අ / පූර්වදර්ශ.


සැප්තැම්බර් 29දා කරන්දෙනියේ වෛද්‍ය ප්‍රියංග ජයසිංහ මහතා ඝාතනය කිරීම   සිද්ධිය  සහ මහනුවර හිටපු පුරපති කේසර සේනානායක මහතාට එල්ලවී තිබූ චෝදනාවට ජනාධිපති සමාව ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කිරීම  යන ප්‍රවෘත්ති සමාජ තලයේ සාකච්ඡා වන වැදගත් ප්‍රවෘත්ති දෙකක් බවට පත්වී ඇත.

නූතන වෛද්‍ය විද්‍යාවේ පෙරටුගාමියාවු  හිපොක්‍රටිස් (  ‌ ක්‍රි.පූ. 460 –  370 )   වෙලාවක්‌ අවේලාවක්‌ නොබලා, කුලය ධනය බලය නොසලකා, කිසිදු කාලගුණික සහ දේශගුණික තත්ත්වයන් නො සලකා මුදල් හෝ වෙනත් වාසි නොබලා තමන් වෙත එන රෝගීන්ට ප්‍රතිකාර කරන්නෙක්‌ විය යුතු පුද්ගලයා වෛද්‍යවරයා යනු බව  පවසා ඇත . හැම වෛද්‍යවරයකුම හිපොක්‍රටිස්‌ කියන මේ කාරණාවලට අනුගත විය යුතු බවට පොදු පිළිගැනීමක්‌ වෛද්‍ය ක්‍ෂේත්‍රය තුළ ඇත. එහෙත් මුදල් පසු පස අඹා යන අපේ වෛද්‍යවරුන්ට හිපොක්‍රටිස්‌ දිවුරුම බිත්තියේ එල්ලා ඇති සටහනක් පමනක් වී ඇත.

වෛද්‍ය ප්‍රියංග ජයසිංහ මහතා හා වානිජ වෛද්‍ය  තරගයකින් ජයග්‍රහණය කිරීමට නොහැකිවු තවත් වෛද්‍යවරයෙකු හමුදා කපිතාන් වරයෙකට දෙන ලද කොන්ත්‍රාත්තුවක් අනුව  වෛද්‍ය ප්‍රියංග ජයසිංහ මහතා  ඝාතනය විය. වෛද්‍ය වෘත්තියෙන් වේවා  මස් කඩයක් පවත්වා ගෙන යාමෙන් හෝ වේවා සමාන වාණිජ ව්‍යාපාර අභිබවා ඉදිරියට යාමට මිණිමරා ගැණිමෙන් නොහැකිය.

වානිජ්‍ය සියුම් කලාවකි. කලාත්මකව  ව්‍යාපාර හැසිරවීමෙන් තමන්ගේ  ව්‍යාපාර අනෙකාගේ ව්‍යාපාර අභිබවා පවත්වාගෙන යා හැකිය. මේ ශිල්පය වෛද්‍යවරයෙකුවු පමණින් ඉගන නොගත් වෛද්‍යවරයෙකු  වෛද්‍ය ප්‍රියංග ජයසිංහ මහතා වෙඩි තබා මරා දමා තමන්ගේ  දේපලද විනාශ කරගෙන පොලිස් අත් අඩංගුවට පත්වීම පලමු පුවත බවට  ඇත.

මේ සිද්ධියේදී චුදිතයන්ගේ දේපල විනාශ කරමින් කරන්දෙණිය ජනතාව හැසුරන අන්දම හාණිකර වුවත් එලෙස හැසිරෙන්නේ  නීතීය  ඉටුවීම සාධාරණ නොවන බවට ඇති විශ්වාශයත්  නීතිය ඉටුවීමට බොහෝ කාලයක් ගත වීමත්  කෙරෙහි ජනතාව තුල ඇති අතෘප්තිය යයි කඩුල්ල උපකල්පනය කරන්නකි.

මෙලෙසම අප්‍රසාදයෙන් යුතුව සිතන්නට තවත් පුර්වාදර්ශයක් අපට සපයා දී ඇති පුවතක් ලෙස මහනුවර හිටපු පුරපති කේසර සේනානායක මහතාට  ජනාධිපති සමාව ලබාදීමට කටයුතු යෙදීම  සටහන් කල යුතුය.

තායිපේ නගරයේදී පැවති අන්තර්ජාතික පළාත් පාලන ආයතන සංගමයේ වැඩමුළුවට වර්ෂ 2004 අප්‍රේල් 13 වන දින සිට අප්‍රේල් 15 දිනය දක්වා සහභාගීවීම සඳහා මහනුවර මහනගර සභා අරමුදලින් මුදල් ලබාගෙන ඊට සහභාගී නොවී තම බිරිඳ සමගින් සිංගප්පූරුවේ සංචාරය කිරීමෙන් රජයට රුපියල් 1,85000 ක මුදල් පාඩු සිදුකරන ලදැයි මහනුවර හිටපු පුරපති කේසර සේනානායක මහතාට එල්ලවී තිබූ චෝදනාවට ජනාධිපති සමාව ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කිරීම දෙවෙනි පුවත ලෙස කාගෙත් අවධාණයට ලක්විය.

මෙය ඉතාමත් නරක පුර්වාදර්ශයක් වන්නේ මෙම චෝදනාව සම්බන්ධයෙන් සේනානාක මහතාට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ලබාදුන් තීන්දුව අනුව රුපියල් ලක්ෂ 2 ක දඩ මුදලක් හා අත්හිටවූ සිරදඬුවමක් ලබාදීමත්  පසුව කේසර සේනානායක මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව කොළඹ මහාධිකරණයේ හා අභියාචනාධිකරණයේ අභියාචනා ගොනුකරනු ලැබීමෙන් පසුවත්   එම අධිකරණවලින්ද ඔහු වරදකරු කරනු ලැබ චෝදනාව තවත් තහවුරු කර තිබියදී  ජනාධිපති සමාව ලබාදීමය.

එසේනම් ජනාධිපතිතුමා මේ වරදට සමාව දීමෙන් අප විශ්වාශ කප යුත්තේ  මහජන දේපල ගසා කෑම සාධාරණ කටයුත්තක් ලෙස මහින්ද චින්තනය විසින් අනුමත කරන්නක් බවද ?.

Advertisements

One comment on “අ / පූර්වදර්ශ.

  1. “එසේනම් ජනාධිපතිතුමා මේ වරදට සමාව දීමෙන් අප විශ්වාශ කප යුත්තේ මහජන දේපල ගසා කෑම සාධාරණ කටයුත්තක් ලෙස මහින්ද චින්තනය විසින් අනුමත කරන්නක් බවද ?.”

    ඔව්.
    ඊට අමතරව දාමරිකකම්, තක්කඩිකම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ද එසේ අනුමතයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )