අපිද දුප්පත් – තාත්තගේ යාළු‍වාද ?


දින පොත ලියන්න හිතපු ගමන්ම “ජීවිතයෙන් තව දවසක් අඩු  වෙනවා”  කියලා මට මනෝහරන් කියාපු කතාව ආයෙත් මතක් වෙනවා. වැඩි කාලයක් මේ දවස් වල අපිට වැස්ස.උදේ ඉදන් වැහි අදුර. දෙසැම්බර් හීතල නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ වන අපිට සීත ඇදුම් ඇගලා ගෙන ඉන්න වෙනවා.

අගනුවර පදිංචි කඩුල්ලගේ ඥාති දරුවන්ට  ආත්තම්මාගේ මහ ගෙදරට තියෙන්නේ ලොකු කැමැත්තක්. නිවාඩු කාලයක් එනකම්  නැත්නම් දිග සති අන්තයක් වෙනකම් බලා ඉදලා ආත්තම්මා හොයා ගෙන ඇවිත් දවස් ගත කල යන්න මේ දරුවෝ හරි කැමතියි.

අද දිනපොතේ සටහන මේ දරුවන්ට සම්බන්‍ධ නැහැ. ඒත් දරුවෝ නිදහසට ස්වභාවිකත්වයට කැමතියි.  ඇලක දොලක දගලලා නාන්න – කුරුල්ලෙකගේ සද්දේ අහන්න-  නිහඩ පරිසරයට ඇහුම් කන් දෙන්න  දරුවන් කැමතියි.

මේ කතාව ජනප්‍රිය කතාවක්. මම ආයෙත් මතක් කරන්නම්.

දවසක් නගරයේ පදිංචි සල්ලිකාර තාත්තා කෙනෙක් ගමේ පදිංචි එයාගේ මිත්‍රයෙකුගේ නිවසට තම පුතාත් බිරිදත් එක්ක නිවාඩුවක් ගත කරන්න යනවා. නගරයෙන් ගමේ නැති කෑම බීම විසිතුරු දේවල් මිත්‍රයාගේ පවුලේ සාමාජිකයන්ට පොදි බැද ගෙන යන ගමනේ අතර මගදී   පුතා තාත්තා ගෙන අහනවා “ඇයි තාත්තේ මෙච්චර තැගී බෝග”          කියලා. “  ඒ අන්කල් ලාට ඒ තරම් සල්ලිත් නෑ නේ . ඒක හින්දා අපි කරදර කරන්න හොද නැහනේ ” කියලා තාත්තා  උත්තර බදිනවා.

අන්කල්ගේ දරුවෝ ගමේ පාසලේ ඉගන ගන්නවා. පාසල එවර වෙලා ඇවිත් අන්කල් එක්ක ගොවිපලේ වැඩට හවුල් වෙනවා. මේ පාසල් නිවාඩු කාලේ  . ඒ දරුවොත් තාත්තගේ වැඩපල වල පංගුකාරයෝ වෙලා. මේ නිවාඩු කාලය අන්කල්ගේ දරුවොත් එක්ක හවුල් වෙමින් වැඩ පල කරනවා ගලා ගෙන දොළට බැහැලා සීතල වතුර නානවා.   පුතා ඉතාම සතුටින් කාලේ ගෙවනවා.

නිවාඩුව කෙලවර වෙලා අම්මයි තාත්තයි පුතයි ආපහු නගරෙට එනවා. අතරමගදී  අම්මයි තාත්තයි  නගරයේ සහ ගමේ වෙනස ගැන බර කතාවක. බලන්නකෝ ඒ ගොල්ල කොයිතරම් වෙහෙසෙනවද ?. ගොවිපලේ වැඩ වලට . මට නම් හිතා ගන්නවත් බෑ. අම්මා කියනවා. පුතා ඒ කතාවට විරුද්ධ වෙනවා. තාත්තා කාගෙවත් ඔ‍ෆිස් එකක හිරකාරයෙක් වෙලා එනවා. අම්මට තේරෙන්නේ නෑ -ඒ ගොවිපල අන්කල්ගේ – වැඩ කරන්නේ අංකල් ඇන්ටි දෙන්නා . මගේ යාළුවෝ ටික. ඉතින් කොයි තරම් හොදද ?.

ඒ වුනාට ඒ ගොල්ලන්ට සල්ලි නෑ නේ ? තාත්තා කියනවා.

සල්ලි මොනවටද ? පුතා ප්‍රශ්නයක.

ගෙදරට කෑම බීම ගන්න ..!  මාකට්  යන්න සල්ලි එපාය . තාත්තා උත්තර සපයනවා

එයාලට ගොවිපලෙන් අළුත් එලවළු තියෙනවා, කිරි තියෙනවා  මස් තියෙනවා. ඉතින් මාකට් යන්න ඔනී නෑ නේ . පුතාගේ උත්තර වැලක් කියනවා.

පුතා තවත් කරුනු ඉදිරිපත් කරනවා.

එයාලට බල්ලෝ හතර දෙනෙක් ඉන්නවා  – අපිට ඉන්නේ එක්කෙනයි .

අපි නාන්නේ ස්විමිං ‍ෆුල් එකේ – ඒ ගොල්ලා නාන්නේ නිතරම අළුත් වෙන ගගෙන්

අපි පරණ කැම මිලදි ගන්නවා  -ඒ ගොල්ල අළුත් කෑම ගොවිපලෙන් ගන්නවා.

අපි ගේ වටේ අපේ ආරක්‍ෂාවට බැමි බැදගෙන – ඒ ගොල්ලා ආරක්‍ෂාවට ගමම එකතු වෙනවා .ගමම මිත්‍රයෝ.

තාත්තටයි අම්මටයි කතා නෑ .

පුතා අහනවා  – අපිද දුප්පත් තාත්තගේ යාළු‍වාද ? කියලා.

ඇත්ත තමයි මුදල් නෙමෙයි ධනය කියන්නේ . අපි සරලව ජීවත්වෙනවා නම් ඊටත් වඩා ධනයක් නැහැ කියලා තාත්තා අම්මට කියනවා.

පුතාට ඇහෙන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )