අද ඔක්තෝම්බර මාසේ 29දා.


Postcard written : "Dead thrown to dogs (...

Image via Wikipedia

රට තොට ප්‍රවෘත්ති කියවෙන කොට භාරත ලක්‍ෂමන් ප්‍රේමවන්‍ද්‍ර මහතාගේ මරණයෙන් පසු කියවෙන කතා හරිම වියවුල් කියලා හිතෙනවා. මත්ද්‍රව්‍ය හා ඈදුන පාතාලයේ කතා බොහොමයක් දිග හැරෙනවා. මේ සියල්ල කෙළවර වෙන්නේ එක් දිශානතියකට යොමු වෙලා. කවුද “ගෝඩ් ෆාදර් ” කියන එන හැම කතාවකම හෙලි නෙවෙන රහසක්. මේ කතා තුල හැම තැනම මරණයේ සීතල දැනෙනවා. ලොකු ලොකු තැන් අතර යම්  සීතල යුද්ධයක් තියෙනවා කියලා දේශපාලන වල් පල් ලියන වෙබ් අඩවි කියවන කොට හිතෙනවා.

ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්වෙලා තියෙන වර්තමාන කාලයේ ඇදුමකින් ඇදුමකට මාරු වෙන්නත් එක ඇදුමක් සම්පුර්නයෙන්ම ගලවලා පැත්තක තියලා බැහැ. අනෙක් ඇදුමට මාරුවෙන ගමන් ඒ කටයුත්ත සම්පුර්ණ කර ගන්න ඔනී. නැත්නම් නිරුවතින් හිටි බව ඇදුම මාරුකර ගන්නත් කලින් ලෝකයා දැන ගන්නවා. ඒ තරමට විනිවිදව තොරතුරු ගලා යනවා.

කඩුල්ලට මරණය ගැන අවධාණය වැඩිවෙලා.

මරණය මහත් වේදනා කාරී දෙයක් කියලා හිතුන අවස්ථා කිහිපයකුත් මරණය සුවදායක නින්දක් කියලා හිතුන අවස්ථාවකුත් කඩුල්ල දැක අත් විදලා තියෙනවා. දවස් ගණනාවක් කෘතිම ස්වශන පද්ධතියක ආධාරයෙන් ජීවත් වුන  මිත්‍රයෙකුත්,  දෙනෙත පැලදී උපැස් යුවල අතට අරගෙන මුණුපුරෙකු අතට දෙන්න කතා කර , උපැස් යුවල අත පත් කර සාමාදානයෙන් දෙනෙත පියා ගත් මගේ පියා  දරු මුණුපුැන් ඇද වටා බලා සිටියදී ධ්‍යානකට සමවැදී නිසංසලව නැවත නොඅරින්න දෙනෙත්  පියා ගත් හැටිත් කඩුල්ලට අද සිදුවෙනවා වගේ සිහිපත් වන දෙයක්.

කාටත් මරණයේ අත්දැකීම් විද ගන්න ලැබෙන්නේ එක වරක් පමණයි.මරණයේ අත්දැකීම් විසුතර කරන්න කාටවත් පුළුවන් වෙන්නේ නැහැ.

ජීවිතය මරණය හා පුනරුත්පත්තිය ” පොතේ මරණය ගැන ලියවෙන්නේ මෙහෙමයි………

උපන් සියලුම ජීවයන් මරණය දක්වා  ගමන් කරන බව සියල්ලන්ම දන්නා කරුණක්.

උවත් මරණය සිදුවන අකාරය පිළිබද කාට හෝ යම් අදහසක් තිබේද ?
මරණය පිලිබදව ඉතාමත් විස්තරාත්මක කරුණු දක්වන්නේ තිබ්බත බුදු දහමෙනි .

තිබ්බත බුදු දහම තුල මරණය සිදු වන ආකාර විශාල ප්‍රමාණයක කරුණු දක්වා ඇත .
තිබ්බතයේ (tibbet) පිළිගත් ආගමික මතය අනුව පුද්ගලයෙක් අවස්ථා 4 ක් පසුකරමින්

මළවුන් සමග එක්වන බව කියයි

1.මරණයට ලං වූ තැනැත්තා ශරීරය පළමුව ඉහිල් වී එහි ශක්තිමත් බව නැති වෙයි .    ශරීරයට ස්පර්ශය දැනීම අඩු වෙයි
2.ඉන් අනතුරුව තෙත් ගතියක්ද සිසිල් ගතියක්ද ශරීරයට දැනෙයි
3.ඉන් අනතුරුව උන ගනුනාක් මෙන් තද උෂ්නයක් තමාට දැනෙයි
4.අවසානයේ තමාගේ ශරීරය විසිර යන්නාක් මෙන් දැනෙයි
එලෙසම පහත සදහන් රෝගී ලක්ෂණද මරණාසන්න පුද්ගලයෙකුට ඇති වෙයි
මුහුණේ මාංශ පේශි පාලනය කරගත් නොහැකි වීම
කියාගන්නට උත්සො කරන දේ කියාගැනීමට නොහැකි වීම
කන් ඇසීම නැතිව යාම
ඇස නොපෙනී යාම
ඉතා බරට අමාරුවෙන් හුස්ම වැටීම
තවද පුද්ගලයෙකු මරණයට පත් වීමට අසන්න වෙත්ම ඔහුගේඅතපය අවලංගු වීම ,

සංවේදන ඉන්ද්‍රියන් මොට වී ක්‍රමයෙන්උත්සන්න වන වේදනාවක්ද දැනේ .

නමුත් පුදුමයකට මෙන් එමවේදනාව ඉක්මනින් අඩු වී යයි .

එවිටම පුද්ගලයා කය හැර දමා යන  මොහොත එලබේ .

මේ අවස්ථාවේදී සමහරු සිහිසුන් වනඅතර තවත් සමහරුන්ට තද ආලෝකයක් පෙනී

ඒ දෙසට තමන් ඇදීයන බවක් දැනේ .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )