ඒ ඡන්දෙන් අපි දිණුම් !.


ඉදිරිපත්වු සෑම ජන්දයෙන්ම ජයග්‍රහණය කල රජය පසුගිය 11 වෙනිදා පොදු රාජ්‍ය මණ්‌ඩලයීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයට හම්බන්තොට ඉදිරිපත් කර ගොල්ඩ්කොස්‌ට්‌ නගරයට පරාජයට  පත්වීය.

හම්බන්තොටත් ගොල්ඩ්කොස්‌ට්‌ නගරයත් සමාන කරන්න උත්සහා කලොත් එය අහස හා පොලොව තරම් නොගැලෙපන අසමාන කමකි. ඔස්‌ට්‍රේලියාව ගෝල්ඩ්කොස්‌ට්‌ සඳහා ලන්සුවක්‌ ඉදිරිපත් කර ඇත්තේ දැනටමත් එබඳු ක්‍රීඩා උළෙලක්‌ පැවැත්වීම සඳහා දියුණු  පහසුකම්වලින් යුක්තවු නගරයක්‌ ඔස්‌ට්‍රේලියාව සතුවු බැවිනි. නමුත් හම්බන්තොට දියුණු නාගරික තත්වයක් උරුම කර දිය යුතු තත්වයට සංවර්ධණය කල යුතු නගරයකි. මේ සදහා රජයට වැය කල යුතු මුදල ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසන පරිදි ආණ්‌ඩුව දරන්නට සූදානම් වූ වියදම ජාතික ආදායමෙන් හතරෙන් එකකි. එනම් රුපියල් කෝටි 26500කි.

මේ සිහිනය කාගේ මනසේ පහලවුවක්දැයි අප නොදනිතත් මෙම ජන්දය ජයගනු සදහා සහභාගීවු පිරිස මුළු චන්ද හිමි ප්‍රමානයටත් වඩා වැඩි බවට කතා බහ ඇතිවිය. මේ සංචාර  සදහා රජය වියදම් කල මුදල අවම කර ගන්නට හැකිව තිබියදීත් සහභාගිවු නියෝජිත පිරිස ගැන හිතන විට ලෝබ නැතිව වියපැහැදම් කල බව නම් පැහැදිලිය.

 

ශක්‌තිමත් ආර්ථිකයක්‌ නැති පවුලක් හිල්ටන් හෝටලයේ විවාහ උත්සවයක්  ගන්නට හිතනවා නම් එක්කෝ එය විහිළුවක් විය යුතුය නැත්නම් සිය දිවි නසා ගන්නට හේතුවක් සලස්වා ගන්නවා විය යුතුය. ශ්‍රී ලංකාව රටවල් 71 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස්‌ ගණනක්‌ සහභාගි වන ක්‍රීඩා උළෙලක්‌ සංවිධානය කරන්න සැලසුම් කරන්නේ නම් එයත් සමාන කල හැක්කේ එවැන්නකටය

යුද්ධය අවසන් විය. යුද්ධයට පොම්ප කල මුදල් රටේ සංවර්ධණයටත් ඉහල මට්ටමක පවතින ජීවන වියදම පහලට ගෙන ඒමට කටයුතු කරනු ඇතැයි විශ්වාස කල ජනතාව 2010 දී විපක්‍ෂයේ සියලු පක්‍ෂ එක්‌ව මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමට මහත් උත්සහායක් ගනිද්දීත් ලක්‍ෂ 18 ක පමණ අතිවිශාල ඡන්ද ප්‍රමාණයකින් යළිත්  ජනාධිපති තනතුරට පත් කලේය .එහෙත් ඒ ජනතා බලාපොරොත්තු  බොදවෙමින් පවතින  සිහිනයක් බවට පත්වීමට ඉඩ හැරිමට උත්සහා ගන්නේ නම් එය බරපතල පාපයක් විය යුතුය.අද ජනතාව සිටින්නේ යුද සමයේ දැරූ ජීවන බරටත් වඩා දරුණු ජීවන බරක්‌ හිස මත තබාගෙනය.

 

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රට වෙනුවෙන් කළ කැප කිරීමට ජනතාව කෘත ගුණ සලකා ඇත . විවිධ මනස්ගාත සිතන  දේශපාලකයන් සහ  නිලධාරින්ට  කැමති  විදියට රට යන්න හැරියොත් සිදුවන්නේ රටේ ආර්ථිකයත් විනාශ වී රටත් නැතිවීමය. රුපියල් කෝටි 26500ක මුදලක් වැය කරන්නට හිත හදාගෙන පොදු රාජ්‍ය මණ්‌ඩලයීය ක්‍රීඩා උළෙල බඳු මහා පරිමානයේ ක්‍රීඩා උළෙලක සත්කාරකත්වයටත්, ඒ සඳහා යටිතල පහසුකම් සූදානම් කිරීමටත් ශ්‍රී ලංකා රජය යොමු කිරීමට ප්‍රයත්න දැරූ  උත්තමයින්ට රට සංවර්ධණය කිරීමටත් ජනතාවගේ ජීවන බර සමනය කර ගැණිමටත්  සැලසුම් නැති බව දැන් සිටම සිතන්නට ජනතාව පටන් ගනු ඇත.

One comment on “ඒ ඡන්දෙන් අපි දිණුම් !.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )