සරසවි නව ආරක්‍ෂක සේවයට හමුදා ජුංඩාවක් !.


මේ දිනවල මාධ්‍ය කසුකුසු වක් බවට පත්ව ඇති මේ මාතෘකාව පිලිබදව කඩුල්ලට මතයක් ඇත.

විශ්ව විද්‍යාල සදහා ආරක්‍ෂක සේවා ලබා ගැණිමට  ටෙන්ටර් කැදවා සුදුසු සමාගම තෝරා ඒ සමාගමට ටෙන්ඩරය ලබා දීම මෙතෙක් පවත්වා ගෙන ආ ක්‍රමවේදය විය. මෙවර ඉන් බැහැරව   රක්‌නා ලංකා පෞද්ගලික ආරක්‍ෂක සේවයට ආරක්‍ෂක සේවා පැවරීමට කැබිනට්‌ මණ්‌ඩල තීරණයක් අනුව සිදුව ඇත.

රක්‌නා ලංකා පෞද්ගලික ආරක්‍ෂක සේවය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පාලනය වන පුද්ගලික සමාගමක් ලෙස ලියා පදිංචිවු ආයාතනයකි. මෙහි සේවය කරන ආරක්‍ෂක කන්ඩායම් බදවා ගෙන ඇත්තේ හමුදා සහ පොලිස් සේවයෙන් විධිමත් ලෙස ඉවත් වු පිරිස් අතරිනි. රක්‌නා ලංකා පෞද්ගලික ආරක්‍ෂක සේවයට අමතරව තවත් එක් ආරක්‍ෂක සමාගමක් රජය ‍යටතේ පවත්වා ගෙන යන්නේය. එය පහත් බිම් ගොඩකිරීමේ සංස්ථාව යටතේ ක්‍රියාත්මකය.

මෙම සමාගම් දෙකම තම සේවකයින්ට ආරක්‍ෂක සේවා පඩිපාලක සභාවේ නියමාණුකූලව වැටුප් සහ අර්ථ සාධක හිමිකම්, සේවා නියුක්ති බාර අරමුදලේ සමාජිකත්‍වය ඇතුළු අනෙකුත් නිත්‍යාණුකූල හිමිකම් සපයන්නේය.

මෙතෙක් ආරක්‍ෂක සේවා සැපයු ආයාතන සේවකයින් වෙනුවෙන් මේ එකක් වත් ඉටු කරන්නේ නැත.

තරගකාරී ටෙන්ටර් කැදවීමකදී පෞද්ගලික ආරක්‍ෂ සේවා මිල ගනන් ඉදිරිපත් කරන්නේ ඉහත කී සේවක වරප්‍රසාද සියල්ල සදහා වැය වන මිල ගණනය කර සමාගම ලබා ගන්නා ලාභය රුපියල් 10/= ක් හෝ 05/= ක් එක් කිරීමෙන් ලැබෙන වටිනාකමටය. ඕනෑම කෙනෙකුට විශ්ව විද්‍යාල බලධාරීන් නියම කරනු ලබන කොන්දේසි යටතේත්  මේ මිළ ගනන් යටතේත්  ‍ආරක්‍ෂක සේවා පවත්වා ගෙන යාමට නොහැකි බව තේරුම් යා හැකි වුවත් සියයක් පමණ ආරක්‍ෂක ස්ථාන සදහා ආරක්‍ෂක නියාමකයින් යොදන සමාගමක්  මෙම ව්‍යාපාරයෙන් අඩුම තරමේ මාසිකව  100000/= තරම් ලාබයක් ලබන්නේය. මෙම ලාභයට අමතරව දිනකට 05 දෙනෙකු අඩුවෙන් යොදා ආරක්‍ෂක ස්ථාන ( security point )ව්‍යාජ ලෙස නඩත්තු කලහොත්සේවා මුර දෙකකට  සේවකයින් 10 දෙනෙකුගේ වැටුප 180000 පමන මුදලක් අමතරව උපයා ගන්නේය. ආරක්‍ෂක නියාමකයින් සියයකින් අඩුම තරමේ මාසිකව රුපියල් 2 80000/= උපයා ගන්නේ නම් ඊට වැඩිපුර සිටිනා ආරක්‍ෂක ඛන්ඩයකින් උපයා ගන්නා මුදල ගණනය කර බලත හැක.

විශ්ව විද්‍යාල සදහා ආරක්‍ෂක සේවා සපයන ආයාතන විසින් මෙලෙස අයථා ලෙස ලාභ උපයා ගැණිමට විශ්ව විද්‍යාල අධීක්‍ෂණ අංශ ඉණි මං සපයා ඇති අතර සමාගම මේ ඉණි මං ආරක්‍ෂා කර ගැණිම පිණිස වරදාන සැපයීම නිරන්තරයෙන්ම සිදු කරන්නේය. විශ්ව විද්‍යාල පද්ධතියට ආරක්‍ෂා සැපයීම සදහා ආරක්‍ෂක සමාගම්  කිහිපයක් අතර  සේවා සැපයීම අතින් අතට මාරුවෙමින් එකම චක්‍රයක දෝලනය වන බව වර්ෂ කිහිපයක ආරක්‍ෂාව සැපයු ආයාතන නිරීක්‍ෂනය කිරීමෙන් ඔබට හැකිවන්නේය.තවදුරටත් පෞද්ගලික ආරක්‍ෂා සේවා ලියාපදිංචි කර ඇති සමාගම් ලියා පදිංචි කිරීමේ රෙජිස්ත්‍රාර් වරයාගේ ලිපි ගොනු දිග හැර ගතහොත් මේ සමාගම් එකම නම් ඇති තිදෙනෙකුගේ හෝ හතරදෙනෙකුගේ සමාගම් බව හෙලි වනු ඇත.මෙයින් යම් චිත්‍රයක් අපට මවා ගත හැක.

……………………………“කුමන ආරක්‍ෂක සේවයක්‌ ක්‍රියාත්මක වුවද එය ටෙන්ඩර් පටිපාටියට අනුව සිදුවිය යුතු බවට විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ සම්මේලනය තීරණය කර තිබුණද ඒ පිළිබඳ නොසලකා කැබිනට්‌ මණ්‌ඩලය ඉහත තීරණය ගෙන තිබිණි.

පසුගිය 15 වැනිදා සිට රුහුණ විශ්වවිද්‍යාලයේද නව ආරක්‍ෂක සේවය ක්‍රියාත්මක වන අතර ඊට එහි ශිෂ්‍ය අධ්‍යයන හා අනධ්‍යන යන සියලු කණ්‌ඩායම් විරෝධය පළ කරති.

මේ මාධ්‍ය විසින් හෙලි කරන ලද ප්‍රවෘත්තියකි.

වර්තමාන රජයේ අරමුණ කුමක් වුවත් පහත සදහන් ප්‍රතිලාභ සේවකයිනට සහ රජයට ලැබෙන බව කඩුල්ලට විශ්වාසය. එම සේවකයිනට නියමාණුකූලව වැටුප් ලැබෙන්නේය. විශ්ව විද්‍යාල ආරක්‍ෂක ස්ථාන ( security point )සදහා නියමිත පරිදි සේවකයින් යොදවන්නේය. විශ්ව විද්‍යාල වල ආරක්‍ෂක සේවා භාර අංශයේ ලිපිකරුවාගේ සිට ඉහලම නිළධාරියා දක්වා ලැබෙන අති විශාල කොමිස් මුදලක් නිසියාකාර රජයේ වැයක් බවට පත්වෙන්නේය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )