Aside

තද නියගය අවසන් වෙලා වැස්ස වහිනවා. ඊයේ නම් දවස පුරාවට චුරු චුරුව. පායන කොට වැස්සට බනින මිනිස්සු දැන් වැස්සට බනිනවා. මිනිස්සු මොනම දේකින්වත් සෑහීමකට පත් වෙන්නේ නෑ.

දිවයින ඉරිදා සංග්‍රහයට ලියන හෑගොඩ මෙහෙම කතාවක් ලියලා තියෙනවා.  “ ඉන්දියාවෙ බොලිවුඩ් චිත්‍රපට හත අටක රඟපාපු සන්යොයිතා මෙයර් කියන නිළිය බ්‍රිතාන්‍යයෙකු සමග විවාහ වෙලා එංගලන්තෙ පදිංචියට ඇවිල්ල. මෙයා මහත්තයත් එක්‌ක පුංචි දරුවවත් කරත්තෙක දාගෙන උමං දුම්රියෙ නැගල සාප්පු සවාරියක්‌ යන්න.

මෙහෙ පාර්ලිමේන්තුව තියෙන තැන උමං දුම්රිය ස්‌ථානය “වෙස්‌ට්‌මිනිස්‌ටර්”.  එතැනින් නිතරම දේශපාලනඥයො ගොඩවෙනව. මටත් කීපදෙනෙක්‌ම මුනගැහිල තියෙනව. ඉතින් එතැන නැවැත්වුවහම ගොඩවුණාලු සුද්දෙක්‌ තව කීපදෙනෙක්‌ එක්‌ක. මේ අම්මව පසුකරගෙන යන ගමන් දෙකට නැමිල බබා දිහා බලල ඇහුවලු “මේ ඔයාගෙ බබාද?” කියල. අම්ම ඔව් කිව්වහම ඒ සුද්ද කිව්වලු “ඔබේ බබා හරිම ලස්‌සනයි” කියල. එහෙම කියල සුද්ද මේ කට්‌ටිය ළඟින්ම හිටගත්තලු. අම්මා ස්‌තූති කරල හැරිල මහත්තයගෙන් ඇහැව්වලු “ඒ කවුද අනේ කියල” මහත්තය කිව්වලු “ඒ අපේ අගමැතිතුමානේ කියල.” බොරු කියන්නෙ නැතිව ඉන්න කියන ගමන් අර අම්ම සුද්ද ළඟට ගිහිල්ල ඇහුවලු ඔබ අපේ අගමැතිද කියල. පස්‌සෙ සමාව ඉල්ලුවලු අඳුන ගත්තෙ නැති එකට 

මේ  ළඟදි ඉන්දියාවෙ ඉඳන් ආවෙ කියල.

තවත් කිව්වලු ඉන්දියාවෙ නං දේශපාලනඥයො කෝච්චි බස්‌වල යන්නෙ නැහැ කියලත්. ඒ පාර අගමැති කැමරන් කිව්වලු “මට අද ඉතාම අවිවේකී කාලසටහනක්‌ තියෙන්නෙ. ඒ හින්දා උමං දුම්රියේ යන එක ඉක්‌මන් කියල කාට කියන්නද? ”

ඉන්දියාවෙ නම් අඩුම තරමේ පේන්න හරි ඉන්දියාවේ නිෂ්පාදනය කරපු වාහන හරි පාවිච්චි කරනවා. ඒකට බලමුකෝ අපේ කට්ටිය. සුපිරි වාහන පිරිවරා ගෙන සයිරන් ගහ ගෙන යන හැටි. මෙච්චර කාලයක් අපේ කට්ටියට ත්‍රස්වාදී කරදර තිබුනා . දැන් ඒවා ඔක්කොම නිමිලා. ඒත් යන්නේ එන්නේ පරන තාලෙට. මොකද කියලා මම අහලා බැළුවා අපේ මිත්‍රයෙක් ගෙන් . ඡන්දේ ගන්න කිව්ව දේවල් වල හැටියට ගමේ මිනිස්සු මොනවා කරයිද ? කියලා බයයි. කියලා උත්තරයක් ලැබුනා.

අගමැති කැමරන්ට හරියට වැඩ වගේ අපේ උන්නැහේලාටත් හරියට වැඩ . රූං ගාලා යන්න මෙහේ උමං දුම්රියත් නෑ. උන්නැහේලා පාවිච්චි කරන වාහන වලට ගැලපෙන පාරවල් ඇත්තෙත්  නැහැ. පිරිවරාගෙන ගියේ නැත්නම් ආරක්‍ෂාවත් නැහැ. ඉතින් සාධාරණයි අපේ ඇත්තෝ රටේ සල්ලි වියදම් කරගෙන රෑං  ගාලා ඉගිලෙන එක.


ඉරිසියාවට ලියන කතා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )