උපන් දිනේ කතාබහ.


ජුලි කලබල දිනවල ගම් බිම් අතහැර ගිය මනෝහරන් පසුගියදාක ගුවන් විදුලි වැඩසටහනකට ඇවිත්. කැඩිච්ච ඒත් හොද සිංහලෙන් බලන්ගොඩ බටුවත්තේ අසල්වාසීන් සමගත් සුහද කතාවක්. සිංහල මිනිසුන් ගැන වෛරයක් ඇත්තෙම නෑ. ඔහු කියන්නෙත් මේ වෛරී ‍ චින්තනය වපුරන්නේ දේශපාලනඥයෝ බවයි. ප්‍රභාකරන් කියන්නෙත් ත්‍රස්තවාදීයෙකුවු දේශපාලනඥයෙක්. සිරිල් මැතිව් ලාත් වැටෙන්නේ ඒ ගනයට. සිංහල ජාතිවාදය දෙමළ ජාතිවාදය කියලා දෙකක් නෑ. ඔක්කාම ජාතිවාදය. ජාතිවාදය කෙළවර වෙන්නේ ම්ලේච්ඡත්‍වයෙන්.

ජාතිවාදී කතාවට අමතරව මනෝහරන් තව කතාවක් කිව්වා ජීවිතය ගැන. ඒක මට තේරුනේ මේ විදියට. “ අපි ජීවත්වුන දවස් ගැන නෙමෙයි හිතන්න ඕනී. ජීවත් වන හැම දවසින්ම මරණයට තවත් එක් දවසක් අඩු කර ගන්නවා. ඒක නිසා ජිවිතය ගැන නෙමෙයි මරණය ගැණයි හිතන්න ඕණි. “ කියලා.  මරණය ගැන හිතන මිනිස්සු තන්හාව නැති කර ගන්නවා . යන කොට මොනවත් ගෙනියන්නේ නෑ කියලා හිත හදා ගන්නවා. ඔහේ යන හැටියට යමු කියලා බලා ඉන්නවා . අභියෝග ආවොත් මග හැරලා යනවා. ජය ගන්න දගලන්නේ නෑ. එහෙම බලන කොට එහෙම අයට ජීවිතයක් නෑ. කඩුල්ලටත් ඒ අර්ථයෙන් ජීවිතයක් නැහැ.

ගලන ගගක් නිසලව ගලා යනවට වඩා කදුපල්ලම් වලින් වැටිලා ගල් පරවල වැදිලා දගකාරවුනාම කොයිතරම් සුන්දරද ?. කඩුල්ලගේ හිතම වාදයකට පැටලිලා.මේ කතාබහ ඇතිවුනේ ඊයේ ඉදන් 64+ වෙන්න කඩුල්ලට පටන් ගත්තා. බොන්න මොකක් හරි හදා ගන්න සමාජයක 64+ වීමත් බොන්න හොද හේතුවක්. හේතුව යාවජීවම කප්පාදු කරපු කඩුල්ලට  යාළු මිත්‍රයින්ගෙන් තොරව හුදකලාව 64+ සමරන්න මේ වගේ වාද විවාද කරන්න උනේ කඩුල්ලගේම හිතත් එක්කමයි. දවල් කාලය ගතවුනේ අසල්වාසියෙකු වෙනුවෙන්. දේවස්ථානයක පැවත්වු විවාහ උත්සවයක දේව මෙහෙයට සහභාගී වෙමින් . අන්‍යාගමියෙකුවු කඩුල්ල පැය එක හමාරක් විතර දේවස්ථානයේ අල්තාරය අභියස හිට ගත්තා,  ඉද ගත්තා.  හිත තනිවුනා.

මරණය කර තියාගෙන

කඩුල්ල පාසල් කාලයේ ඉදන්  මතක් කලා. පහේ ශිෂ්‍යත්ව විභාගය අසමත්. අටේ ශිෂ්‍යත්‍ව විභාගය සමත්. මධ්‍ය මහා විද්‍යාලයක ශිෂ්‍යයෙක් වෙලා උසස් පෙල අසමත් වෙනකම් ඉගන ගන්නවා. ඊට පස්සේ තාත්තගේ  සිල්ලර බඩු කඩේ සේවකයෙක් වෙලා , වෘත්තීය පුහුණුව ලබනවා. වෘත්තීයනොගැලපීම හේතුවෙන් ප්‍රථම ප්‍රේමයට තිත වැටෙනවා. ඒත් එක්කම මුණ ගැහුණ කඩුල්ලිත් එක්ක දෙන්න නොගැලෙපෙන වෘත්තීන් දෙකක් කරමින් නොගැලපීම අරගල කරමින් ගැලපීම බවට පත්කරගෙන තාමත් අවුරුදු තිස්පහක් විතර සුන්දරවු කාලයක් ගත කරනවා.  දේවමෙහෙය අවසන් වුනා. කඩුල්ලගේ රාජකාරියට කතා කලහම දැහැන බිදගෙන ඇවිත් පෑන අරගෙන  යුවල විවාහ වු බවට සාක්‍ෂි දැරුවා.

දවස ගෙවුනා දිනපොතේ ජීවත්වීමට තියෙන දවස්  එක දවසකින් අඩුකර ගෙන වසා දැම්මා.

Advertisements

2 comments on “උපන් දිනේ කතාබහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )