පැත්තකින්

Aesop. Cast in pushkin museum from original in...

Image via Wikipedia

ඊසොප් අද දිනපොතේ.

ඊසෝප් ගේ  කතා නොඇසු කිසිම කෙනෙක් ඇතැයි සිතිය නොහැක. නරියා සහ මිදිවැල, කපුටා සහ කේජු කෑල්ල හාවායි ඉබ්බාගෙයි රේස් එක ඊසෝප් ගේ   නිර්මාණ අපි යාම්තම් බහ තෝරන වියේදී අපේ කණට වැටුන කතා.

මිදිත් තිත්ත වෙන , කේජු කෑල්ල අතහරින රේස් එකෙන් දිනන ඉබ්බා  වැනි චරිත සහ අත්දැකීම් අපේ ජීවිතයේ ඕනෑ තරම් විරලයි.

ඊසෝප් මින් අවුරුදු දෙදහස් පන්සීයයකට වඩාත් අතීතයේ ජීවත්වුයයි කියන නිර්මාණ කරුවෙක්. පසුකාලයේ ඊසෝප්ගේ කතා ගොන්නට  වෙනත් නිර්මාණ කරුවන්ගේ කතාද එකතුවී දැන් අප ඊසෝප්ගේ කතායයි කියවන කතා  බිහිවන්න ඇති. මීට අනුරුප චීන කතාන්දර ද අපි කියවලා තියෙනවා . ඉන්දියාවේ  රචිත පංච තන්ත්‍රයේද සහ බෞද්ධ සාහිත්‍යයේ එන සමහරක් කතා  ඊසෝප්ගේ කතාවල ලක්‍ෂණ සිහිපත් කරනවා.

ඊසෝප්ගේ කතා බොහෝ විට දෙවියන් සතුන් වටා ගෙතුන කතා .  මේ කතාවල ඇබැද්දියට පත්වන චරිතය බෝහෝ විට මිනිසායි. දැනුදු  ඇබැද්දියට පත්වන චරිතය ජනතාව බවට පත්කර  දෙවියන් හා සතුන් වෙනුවට  දේශපාලකයන් ආදේශ කර ඊසෝප්ගේ කතා ප්‍රති නිර්මාණය කර ගත හැක.

කඩුල්ලට සිහිපත්වන ඊසෝප්ගේ කතා වක් ඒ අයුරින්ම සටහන් කරන විට කියවන්නාට ඔනි නම් වර්තමාණයේ චරිත හා ගලපා හිතා ගන්නට පුළුවන්.

අද කතාවට පාත්‍රවර්ගයා වන්නේ කපුටෙක් සහ බැටළුවෙකි. තන පියසක උලාකමින් සිටි බැටළුවෙකු දුටු ඒ අසලින් පියඹා ගිය කපුටෙකු ගිමන් අරින්න සුදුසු තැනක් යයි සිතිවිල්ලක් ඇති කරගෙන බැටළුවගේ පිට උඩඩ ලෑන්ඩ් කලා. ලෑන්ඩ කල පීඩනයෙන්  කපුටාගේ  ලොම් පිරුන පිටට යාම්තම් වැදුන නිය පහරින් වේදනාවක් ඇති වුනා. ආපහු හැරී වෙන්නේ කුමක්දැයි කියා පිට දෙස බැළුවිට  කට්ට කළු කපුටෙන් පිට උඩ ඉන්නවා දුටුවා.

බැටළුවාට නහුතයටම ( ‍කේන්ති මාපකයේ අවසාන දර්ශකය)  ජුවල් ගියා.

“කපුටෝ උඹ මේ කල අසම්මජාති වැඩේ බල්ලෙකුට කලා නම් උඹ සුනේ සුන්. උගේ උල් දත්වලින් උඹ ඉරලා කීතු කීතූ කරලා දායි. ”

කපුටාත්

අත හැරියේ නෑ.

“අඩෝ උඹ හිතුවද මම ඒ තරම් මෝඩයි කියලා ?.  මම උඹ වගේ අහිංසකයින් අදුරනවා. එයාලට ගැලපෙන විදියට හැසිරෙන්නත්  මම  දන්නවා. බල්ලෝ වගේ කෙරුම්කාරයොත් දන්නවා. එයාලත් එක්ක ගණුදෙණු කර ගන්න හැටිත් මම දන්නවා. කාටද බටර් ගාලා වැඩේ කරගන්න ඕනී කියලත් දන්නවා  ඒකනේ මම වැඩිකාලයක් ජීවත්වෙන්නේ !” කියලා පුරසාරමක් දැම්මා.

දුර්වල ජනතාව තලා පෙලා පීඩනයට පත් කර කර  ලොක්කෝ ගාවා බල්ලෝ වගේ වැද වැටෙන ඇත්තෝ ඕන තරම් අදත් හමුවෙනවානේ කියලා හිතාගෙන කඩුල්ල දිනපොතේ සටහන් කලා.

ඊසොප් අද දිනපොතේ.

Advertisements

2 comments on “ඊසොප් අද දිනපොතේ.

  1. කපුටෙකු ගිමන් අරින්න සුදුසු තැනක් යයි සිතිවිල්ලක් ඇති කරගෙන කපුටාගේ පිට උඩඩ ලෑන්ඩ් කලා. ලෑන්ඩ කල පීඩනයෙන් කපුටාගේ ලොම් පිරුන පිටට යාම්තම් වැදුන නිය පහරින් වේදනාවක් ඇති වුනා.

    මේකේ බැටළුවා කියලා නම වෙනස් වෙන්න ඕනේ නේද?

    ඊසෝප් කථා අපිත් පොඩි කාලේ ආසාවෙන් කියැව්වානේ. දැන් ගුණසේන සමාගමෙන් ඊසොප් කථා 12ක් ලස්සන පිංතූරු එක්ක පොත් දොළහක් හැටියට මුද්‍රණය කරලා තියෙනවා. තව තියෙනවා ජාතක කථා 8 ඒ විදිහටම මුද්‍රණය කරලා. ඒවා හරිම ලස්සනයි. මේ කථාව අදමයි දන්නේ. ස්තුතියි ඔබට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )