දේපල පවරා ගැනීමේ පනත් කෙටුම්පත


Ranil At UNP Office

Image by indi.ca via Flickr

එක්සත් ජාතික පක්‍ෂය ජනාධිපති ධුරය නැතිව අග්‍රාමාත්‍යධුරය අත ඇතිව පාලනය කල වසර දෙකෙහි අපට සතොස වැනි ආයාතන අහිමිව සුපර් මාකට් හිමි කල දුන් වග සිහිපත්වන්නකි. සතොස වැනි ආයාතන තුලින් රජයේ මැදිහත් වීමෙන්  බඩුමිළ පාලනය කිරීමේ හැකියාවක් තිබු අතර පුද්ගලික අංශයේ ඒකාධිකාරයක් ඇති වීමෙන් හිතු මිලට අලවි කිරීමේ සම්ප්‍රදාය මගින් ආයාලයේ යාමක් නිර්මාණය වේ.එමෙන්ම පාඩු ලබන ආයාතනයයි පවසමින් චන්ද්‍රිකා පාලන සමයේ පසු අඩතුල ජනතා අයිතියෙන් බැහැරවුයේ ලාභ ලබන ආයාතන බව අපට සිහිපත්වේ.මේ දිනවල සාකච්ඡාවන දේපල පවරා ගැනීමේ පනත් කෙටුම්පත විපක්‍ෂය ( විශේෂයෙන් එජාපය )හදුන්වන්නේ යක්‍ෂයෙකුගේ බියකරු ස්වරූපයෙනි.

කඩුල්ල මේ පනත තේරුම් ගත්තේ මේ අයුරිනි.

මෙම පනත් කෙටුම්පතේ පවරා ගැණිමට නිර්දේශ කිරීමට අර්ථ නිරූපිත ව්‍යාපාර හා ඒවායේ ස්වභාවය

  1. නිසි ආකාරව ක්‍රියාත්මක නොවන ව්‍යාපාර
  2. නිසි ලෙස ප්‍රයෝජනයට නොගන්නා දේපළ
  • යම් ආයතනයක්‌ නිසි ආකාරව ක්‍රියාත්මක නොවන ව්‍යාපාරයක්‌ හැටියට මෙම පනත ප්‍රකාරව සැලකීමට නම් කොන්දේසි 3 ක්‌ සම්පූර්ණ විය යුතුය.
    පළමු කොන්දේසිය වන්නේ ආණ්‌ඩුවට එම ව්‍යාපාරයේ කොටස්‌ අයිතිව තිබිය යුතුය.
  • දෙවනුව ආණ්‌ඩුව යම් අවස්‌ථාවකදී එකී ව්‍යාපාරයේ ණය ගෙවා තිබිය යුතුය.
  • තුන්වනුව එකී ව්‍යාපාරය ක්‍රියාත්මක කරන පුද්ගලික කළමනාකරණය සමඟ ආණ්‌ඩුව නඩු හබයක පැටලී සිටිය යුතුය.

නිසි ලෙස ප්‍රයෝජනයට නොගන්නා දේපළ

  • එකී දේපළ ආණ්‌ඩුවට අයිතිව තිබී යම් යම් කොන්දේසි මත රැකියා උත්පාදනය කිරීමට හා විදේශ විනිමය උපයා ගැනීම ඉලක්‌ක කරගෙන පුද්ගලික අංශයට බදු දී දැනට එම ඉලක්‌ක සම්පූර්ණ නොකරන දේපළ විය යුතුය.

මේ අනුව පනතට අනුව යමින්  පුද්ගලික ආයතනවලට බලපෑමක් සහ කිසිවකුගේ පුද්ගලික ඉඩම් පවරා ගැණිමට මෙකී පනත මගින් හැකියාවක් නැත. දැනට ආණ්ඩුව පවරා ගැණිමට ඉලක්ක කර ගත් ව්‍යාපාර කිහිපයක් ප්‍රකාශයට පත් කර ඇත. මේ සමාගම් අතරට දයා ගමගේ මහතාගේ සෙවනගල සීනි සමාගමත්, හැරී ජයවර්ධන මහතාගේ පැලවත්ත සීනි සමාගමත්, රවි වෙත්තසිංහ මහතාගේ ලංකා ට‍්‍රැක්ටර්ස් සමාගමත් අපේ රටට සම්පතක් වුවත් එම සමාගම්ද රජයට ගැනීමට යනවා. යයි රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවධාරනයෙන් ප්‍රකාශ කර ඇති සමාගම් කිහිපයකි.
ආණ්‌ඩුවෙන් යම් කොන්දේසි හා ඉලක්‌ක පෙරදැරි කරගෙන පුද්ගලික අංශයට පවරා දී ඇති මේ දේපළ වලින් ඒ ඉලක්‌ක සපිරෙන්නේ නැතිනම් නැවත පවරා ගැනීමට ආණ්‌ඩුවට අයිතියක්‌ ඇත.

රජය විසින් පවරා දුන් ඉඩම් සහ ව්‍යාපාර වල සාරය උරා බීමෙන් පසුව උවද දේපල භුක්ති විදින වරප්‍රසාද ලත් පන්තියේ ව්‍යාපාරිකයනට අසාධාරණයක්‌ නොවන ආකාරයට මාස 6 ක කාලයක්‌ තුල වන්දි ලබා දියයුතු බව මේ නීතියේම සඳහන් වන්නේය.වන්දි මුදල ඉඩමක්‌ නම් ඉඩමේ වටිනාකම අනුවත් ව්‍යාපාරයක්‌ නම් එහි කොටස්‌වල වටිනාකමත් අනුව ගෙවීමට ප්‍රතිපාදන පනතේම සදහන්ය.

තවද අදාළ භුක්තිකරුවනට දුක්‌ ගැනවිල්ලක්‌ තිබේ නම් එය අභියාචනාධිකරණය ඉදිරියට ගෙනයැමට මෙම පනතේ  ඉඩ ලබාදී ඇත.

වන්දි මුදල පිලිබදව අතෘප්තියක් ඇත්නම් එයද අභියාචනාධිකරණය ඉදිරියේ  සාකච්ඡාවට බඳුන් කළ හැකි බවත් සදහන්ය.

මහජනතාව වශයෙන් අපට නම් මෙම පනත ජනහිතකාමී ස්වරූපයක් ඇති බව නිගමනය කල හැක . එහෙත් මේ සදහා විරෝධය පල කරන පාර්ශවයන් නියෝජනය කරන එජාපය ජනතාහිතකාමීව පනත දෙස බලන්නේයයි සිතිය නොහැක. ඔවුන් වඩාත්ම කැපී පෙනෙන ලෙස දක්වන පැල්වත්ත සීනී සමාගම දයා ගමගේ මහතා 2002දී එජාප පාලනය කල කෙටි කාලය තුල රජයෙන් මිළ දී ගත්තේ රු. මිලියන 550කට ය. මෙම පනත අනුව එය ආපසු රජය ලබාගන්නා බවක් අපට උපකල්පනය කල හැකිය.

පෞද්ගලික අංශයට රජයකට තිබෙන කඩිනමින් වැඩිදියුණු කිරීමේ අභිලාශයක් ඇතිවිය නොහැක. ඔවුන් තම ලාභාංශ ආයෝජනය කරනු විනා තම පෞද්ගලික භාණ්ඩාගාර හිස් කර ගැණීමට කිසිදා කටයුතු නොකරනු ඇත.සීනී සමාගම් විෂයෙහි මෙම සිතිවිල්ල ආදේශ කරන විට මත්පැන් නිෂ්පාදනය සදහා වැඩි අවධානයක් යෙදවීම සාධාරණය. එහෙත් සීනී නිෂ්පාදනය ඉලක්ක කරගත් ව්‍යාපාරයකින් මත්පැන් දෝරේ ගලන්නේ නම් එයට රජය  අත පෙවීම මහජනයාගේ පාර්ශවයෙන් නම් සාධාරණය.

පසුගියදා පලවු ප්‍රවෘත්ති අතර ශ්‍රී ලංකාවේ සීනි පරිභෝජන අවශ්‍යතාවයෙන් 12% ක් නිපදවු ලංකාවේ සීනී සමාගම් දැන් නිපදවන්නේ 5%ක ධාරිතාවක් බව පලවිය.

සත්භාවයෙන් යුතුව රජය මෙම පනත ගෙන එන්නේ නම් මහජනතාව වන අපිට මෙහි වරදක් දැකිය නොහැක.එසේ නැතිව වෙනත් ගණුදෙනුවකට එළඹ සාක්කු පුරවා ගන්නා පරමාර්ථ ඇත්නම් මෙම පනතත් රජයට වැරදි ලකුණු එකතු කරගන්නා නිර්ණායකයක් ලෙස නිසැකයෙන්ම  පත්වනු ඇත.

3 comments on “දේපල පවරා ගැනීමේ පනත් කෙටුම්පත

  1. එතකොට සෙවනගල සීනි කම්හල අයිති වෙන්නෙ ඔයා ඔය කියන මොන නිර්ණායකය යටතටද. දයා ගමගේ සෙවණගල මිළදී ගත්තේ ඒක පාඩු ලබමින් සිටිනකොට බව ඇත්ත. ඒත් දැන් ඒක පාඩු ලබන්නේ නෑ. අනික ගමගේ ගෲප් එක සෙවනගල වැඩිදියුණු කරන්න මිලියන 2500කට වැඩිය ආයෝජනය කරලා තියනවා. ඒකෙ වන්දි විදියට ඉන් දහයෙන් එකක්වත් ලැබෙන්නෙ නැති බව දේපල පවරා ගැනීමේ නීතිය ගැන පොඩි හරි අවබෝධයක් තියෙනවානම් ඔයාට තේරෙනවා ඇති. කවුද මේවාට අලාභ ගෙවන්නේ. සෙවනගල කතන්දරේ අපි දන්නෙ ඒකෙ අයිතිකාරයා තමන්ට වෙන අසාධාරණය හඩනගා කියන්න පුළුවන් විදියේ බළ පුළුවන්කාරයෙක් වුණ හින්දා. ඒත් අනික් ව්‍යාපාර හිමියන්ගේ තත්වය මොකක්ද. අඩුමගානෙ ඒ මිනිස්සුන්ගෙ දුක් ගැනවිල්ලක්වත් අපිට ඇහෙන්නෙ නෑ. මේක ගොඩක් අයට හිනා වෙලා අමතක කරන්න පුළුවන් වුණාට ඒ දේපල වල හිමිකරුවන්ට එහෙම බෑ.
    තමන් ජීවිත කාලයෙන් වැඩි කොටසක් කැපකරලා ළග තියෙන මුදලුත් දාලා ආදරෙන් වර්ධනය කරන්න උත්සාහ කරන බිස්නස් එක අකාර්යක්ෂමයි කියලා වන්දි විදියට සොච්චමක් දීලා ආණ්ඩුවෙන් පවරා ගන්නකොට ඒ මිනිස්සුන්ට මොනවාද හිතෙන්නෙ. මේක හරිම කොල්ලකාරී නීතියක්. ඒත් අධිකරණයේ ස්වාධීනත්වයක් වත් නැති රටේ කොහොමද මේ වගේ දේවල් වලටවත් සාධාරණයක් බලාපොරොත්තු වෙන්නෙ.
    දුක තමයි. මේක දැන් බල්ලට ගිය රට.
    ශ‍්‍රී ලංකාවට එන්න ටිකක් හරි බලාපොරොත්තුවෙන් හිටපු විදේශ ආයෝජකයෝ දැන් තමන්ගෙ තීරණ ගැන නැවත සළකා බලන්න පටන්ගනීවි.

  2. “ශ‍්‍රී ලංකාවට එන්න ටිකක් හරි බලාපොරොත්තුවෙන් හිටපු විදේශ ආයෝජකයෝ දැන් තමන්ගෙ තීරණ ගැන නැවත සළකා බලන්න පටන්ගනීවි.” ඔව් Wisammutti නැවත සලකා බලන එක ෂුවර්. ඒත් එහෙම පුද්ගලික ආයෝජකයෝ අවශ්‍ය නැහැ රාජ්‍ය අන්‍රග්‍රහයෙන් එන අය ඉන්නා නිසා.

    වැඩවසම් ක්‍රමයට බැන වදිනා අය පුද්ගලික දේපල කුමන පාඩු වින්ඳත් ආණ්ඩුවට පවරා ගන්නා වැරැද්ද නොදැකීම කණගාටුවකි. මෙය පක්ෂ පක්ෂපාතීත්වයකින් නොව විමසිය යුත්තේ පුද්ගල අයිතිය පිළිබඳ අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙස ය.

    පුද්ගලික දේපල යනු පුද්ගලික අයිතියක් ඇති, එය අයිති අයට ඒවා වැඩි දියුණු කරනවා ද නැද්ද යන්න තීරණය කරත හැකියාව ඇති දැයයි. නැත්නම් පුද්ගලික දේපල යැයි කියන්නේ කුමකට ද?

  3. 1971 ව්‍යාපාර පවරා ගැනීමේ පනතට අනුව රජයට අභිමත පරිදි පවරාගැනීම් සිදු කල හැකිවේ. මේ සදහා ව්‍යාපාර හිමිකරුවන්ගේ හො අනෙකුත් පාර්ශවයන්ගේ එකඟත්වයක්‌ රජයට අවශ්‍ය නොවිනි. සමහර විට ව්‍යාපාර අයිතිකරුවන්ටද පුර්ව දැනුම් දීමක් කිරීම පවා අවශ්‍ය නොවිනි.
    මුදල් ඇමැතිවරයාට තම තනි අභිමතය පරිදි හෝ වෙනත් ඇමැතිවරයකුගේ ඉල්ලීම පරිදි මෙවැනි පවරා ගැණිමක් කිරීමට ‍1971 ව්‍යාපාර පවරා ගැණිමේ පනත අනුව අවකාශ තිබිණි. මුදල් ඇමැතිවරයා විසින් භාණ්‌ඩාගාර ලේකම්වරයාට කරන ලිඛිත දැන්වීමකින් පසු පවරා ගැණිම ක්‍රියාත්මකවේ. නියෝගයක්‌ නිකුත් කළ පසු කිසිදු උසාවියකට ඒ තීරණය ප්‍රශ්න කළ නොහැක. අභියාචනයක්‌ ඉදිරිපත් කළ හැක්‌කේ මුදල් ඇමැතිවරයාටම පමණි. මුදල් ඇමැතිවරයා කැමැති නම් පමණක්‌ එකී අභියාචනය ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන ත්‍රීපුද්ගල උපදේශක මණ්‌ඩලයකට යොමු කළ හැක.
    මේ යොමුකිරීමද අනිවාර්ය දෙයක්‌ නොවන බවද සැලකිය යුතුය.

    1971 ව්‍යාපාර පවරා ගැනීමේ පනත යටතේ අත්පත්කර ගන්නා දේපල හා ව්‍යාපාර සම්බන්ධයෙන් පහත සදහන් බලතල මුදල් ඇමතිවරයා සන්තකයට පත් කර තිබිනි.
    • වන්දි ගෙවීමේ ක්‍රමවේදයන් සම්පාදනය කිරීම
    • වන්දි මුදල් තීරණය කිරීම ,
    • ගෙවීම් කරන ආකාරය සහ කාලවකවානුව තීරණය කිරීම
    • මුදල් ඇමැතිවරයාගෙන් බලය ලත් ඕනෑම නිලධාරියකුට ඕනෑම අවස්‌ථාවක ව්‍යාපාරික ආයතනයේ මුදල් වාර්තා හා ගිණුම් පරීක්‍ෂා කිරීම
    • එම ව්‍යාපාරයට අයිති චංචල හා නිශ්චල දේපල ලැයිස්‌තු ගත කිරීම.
    මෙවැනි පුළුල් ප්‍රජාතන්ත්‍ර විරෝධී බලතල එම පනතට ලබා දී තිබිණි. ඇත්තෙන්ම 1971 ව්‍යාපාර පවරා ගැනීමේ පනත භයානක පනතකි.
    එ.ජා.ප. ය විසින් පසුව 1971 ව්‍යාපාර පවරා ගැනීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත අහෝසි කර දමන ලදී.
    1971 ව්‍යාපාර පවරා ගැනීමේ පනත ඉදිරිපත් වන අවස්ථාව වන විට රජයට පවරා ගැණිමට අවශ්‍ය වුයේ පුද්ගලික අංශය මගින් පවත්වා ගෙන යන ලද ව්‍යාපාරයි. මෙම යෝජිත නව පතතින් අදහස් කරන්නේ රජයට අයත්ව තිබු පුද්ගලික අංශය වෙත පවරන ලද අකාර්යක්‍ෂතම ව්‍යාපාර යලිත් රාජ්‍ය ආධිපත්‍ය යටතට ගැණිමයි.
    මෙම පනත 1971 පනතේ අඩංගු ප්‍රතිපාදන වලට නම් කිසිසේත් සමාන කල නොහැකිවේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )