ජරාවලක සිට 2.


 

රියට ගිණි කදුපුරන්න වගේ මේ දේශපාලන ස්වභාවයේ පිපිරිම් විටින් විට සිද්ධවෙනවා. භාරත ලක්‍ෂමන් මිය ගියේ මේ වගේ පිපිරීමකින්. ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය විනාශ කළ මේ රජය රට තුළ සාමය සහ සදාචාරය යළි ස්‌ථාපිත කරන්නට පියවර ගන්න එක මහ ලොකු කජ්ජක්ද ?.ජනතාව ප්‍රශ්න කරන්නේ එහෙමයි. නමුත් ආණ්‌ඩුවේම දේශපාලනඥයන් දෙදෙනකු මෙලෙස මහමග මරා ගැනීමත් ඒ පසු බිමේ තියෙන අපරාධකාරී ව්‍යාපාරත් රජය කෙරෙහි තියෙන  ජනතා විශ්වාසය බරපතළ ලෙස පලුදු වීමකට ලක්‌වෙනවා.

 

ආචාර්ය මර්වින් සිල්වා ඇමති තුමා උනත් කරන වැඩ දැක්කම රටකට පොලිසියක් උසාවියක් ඕන නැහැ කියලා හිතෙනවා. ඇමතිතුමා නඩු අහනවා .දඩුවම් දෙනවා. ඒත් ඇමතිතුමාට ඇහැගැහෙන්නේ නැති සමාජ අපරාධ තියෙනවා. ඒවාට ඇමතිතුමා අත ගහන්නේ වත් නැහැ. එතුමා සත් භාවයෙන් කරන කටයුතු නිසා මොනවා කලත් ආණ්ඩුවේ නිරුපද්‍රිතව රැදී ඉන්නවා. මේවා රටටම පුර්වාදර්ශයක් උනොත් හද්දා පිටිසර ඉන්න අපිටත් බුදු සරන තමයි.

 

“ තහනම් ගිනි අවි, මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්‌ඩ සඟවා ගෙන සිටින බවට ලැබුණු තොරතුරු මත පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ඊයේ (17 වැනිදා) පෙරවරුවේ බස්‌නාහිර පළාත් සංචාරක ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති නිමල් ලාන්සාගේ සහ මීගමුවේ කෝටිපති ව්‍යාපාරිකයන් පිරිසකගේ නිවෙස්‌ වටකර පැය ගණනක්‌ තිස්‌සේ දැඩි පරීක්‍ෂාවට ලක්‌ කළහ.”

 

මේ ප්‍රවෘත්තියක්.

 

මීට පස්සේ ප්‍රවෘත්තියක් වුනේ මෙන්න මේක “

 

අධිකරණ නියෝගයක්‌ පවා නොමැතිව පළාත් සභා ඇමැති නිමල් ලාන්සා මහතාගේ නිවසට කඩා වැදී තහනම් ගිනි අවි ඇතුළු නීති විරෝධී භාණ්‌ඩ තිබෙන බව කියමින් පරීක්‌ෂා කිරීම පිළිබඳව වහාම විධිමත් පරීක්‌ෂණයක්‌ පවත්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පොලිස්‌පතිවරයාට ඊයේ (18 වැනිදා) නියෝග කළේය.

මීගමුව දළුපොත පිහිsටි නිමල් ලාන්සා මහතාගේ නිවසට ඊයේ පෙරවරුවේ පැමිණි මහින්ද රාජපක්‌ෂ මහතා ලාන්සා මහතා සමඟ සාකච්ඡාවක ද නිරත වී මෙම සිද්ධිය පිළිබඳ පරික්‌ෂණයක්‌ පවත්වා සාධාරණයක්‌ ඉටුකර දීමට පොරොන්දු වී ඇත.

රජයේ වගකිවයුතු ඇමැතිවරයකුගේ නිවසක්‌ මේ ආකාරයට හිතුමතේ පරීක්‌ෂා කිරීම බරපතළ ක්‍රියාවක්‌ බවත් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්‌ෂණයක්‌ පවත්වා තමන් වෙත වාර්තාවක්‌ ඉදිරිපත් කළ යුතු බවත් මෙහිදී ජනාධිපතිවරයා පොලිස්‌පතිවරයාට නියෝග කර ඇත.
නිමල් ලාන්සා මහතාගේ නිවස පරීක්‌ෂා කරන ලෙස පොලිස්‌ විශේෂ කාර්ය බළකායට නියෝග කළේ කවුදැයි යන්න ඊයේ දහවල් වනතුරුත් හෙළිදරව් වී නොතිබිණි.
මීගමුව දළුපොත පිහිටි බස්‌නාහිර පළාත් සංචාරක, ප්‍රවාහන, මහාමාර්ග ඇමැති නිමල් ලාන්සා මහතාගේ නිවසට පෙරේදා පෙරවරුවේ කඩා වැදුණු පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු 150 කට ආසන්න පිරිසක්‌ එම නිවස වටලා දැඩි පරීක්‌ෂාවට ලක්‌ කළහ. තහනම් ගිනි අවි, නීති විරෝධී වාහන ඇතුළු තහනම් භාණ්‌ඩ තිබෙන බව කියමින් විශේෂ කාර්ය බළකාය මෙම වැටලීම කර තිබිණි.
නිමල් ලාන්සාගේ නිවසට අමතරව ඒ මහතාගේ ආධාරකරුවන් වූ කෝටිපති ව්‍යාපාරිකයන් 6 දෙනකුගේද නිවාස විශේෂ කාර්ය බළකාය මගින් පරීක්‌ෂා කරනු ලැබීය.
එහෙත් කිසිදු තහනම් භාණ්‌ඩයක්‌ මෙම නිවෙස්‌වලින් සොයා ගැනීමට විශේෂ කාර්ය බළකාය අපොහොසත් විය.
මේ සම්බන්ධයෙන් “දිවයින”ට ප්‍රකාශයක්‌ කරමින් නිමල් ලාන්සා මහතා කියා සිටියේ කිසිම හේතුවක්‌ නොමැතිව විශේෂ කාර්ය බළකාය මගින් නිවස පරීක්‌ෂා කිරීමෙන් තම කීර්ති නාමයට විශාල කැළැලක්‌ සිදුවූ බවයි. අධිකරණ නියෝගයක්‌ පවා නොමැතිව රජයේ වගකිවයුතු ඇමැතිවරයකුගේ නිවසක්‌ මේ ආකාරයට පරීක්‌ෂා කිරීම ඉතාම බරපතළ ක්‍රියාවක්‌ බවද නිමල් ලාන්සා මහතා කියා සිටියේය.
දීර්ඝ කාලයක්‌ තිස්‌සේ තමන් දුක්‌මහන්සියෙන් ගොඩනගාගත් කීර්ති නාමය සහ ප්‍රතිරූපය මෙම ක්‍රියාව නිසා දැඩි ලෙස විනාශයට පත්වූ බවද ලාන්සා මහතා කීය.
තම ජනප්‍රියත්වය දෙස බලා සිටිය නොහැකි කිසියම් පුද්ගලයකු මෙම ක්‍රියාව පසුපස සිටින බව පැවසූ නිමල් ලාන්සා මහතා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්‌ෂණයක්‌ පවත්වා තමන්ට සාධාරණයක්‌ ඉටු කරදෙන ලෙස ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක්‌ කළ බවද කියා සිටියේය.
මීගමුව ජනතාව අතර විශාල ජනප්‍රසාදයක්‌ දිනාගෙන සිටින තමන් මෙම සිද්ධිය නිසා දැඩි අපහසුතාවකට පත්වූ බවද ලාන්සා මහතා “දිවයින”ට කීය.
මෙම සිද්ධිය සැලවීමෙන් පසු මීගමුව ප්‍රදේශයේ සිටි නිමල් ලාන්සා මහතාගේ ආධාරකරුවෝ විශාල පිරිසක්‌ ඒ මහතාගේ නිවසට පැමිණ ආවේගශීලී ආකාරයෙන් හැසිරීමට උත්සාහ කළහ.
පසුව නිමල් ලාන්සා මහතා ඒ පුද්ගලයන්ට කතාකර ඇතිවී තිබෙන තත්ත්වය පැහැදිලි කර ඔවුන් සාමකාමී අන්දමින් විසුරුවා හැරීමට කටයුතු කර තිබේ.මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා නිමල් ලාන්සා මහතාගේ නිවසට ගිය අවස්‌ථාවේ ඇමැතිවරුන් වන බැසිල් රාජපක්‌ෂ, ලසන්ත අලගියවන්න, බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග යන මහත්වරුද එහි පැමිණ සිටියහ.

 

නිමල් ලාන්සා ඇමතිතුමා කොයිතරම් බලවත් කෙනෙක්ද කියලා අපි හිතුවා .  ගමේ ගොඩේ ඇත්තන්ට  ජනාධිපතිතුමාද ලොකු නිමල් ලාන්සා ඇමතිතුමාද කියලා ප්‍රශ්නයකුත්  හිතේ ඇතිවුනා.

 

119 ට බොරු පැමිණිල්ලක් කරලා කිට්ටුම පොලිසිය අපේ ගේ වට කරපුවහම අපට වෙන්නෙත් ඕකමයි කියලා හිතුනත් අපිට පිලිසරන වෙන්න කවුරුවත් නැහැ කියලා දුකකුත් ඇතිවුනා.

 

ඒත් එක්කම ජනාධිපතිතුමා තනතුරේ දිවුරුම් දුන් මුල්ම දවසේ කරපු කතාවේ කොටසක අදහසක් හිතට ආවා. “ මම නීතිය සාධාරණව ක්‍රියාත්මක වන්නට ඉඩ හරිමි “ කියලා.

ඒත් නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙනවද ? අතුරු ප්‍රශ්නයක් ඇතිවෙලා හෙටත් දිනපොතේ මොනවා හරි ලියන්න හිතාගෙන දිනපොත වහලා දැම්මා

 

One comment on “ජරාවලක සිට 2.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )