ලෝක ජනගහනය බිලියන හතක් !.


අද දවසේ කතා බහ අතරට ලෝක ජනගහනය බිලියන හතක් වු පුවත පලමුතැනට පත්වු කතාව බවට පත්වෙලා. අපේ වහරෙන්  නම් ජනගහනය කෝටි හතක් !.

ජනගහනය පාලනය කරන්න ස්වභාවික හේතුන් වලට අමතරව පවුල් ඒකක තුලින්ම පාලනය කිරීමේ ක්‍රම වේදයන් මේ වන විට ඇතිවෙලා. භූමිකම්පා, සුනාමි, වසංගත රෝග, යුද්ධ වගේ දේවල් ඇතිවෙලාත් ජනගහනය පාලනය වනවා. මෙහෙම හිතන එකනම් ම්ලේච්චවු අදහසක් කියලයි කඩුල්ලට හිතෙන්නේ. ඒත් සමහර උදවිය එවැනි තත්වයන් නිර්මාණය වන්නේ ජනගහනය පාලනය කරන්න කියලා හිතනවා.

ආරක්‍ෂාවු සහිත ස්ථානවල ජීවත්වීම ස්වාභාව ධර්මයේ ආපාදා වලින් ගැලවීමට හේතුවක්. ඒත් වැඩිවන ජනගහනයට සරිලන්න ජීවත්වීමට සුදුසු ඉඩකඩ වැඩිවෙන්නේ නැති වුනාම ආරක්‍ෂා සහිත ස්ථාන හැම වැසියාටම ලැබෙන්නේ නැහැ.

ලෝකයම නිර්මාණය කරගන්නා යුද්ධ ලෝකයම විනාශ කර ගන්නවා. හරියට සියදිවි නසා ගන්නවා වගේ.වර්තමානය වන විට තමන් දියුණු බව හදුන්වා ගන්නා  සුපිරි බලවතුන් පිරිස ( – එහෙත් නොදියුණු මනසකින් යුත් )  යුද්ධය නිර්මානය කරන්නේ තමන් පමනක් සුපිරි ලෙස ජීවත් විය යුතුයැයි අරමුණු කර ගෙනයි. අනෙක් රටවල සම්පත් මංකොල්ල කාගෙන තම රටවල් වල සම්පත් බවට පත් කර ගන්න මේ ජාතීන් , අනෙක් රටවල සාමය විනාශ කරමින් යුද්ධ නිර්මාණය කරනවා.

වැඩිවෙන ජනගහනයට ඔබින ලෙස  ලෝකයේ සම්පත්  වැඩි නොවන නිසා ජනගහනය පාලනය කළ යුතුයි කියන අදහස ජනප්‍රිය මතයක්. “පුංචි පවුල රත්තරන් “ කියලා සංකල්පයක් හැත්තෑවේ දශකයේ අපේ රටේ ස්ථාපිත කල අදහසක්.  දැන් පවුල් පුංචියි. එක්කෙනා දෙන්නට සීමා වෙලා.

ලෝකයේ පවතින්නේ සම්පත් හිඟවීමද සම්පත් සමාන ලෙස නොබෙදීයාමද කියන එක ප්‍රශ්නයක් .  ලෝකයේ ජනගහනයෙන් සුළු පිරිසක් විසින් අසීමිත සම්පත් ප්‍රමානයක් ඉතාම ආත්මාර්ථකාමී ලෙස භුක්‌ති විඳීනවා. අසමාන පරිභෝජනය, අසමාන සංවර්ධනය යන වදන්වලින් හැඳින්වෙන මේ තත්ත්වය ලෝකය පුරා දිනෙන් දින වර්ධනය වෙමිනුයි තිබෙන්නේ.

අපි තිගැස්සෙන්න ඕනී ලෝක ජන ගහනය බිලියන හතක් වුනාට නෙමෙයි. මේ සුළු පිරිසක් විසින් සිදුකරනු ලබන අසමතුලිත පරිභෝජනය සහ සූරා කෑම දිනෙන් දින වර්ධනය වීමටයි.වනය තුල පවතින න්‍යාය බලවත් සතුන් දුබල සතුන් ආහාරයට ගෙන යැපීමයි. අපේ සමාජයේද සිදුවන්නේ එයමයි. බලවතා සියළු සැප සම්පත් මැද ජීවත්වෙන්නේ  දුබලයා දුක් කම්කටොළු මැද  මියයන්නට සලස්වලයි

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )