනවා

මගේම ගීයක් නැළවිලි ස්වරෙන් ඈතින් ……….

මතු වෙනවා .

http://www.lankantunes.com/player/amaradewa/index.php?name=W.D.Amaradewa

දීඝායු වේවා !. පණ්ඩිත් අමරදේවයනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )