පැත්තකින්

අපිටත් ලැජ්ජයි.

අයවැය පිළිබදව විපක්‍ෂයේ තේමාව වුයේ “ලැජ්ජයි ” යන්න යයි කඩුල්ලට සිතුනේ පුවරු ටිකක් ප්‍රදර්ශණය කරමින් කරන ලද විරෝධතාවය නිසා වෙනි.

එක්සත් ජාතික පක්‍ෂය මේ කරනු ලබන විගඩම් වලට ඇත්තටම අපිටත්  “ලැජ්ජයි ”යන්න සිතෙන වාර අනන්තය.

කඩුල්ල නොවැ 27 රාත්‍රී 7.00 සිරස නිවුස් ෆර්ස්ට් අසා ගෙන සිටින විට උතුරු මැද පලාතේ විපක්‍ෂ නායක දයා ගමගේ (එජාප) මැතිතුමාත් කොළඹ නගර සභාවේ මුස්ලිම් මංත්‍රී වරයෙකුත්(එජාප)  බෝධිරාජ මාවතේ ජංගම ව්‍යාපාර පවත්වාගෙන ගිය සහෝදරවරුන් පිරිසක් අමතන රැස්වීමක කරන ලද කතා දෙකේ කොටස්  නරඹන්න අවස්ථාවක් ලැපුනේය. එයින් රාජපක්‍ෂ සහෝදර සමාගම  ඉතාමත් දරුණු විදියටම විවේචණය කර ලිබියාවේදී ගඩාපිට වු දෙය ලංකාවේදී රාජපක්‍ෂ සහෝදර සමාගමට වන බවට ඉගියක්ද දුන්නේය. ඒ සදහා පෙල ගැසෙන ලෙස ඉල්ලීමක්ද කෙරුනේය.

කඩුල්ලට රාජපක්‍ෂ සහෝදර සමාගමට වන හාණිය ගැන සිතිවිල්ලක් ඇති නොවුනත් ගඩාපිට මරණය ගෙන ඒම දක්වා ලිබියාවේ අහිංසක ජනතාවට සිදුවු හාණිය ගැන මේ අමන මිනිසුන් නොසිතන්නේ මන්ද යන්න ගැන සිතිවිල්ලක් ඇතිවය. අපි ලග බලන්න නොව දුර බලන්න පුරුදු පුහුණු විය යුතුය.ඒත් මේ අමන මිනිසුන් හැමදාමත් හිතන්නේ අනුන් මරා හෝ තමන් ජීවත්වය යුතුය යන්න පමනක් යයි කඩුල්ල නිගමනයකට පත්  කලේය.

මෙය තවත්  කතාවකි.

පාර්ලිමේන්තුව ලිප්ටන් වටරවුමක් නම් මෙතරම් පිරිවැයක් යොදා ඉදිකිරීම් කර මේ රොත්තට සුව පහසුව සලසා නඩත්තු කල යුතු ආයාතනයක් නොවන බව කඩුල්ලට සිතුනේය. පාර්ලිමේන්තුව තුල විරෝධය දැක්විය යුත්තේ කරුණු ඉදිරිපත් කර පැහැදිලී කිරීම් කර , නිවරදි කිරීම් ඇති කර  ජනතා සුබ සෙත  ඇති වන පරිද්දෙන් විය යුතුය. මේ ලෙස කිරීමේ පරමාර්ථයෙන් යුතුව  අතීත ව්‍යාවස්ථා නිර්මාණකරුවෝ විපක්‍ෂයක් සහ විපක්‍ෂ නායකයා යයි තනතුරක් ඇති කර එම තනතුර ධුරාවලියේ කැබිනට් ඇමතිවරයෙකුගේ ස්ථානයේ තබා ඇත.

මෙවර අයවැයෙන් පිහිටුවා ඇති  මෙවැනි ධුර කන්දරාවෙන් කිහිපයක් සදහා කාර්යාල නඩත්තු කිරීමට වෙන් කර ඇති මුදල් තොගය මෙතැන් සිට කියවන්න.

  1. විපක්‍ෂ නායක කාර්යාලය සඳහා මිලියන 65 ක්‌
  2. සභානායක කාර්යාලයට මිලියන 24 ක්‌
  3. ආණ්‌ඩුවේ ප්‍රධාන සංවිධායක කාර්යාලයට මිලියන 30 ක්
  4. කැබිනට්‌ කාර්යාලයට මිලියන 82 ක්
  5. ඛනිජ තෙල් අමාත්‍යාංශ කාර්යාලයට කාර්යාලයට මිලියන 53 ක්
  6. රාජ්‍ය පරිපාලන හා දේශීය කටයුතු අමාත්‍යාංශ කාර්යාලයට මිලියන 49 ක්
  7. පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශ කාර්යාලයට මිලියන 56 ක්‌
  8. ජනමාධ්‍ය අමාත්‍යාංශ කාර්යාලයට මිලියන 37 ක්‌
  9. අධිකරණ අමාත්‍යාංශ කාර්යාලයට මිලියන 31 ක්‌

10. ආර්ථික කටයුතු අමාත්‍යාංශ කාර්යාලයට මිලියන 78 ක්,

11. විදේශ කටයුතු අමාත්‍යාංශ කාර්යාලයට මිලියන 91 ක්

රටේ පරිපාලනය සම්බන්ධයෙන් කිසිදු කාර්ය භාරයක් ඉටු  කරන්නේ නැති විපක්‍ෂ නායක කාර්යාලයට  රාජ්‍ය පාලනයේ යෙදී සිටින  ඇමැතිවරුන්ගේ කාර්යාලවලට  වඩා  මුදලක්‌ වෙන් වී ඇත.

වැදගත් යමක් නොකර බෝර්ඩ් ලෑල්ලක් එල්ලා ගෙන විරෝධය පෑමට මිලියන 65 ක්‌ විපක්‍ෂ නායක කාර්යාලයට ලැබීමද ලැජ්ජාවට හේතුවක් බව කඩුල්ල අයවැයෙන් මුදල් බෙදා හැරී ඇති අන්දම ගැන බලමින් සිතුවේය.

අපිටත් ලැජ්ජයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )