ලිබියාවේ හිටපු රාජ්‍ය නායක මුවම්මර් ගඩාෆි


අද දවසේ දින පොත සටහන් කරන විට හතළිස් දෙවසරක් ලිබියාව පාලනය කළ මුවම්මර් ගඩාෆි අමතක කල නොහැක., 1969දී ලිබියාවේ බලයට පත්වූ ගඩාෆි 2011 වනතෙක් එරට පාලකයා ලෙස 41 වසරක් කටයුතු කළේය.

2011 පෙබරවාරි 17 වැනිදා ලිබියානු පාලනයට එරෙහිව හටගත් දේශපාලන විරෝධතා සමග ගඩාෆි හමුදා සහ විරෝධතාකරුවන් අතර නිරතුරු ගැටුම් ඇතිවිය. පෙබරවාරි මස අවසන් භාගයේදී රටේ  කැරලි උග‍්‍ර අතට හැරුණු අතර නැගෙනහිර ලිබියාවේ බලය ගඩාෆි පාලනයෙන් ගිලිහීම ඇරඹුණි. අනතුරුව ලිබියාවේ ප‍්‍රධාන නගර කැරලිකරුවන් විසින් අල්ලාගත් අතර ටි‍්‍රපොලි අල්ලා ගැනීම කැරලිකරුවන්ගේ සංග‍්‍රාම ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් විය. අනතුරුව ඔවුන්ගේ අභිප‍්‍රාය වූයේ ගඩාෆි සැඟවී සිටි සර්ට් නගරය අල්ලා ගැනීමයි

හතළිස් දෙවසරක් ලිබියාව පාලනය කළ මුවම්මර් ගඩාෆි, ඔහුගේ උපන් ගමවන සර්ට් නුවරදී ලිබියාවේ අන්තර්වාර මණ්ඩලයේ සටන්කරුවන් විසින් ඊයේ මරා දමනු ලැබීය.

මරණයට පත්වන විට ඔහු 69 වියේ පසුවිය.සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගඩාෆි අත්අඩංගුවටගැනීම සඳහා ජාත්‍යන්තර අධිකරණය මගින් පසුගිය ජූනි 27 වැනිදා වරෙන්තුවක් ද  නිකුත් කර තිබිනි.ඛනිජ තෙල්වලින් පොහොසත් ලිබියාව ගඩාෆිගේ පාලනයෙන් ගිලිහී ගියේ පසුගිය අගෝස්තු 23 වැනිදාය. මේ සංසිද්ධි සියල්ලේම මුලට සිටින්නේ ‍ ජාත්‍යන්තර ජීවිත ගැලවුම්කාරයා වන මානව හිමිකම්  සහ ප්‍රජාතන්ත්‍රවාදයේ උරුමක්කාරයාවුද අමරිකා එක්සත් ජනපදය  වීම කාටවත් රහසක් වී නැත.

ඇමරිකා සමාගම් වලින් ලිබියා තෙල් ලිං සදහා ලැබු සොච්චමක්වු බදු වලින් යැපුන  ලිබියාව  ස්වදේශීය කරණය කර තෙල් ආදායම  සම්පූර්නයෙන්ම රටේ ආදායම බවට පත් කරනු ලැබුවේ මින් වසර හතලිස් එකකට පෙර ගඩාෆි ය. එදා ඉපදුන අද මහ මිනිසුන්ව සිටින කැරලිකරුවන් මේවාට කෘතගුණ සලකන්නට තරම් උවමනාවක් සහ එදා අමරිකාවට එරෙහිව නොබියව ගත් ක්‍රියා මාර්ග ගැන සංවේදීතාවයක්ද නැත.

ගඩාෆි අවුරුදු හතලිස් එකක් බල තන්හාවෙන් රාජ්‍ය පාලකයා ලෙස එල්ලී නොසිටියා නම් සමහර විට වීර වරයෙක් ලෙස පිදුම් ලබන්නේය. එහෙත් ඔහු අද  අවසන් ගමන් ගිය අන්දම නම් කනගාටුදායකය. ලිබියාව සමෘද්ධිමත් කිරීමට යලිත් අමරිකා  තෙල් සමාගම් රට තුලට රිංගවා පෙර පරිදි සූරා කන්නට පටන් ගත් විට වර්තමාන කැරළි කරුවන්ට යලිත් ගඩාෆි කෙනෙක්ගේ අවශ්‍යතාවය ඇතිවනු ඇත.

අමරිකාව විසින් ගොර්බචොප් යොදා සෝවියට් සමුහාණ්ඩුව දියකර හැරියේය. ඉරාකය විනාශ කර ලිබියාවටත් වින කැට ඊලග ඉලක්කය ලෙස ඉරානය දෙස බලා සිටින අමරිකා එක්සත් ජනපදය  චීන කොටස්පලේ වෙන්දේසි වී යන දිනය  දිනපොතේ සටහන් කරන්න කඩුල්ල බලවත් උවමනාවකින් බලා සිටින්නේය.

එ දවස උදාවේද ?.

Advertisements

9 comments on “ලිබියාවේ හිටපු රාජ්‍ය නායක මුවම්මර් ගඩාෆි

  1. ඒ දවස උදා නොවේවා යන්න මාගේ පැතුමය , චිනාගෙන් ලොවට ලැබෙන්නේ ඇමරිකානුවන්ට අන්ත සංග්‍රහයක් වනු නොඅනු මානය . ඇමරිකාව කොතරම් ඩෙඟා නැටුවත් ඇමරිකානු ජනතාව හා මාධ්‍ය ඉදීරියේ ප්‍රජාතන්ත්‍රවාදී රංගනයක හෝ නිරත වන්නට සිදුව ඇත . චීනයේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය කියා දෙයක් හඳුනන්නේ නැත . චීනයේ මාධ්යද එසේමය ,

    කෙසේ වුවත් ඇමරිකානුවන් ගමන් කරමින් සිටින්නේ ඔබ කියු දිනය දෙසට යන්න ප්‍රතික්ෂේප කල නොහැක … බලමු !!

  2. ගඩාෆිගේ මරණය ඈසූ විටනම් මට කණගාටුවක් ඈතිවූයේ නෑත
    නමුත් ඔහු සටන්කරෑවන් අතරට පත් වූ වීඩියෝව දකින විටනම් ඔහු වේදනාබර මරනයකට මුහුණ දුන්නායෑයි සිතමි.. අපරාධකාරයෙකුට වුවත් එවෑනි මරණයක් අත් වීම ගෑනනම් කණගාටු වෙමි…
    ඈමරිකානුවන් හා යුරෝපය ගෑනනම් කථාකොට පලක් නෑත.. ඔවුන් නිකොලායි මෑකියාවේලීගේ කුමාරයා පොතට අනුව බලය හසුරවන බවනම් ඒකාන්තයි…

    බුවා සමග එකග වෙමි…
    චීනය යනු ප්‍රජාතන්ත්‍රවාදය නෑමෑති වචනයේ තේරෑමවත් නොදන්නා මිනිසුන් සිටින රටක් ! ( ඔවුන් එම වචනය පාවිච්චි කරනවාද යන්නත් සෑකයි )
    එබෑවින්ඒ දවස උදා වුනොත් නම් එය ඉගුරෑ දී මිරිස් ගෑනීමක් වනු ඈත..

  3. කෙසේ වුවත් ඇමරිකානුවන් ගමන් කරමින් සිටින්නේ ඔබ කියු දිනය දෙසට යන්න ප්‍රතික්ෂේප කල නොහැක …Never happen… Cause USA handle the chinese economy show…. Temporaly USA marcket is weak, but its a trick… As a exaple, See wot happened to Japan..
    (Rookada show wala engili balanna…. Sinhala apata berima dei eya thama… podi kaale indanma anun kiyana deya trust karanawa…ne. Ithin hemadaama rewatenawa. Kocchara kaiwaaru gehuwath, Rawattanna lehesi jaathiyak thamaa api.) China kiyanne lokaye lokuma borukaarayek pamanai. Oun puraanaye, ape raja waru pawaa peheragena gos thiyana.
    I think SL also with chinese because of ……. influence..

    • බලමු …මගෙත් කැමැත්ත චීනය ලෝක බලවතා නොවෙන තැනට තමයි , චීනයේ ඒකධිපතීත්වට්ය නිසා අහිමිවෙලා තියන මිනිසුන්ගෙ නිර්මාණශීලිත්වයේ මොට කම චීනයේ ලෝක බලවතා නොවීමේ ප්‍රධාන සාධකය යි කියලත් සමහර විග්‍රහ කරනව .ඒ නිසා 2050 වන විට චීනය අද ඉන්න දෙවෙනි තැනත් අහිමි වෙලා ඒක වඩාත් නිර්මාණශිලි ඉන්දියානුවන් අතට පත් වේය කියලත් විග්‍රහ මම අහල තියෙයි . බලමු මොකෝ වෙන්නේ කියල

  4. ඇත්තටම වීඩියෝ එක දැක්කම මටත් දුක හිතුනා. ගඩාපි ඒකාධිපති ලෙස බලයේ සිටීමෙන් වැරදි කලත්,ඔහු ලිබියානුවන් වෙනුවෙන් කල යහපත් දේවල් තියෙනවා,කැරළිකරුවන් ලෝකයටම පේන්න ගඩාපි මරා දැම්මෙ මෙහෙම නම් මොවුන් ඔහුට පක්ෂපාතීව සිටි ජනතාවට සහ කැරළිකරුවන්ට සහය නොදුන් පිරිස් වලට කොහොම දඩුවම් දෙනව ඇද්ද කියල හිතාගන්න පුල්වන්.අල්ල ගන්න ප්‍රදේශවල මිනිස් ඝාතන,ස්ත්‍රී දූෂන ආදිය බොහොම බරපතල විධියට සිද්ද වෙනව ඇති,ඒවා මාධ්‍ය වල පේන්නෙත් නෑ,ඒවට මානව හිමිකනුත් නෑ.

  5. ගඩාෆි රජකම් කරන්න ඇති ඒත් ඵලදුන්න එකම කලකම උනේ බටහිර ධනවාදායට හා අධිරාජ්‍යවාදයට විරුද්ධවීම , තව තෙල්සම්පත , ටොන් 144 රත්‍රන් ලිබියාව තුල තිබීම කියන කාරණා , සාමකාමී හමුදාකැරළ්ලකින් රට අල්ලන්න ගඩාෆිට ගියේ පැය 2 , ඇතෙන් පටන් දශක හතරක් රට පාලනය කලා , ඔය අතර තමයි ඇමරිකාව ලෝකෙට ඩොලර් බිලියන ගනනින් ණය වෙන්නේ , ඒක පියවගන්න ලෝකේ තෙල්සම්පත සූරාකෑමට පටන්ගන්නවා , සදාම්හුසේන්ල, ඉරාකය ,ඇෆ්ගනිස්ථානය පහර දෙන්නේ ටොම්පච ඉස්සරහට දාගෙනපස්සේ ඊජිප්තුව , අන්තිමට මේ කියන ලිබියාව , දැන් ඊලග ඉලක්කය ඉරානය , ගැටළුව කියන්නේ , රටේ ජනතාව හිතන් ඉන්නේ විප්ලවයක් කරා කියලා නමුත් අන්තිමට වෙලා තියෙන්නේ ඇමරිකාවේ ලනුව කාපු එක විතරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )