18 වෙනිදා දින සටහන්.


දින පොතේ පිටු  නිද්‍රාශීලී පිලිවෙතක පිරෙමින් සිටින විටක නොවැම්බර් 18 දා වැදගත් සිද්ධීන්  කිහිපයක්ම සටහන් කරන්න සිදුවිය.

පසුගිය සති දෙක තුනක කාලයේ කඩුල්ලීට කාර්ය බහුල විය. මේ කාර්ය බහුල බව කඩුල්ලට ද කාණ්දුවී කඩුල්ලගේ  සිතිවිලි කඩුල්ලීගේ වැඩ කටයුතු සදහා යොමු විය.

අද කාර්ය තම  බහුලත්වයෙන් මිදී කඩුල්ලී සේවා සගයන්හට සුබ අනාගතයක් පතමින්  විශ්‍රාම පුර්ව නිවාඩු ලබා තම කාර්යාලයෙන් නික්මුණාය. අපි  අද සිට  පූර්ණකාලීන ව නේවාසිකයන් ව නන්දා මාළිණිය ගයන දූ දරුවන් එන තෙක් පෙර මග බලා සිටින දෙමව්පියන් බවව  පත්ව බටහිර අහසේ රතු සිත්තම් ඇදෙනා අයුරු බලා සිටින්නට පුරුදු පුහුණු විය යුතුය.

ජීවිතය යලිත් නැවුම් වුවාසේ කඩුල්ලට දැනෙන්ට පටන් ගෙන ඇත.

සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පවරා තිබූ සුදු කොඩි නඩුව තීන්දුව ප්‍රකාශයට පත්ව ඔහු වසර තුනකට සිර දඩුවමකට පත් කීරීමේ පුවත අද දවසේ පුවත බවට පත්විය. මැතිවරණ සමයක දේශපාලන වේදිකාවේ කියන කතා සදහා නඩු පවරන්නේ නම් මේ වන විට පාර්ලිමේන්තුවත් බොරැල්ල සිර ගෙදරත් එක සමාන වනු ඇත.

සන්සුන්වන්න

ආණ්ඩුවත් සරත් ෆොන්සේකා විෂයෙහි එලවා එලවා පහර දීමේ න්‍යායෙන් බැහැරව කටයුතු කිරීම ගුණ දායකය. හැමදාමත් යුද්ධය දිණුවා යන සංකල්පයේ සිට යැපෙන්න ආණ්ඩුවට නොහැකිය. අපේ ජනතාව බෙහෙවින් කටයුතු කරන්නේ වර්තමානයේ ඇතිවන සිතිවිලි මත මිස අතීතයෙ කලායි කියන යහපත්දේ නිතර නිතර සිහිපත් කරමින්  ඒ අනුව ප්‍රතිචාර දක්වමින් නොවන බව පාලක පක්‍ෂයේ නායක කාරකාදීන් තරයේ සිතට නන්වා ගත යුතුය. කොයිතරම් ධනවතෙකුගේ භාණ්ඩාගාරයක් වුවත් පුංචි සෙම්ප්‍රතිශ්‍යාවක් වැළදිමෙන්  පසු එයට ප්‍රතිකාර කිරීමට විය පැහැදැම් කර විනාශ විය හැකි බවට කියමනකත් අප අතර ඇත.

සරත් ෆොන්සේකා මහතාද තම සිතිවිලි සන්සුන් කර ගෙන තමන් අතින් සිදුව ඇති නිවරදි නොවු තැන් නිවරදි කර ගෙන සන්සුන් මෛත්‍රීය සිතුවිලි මුදා හැරිය යුතුය. වෛරය වෛරයෙන් සන්සිදෙන්නේ නැත. වෛරය මෛත්‍රීයෙන් සන්සිදෙන්නේය. ඒ බුදු වදන දෙපාර්ශවය විසින්ම සිහිපත් කල යුතුය. සරත් ෆොන්සේකා මහතා හමුදා ප්‍රධානියෙකු ලෙස අගය කලත් කඩුල්ල කවදාවමත් දේශපාලන නායකයෙකු වශයෙන් සරත් ෆොන්සේකා  මහතා අගය කරන්නේ නැත.

අද මගේ උපන් දිනය නොවේ. එහෙත් ජනාධිපතිවරයාගේ උපන් දිනය අදයි. කඩුල්ලට  සිහිපත්වන දේශපාලන අතීතය පටන් ගන්නේ 1965 තරම ඩඩ්ලි සේනානායක මහතාගෙනි.  1970 සිරිමා මැතිණිය, 1977 ජේ.ආර්.ජයවර්ධණ මහතා වැණි කාල වල ජාතික පුවත්පතක කොනක පින්තූරයක් සමග අද අහවලාගේ උපන්දිනය අදට …..යි කියා පලකර තිබුනාට වඩා යමක් දුටුවේ නැත.

සුබ උපන් දිනයක් !.

1989 න් පසු රාජ්‍ය නායකයාගේ උපන් දිනය රජ මගුලක් විය. එදාට ගම් උදා බිහිවිය. ගමක් ගමක් ගානේ පන්සල්වල බෝධි පුජා , පල්ලි කෝවිල් වල පුද පූජා ප්‍රාදේශීය දේශපාලක උත්තමයෝ සංවිධාණය කලේය. නායකයාගෙන් තම  කාඩ් එක බ්රා ගැනීම මේ සියළු උප්පරවැට්ටි වල අරමුණ විය. අදටත් එම සම්‍ප්‍රදාය මේ කේවට්ට පිරිස විසින් පවත්වා ගෙන යන්නේය.

කඩුල්ල ජනාධිපති මහින්ද රාජපක්‍ෂට වඩා මහින්ද රාජපක්‍ෂට හිතවත් චින්තනයක් ඇත්තෙකි. මහින්ද රාජපක්‍ෂ ප්‍රවේශම් විය යුත්තේ සතුරන්ගෙන් නොවේ.  මිතුරන්ගෙනි.  ආලවට්ටම් දම දමා තොරතෝංචියක් නැතිව පැය විසි හතරම ගුණ ගායනා කරන  මිතුරන්ගෙනි. මේ මිතුරෝ දවසින් දවස මහින්ද රාජපක්‍ෂ චරිතය ජනතාවට එපා කරවන්න කටයුතු කරන බව පැහැදිලිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )