දේශපාලන පලිගැණීම් සහ පිලිගැණිම්.


මේ පහතින් පල වන්නේ ඌණ ක්‍රියාකාරිත්‍වයෙන් යුත් ආයාතන රජයට පවරා ගැනීමේ පනතට එක්සත් ජාතික පක්‍ෂය දක්වන  අදහසයි.ඔවුන් මෙ පනත ඉදිරිපත් කරනු ලැබු පසු වඩාත් සාකච්ඡා කරනු ලැබුයේ පැල්වත්ත සහ සෙවණගල යන සීනී සමාගම් දෙක සම්බන්‍ධයෙන් පමනකි.

රජයේ අරමුණ ගැන කඩුල්ලටත් විවේචන තිබේ. එහෙත් මහජන දේපල අම්මා අප්පාගේ බූදලයයි සිතා ප්‍රකාශ නිකුත් කරන බලධාරීන් කෙරෙහි වෛරයක්ද ඇතිවේ.

රජයට අයත් දේපලක් ලබා ගැණිමට සියළු පුරවැසියන්ටම කළ නොහැක්කකි. ලාබෙට සහ පහසුවට එවන්නැක් කල හැක්කේ දයා ගමගේ මහතා වැනි සුවිශේෂී පුරවැසියන්ට පමණි. රජය ආපසු පවරා ගැණිමෙන් පසු  එක්සත් ජාතික පක්‍ෂය නැවත පැමිණි විට යලිත් දයා ගමගේ මහතාට ආපසු දෙන්නත්    සහතිකයක් ගත හැක්කේ එවැනි පුරවැසියෙකුවු බැවිනි.

අපි වැන්නන්ට මෙවැන්නක් සිදුවන්නේ නම් යා හැක්කේ බුදුසරන පැතීම,  දෙවියන් වහන්සේගේ සරන පැතීම හෝ  අල්ලා දෙවියන්ගේ සරන පැතීම පමනි.අපට මෙවැන්නක් සිදුනොවන්නේ සම්මජාති මෙවැනි ලොතරැයි නොඇදෙන නිසාවෙනි. අපි ඡන්දයදී ආණ්ඩු පිහිටුවා ගන්නේ  මහජනතාව වු අපට සේවයක් කර ගැණිමට නොවේ යයි දිනෙන් දින වඩ වඩාත් අපට  තහවුරුවේ.

මින් මනත එකෙකුටවත් ඡන්දය නොදීමට  ජනතාව තීරණය කරන දිනය වැඩි ඈතක නොවේ යයි කඩුල්ලට සිතිවිල්ලක් ඇතිවේ.

හදිසි පනතක්‌ මගින් රජයට පවරා ගන්නා ලද පෞද්ගලික ආයතන සියල්ල එක්‌සත් ජාතික පක්‍ෂ රජයක්‌ බලයට පැමිණි වහා නැවත එම ආයතන භුක්‌ති විඳි හිමිකරුවන්ට ලබාදෙන බව වැඩබලන විපක්‍ෂ නායක ජෝන් අමරතුංග මහතා “දිවයින” පුවත් පතට ප්‍රකාශ කර තිබිණි. එම දිවයින වාර්තාව තවදුරටත් මෙසේ සවිස්තරව කරුනු ඉදිරිපත් කරයි.

” පෞද්ගලික අංශයට පැවරූ ව්‍යාපාර හිටි හැටියේම රජයට පවරා ගැනීම සිදුකළේ දේශපාලන පළිගැනීමක්‌ වශයෙන් බව පෙන්වා දෙන හෙතෙම ඊට එරෙහිව මේ වන විටත් එක්‌සත් ජාතික පක්‍ෂය ජාතික හා ජාත්‍යන්තර ක්‍රියාමාර්ගවලට යොමුව සිටින බව අනාවරණය කළේය.
පෞද්ගලික ආයතන 37 රජයට පවරා ගැනීමේ පනතට විපක්‍ෂය දැඩි විරුද්ධත්වය පළකර සිටියද ඒ විරෝධය නොතකා ආණ්‌ඩුව අත්තනෝමතිකව පනත සම්මත කරගත් බව හෙතෙම කීය.
පනත සම්මත කර ගැනීමට රජයට අවශ්‍ය නම් දැනට ලාභ ලබන පැල්වත්ත, සෙවණගල ඇතුළු ප්‍රධාන ආයතන කිහිපයක්‌ ඉන් නිදහස්‌ කරන ලෙස සිය පක්‍ෂය ඉල්ලා සිටියද ඊට ඇහුම්කන් නොදීමෙන් සනාථ වන්නේ මෙය දේශපාලන පළිගැනීම නිසාම කළ කටයුත්තක්‌ බවද අමරතුංග මහතා පවසයි.
හදිසි පනතක්‌ යටතේ මෙලෙස පෞද්ගලික ව්‍යාපාර රජයට පවරා ගැනීමට එරෙහිව දැනට විදේශගතව සිටින එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා රටවල් ගණනාවක නායකයින් දැනුවත් කර මෙරට ව්‍යාපාරිකයන්ට සිදුව තිබෙන අසාධාරණය පෙන්වා දුන් බවද ඒ මහතා කීය.
මේ අතර ව්‍යාපාර පවරා ගැනීමට සම්මත කර ගත් පනත සංශෝධනයට ලක්‌කර ලාභ ලබන ව්‍යාපාර ඉන් ඉවත් කිරීම රජයට ඕනෑම අවස්‌ථාවක කළ හැකි බවත් ඒ පිළිබඳව ඉදිරි කාලය තුළ හෝ රජයේ අවධානය යොමුකළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධව එක්‌සත් ජාතික පක්‍ෂය අනුගමනය කළ යුතු ඉදිරි පියවර දැනට විදේශගතව සිටින නායක රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවට පැමිණි වහාම සාකච්ඡා කොට තීරණය කරන බව වැඩබලන විපක්‍ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.”

the last song.

Image by PG Neto via Flickr

පවරා ගත් ආයාතන.

 I වැනි උපලේඛනය

ඌන ක්‍රියාකාරී ව්‍යවසායන්

1. හොටෙල් ඩිවලපර්ස්‌ (ලංකා) ලිමිටඩ්  ( හිල්ටන්)

II වන උපලේඛනය

ඌන උපයෝජිත වත්කම්
1. පිටකොටුවෙහි පිහිටා ඇති දේපළ – චාමර්ස්‌ ධාන්‍යාගාරය
2. බදුල්ලේ පිහිටි දේපළ – කළම්බු කොමර්ෂල් කම්පැණි
3. පිටකොටුව සහ නාරාහේන්පිට පිහිටි ලංකා ට්‍රැක්‌ටර්ස්‌ ලිමිටඩ්
4. සීමාසහිත පැලවත්ත සීනි සමාගම සමන්විත වන දේපළ
5.
සීමාසහිත සෙවනගල සීනි සමාගමට අයත් දේපල පිහිටි ඉඩම
6. සිනෝටෙක්‌ස්‌ (ලංකා) ලිමිටඩ්
7. ජැක ලංකා ලිමිටඩ්
8. ප්ලයිමත් ඉන්ඩ්‍රස්‌ටීස්‌ (ප්‍රයිවට්‌ ලිමිටඩ්)
9. කොස්‌මොස්‌ මැකි ඉන්ඩ්‍රස්‌ටීස්‌ ලිමිටඩ්
10. කාබුල් ලේස්‌ (ප්‍රයිවට්‌ ලිමිටඩ්)
11. කජු සංස්‌ථාව කලින් පිහිටි ඉඩම
12. ඉන්ටර්ටේ්‍රඩ් ලංකා ප්‍රයිවට්‌ ලිමිටඩ්
13. සුචීර් නෙබ් ප්‍රජෙක්‌ටිස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
14. සෙලින්කෝ ලෙෂර් ප්‍රොපටීස්‌ ලිමිටඩ්
15. සීතා පැෂන්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
16. ඩී. සී. ඇපරල් ප්‍රයිවට්‌ ලිමිටඩ්
17. නීඩ්ල් ක්‍රාෆ්ට්‌ස්‌ (ප්‍රයිවට්‌) ලිමිටඩ්
18‍ ෆැෂන් ගාමන්ට්‌ස්‌ (ප්‍රයිවට්‌) ලිමිටඩ්
19. කොලින්ස්‌ ගාමන්ට්‌ (ප්‍රයිවට්‌) ලිමිටඩ්
20. රුහුණු පුතා ඇපරල්ස්‌ (ප්‍රයිවට්‌) ලිමිටඩ්
21. සන්ජය ගාමන්ට්‌ (ප්‍රයිවට්‌) ලිමිටඩ්
22. මැක්‌ස් ඇපරල් (ප්‍රයිවට්‌) ලිමිටඩ්
23. යෝබැද්ද ඇසෝසියේට්‌ස්‌ (ප්‍රයිවට්‌) ලිමිටඩ්
24. ඩයනමික්‌ ක්‌ලෝතින් (ප්‍රයිවට්‌) ලිමිටඩ්
25. පොලිමර්ස්‌ එක්‌ස්‌පෝර්ට්‌ස්‌ (ප්‍රයිවට්‌) ලිමිටඩ්
26. කොස්‌කෝ පොලිමර් ලංකා (ප්‍රයිවට්‌) ලිමිටඩ්
27. ග්‍රේට්‌ වෝල් ත්‍රෙඩ් මැනුපැක්‌චරින් (ප්‍රයිවට්‌) ලිමිටඩ්
28. ආදම්ජි එක්‌ස්‌ට්‍රැක්‌ෂන්ස්‌ (ප්‍රයිවට්‌) ලිමිටඩ්
29. ඩාටා ෆුඩ් (ප්‍රයිවට්‌) ලිමිටඩ්
30. ටෙන්ඩන් ලංකා (ප්‍රයිවට්‌) ලිමිටඩ්
31. රිකාන් ලංකා (ප්‍රයිවට්‌) ලිමිටඩ්
32. කොම්පොසිමි ටවර් සොලියුෂන්ස්‌ (ප්‍රයිවට්‌) ලිමිටඩ්
33. හෙල්ත් ‍ෆුඩ් ප්‍රඩක්‌ට්‌ස්‌ (ප්‍රයිවට්‌) ලිමිටඩ්
34. ශ්‍රී චිරාග් (ප්‍රයිවට්‌) ලිමිටඩ්
35. රෝයල් එක්‌ස්‌පෝට්‌ස්‌ (ප්‍රයිවටඩ්) ලිමිටඩ්
36. කොන්ටිනෙන්ටල් වනස්‌පති (ප්‍රයිවට්‌) ලිමිටඩ්

මින් ජැක ලංකා ආයාතනය කඩුල්ල පදිංචි ප්‍රදේශයේ පිහිටා ඇති සේවකයන්ද අර්බූදයට පත් කර මින් වසර හතරකට පමණ පෙර වසා දැමු ආයාතනයකි.වර්තමානය වන විට ඉතිරිව ඇත්තේ භූමියත් ගොඩනැගිලි කිහිපයක් පමනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )