ජරාවලක සිට.



වර්තමානයේ දේශපාලනයට එක් වන්නේ සල්ලි කාරයන්ය. මේ සල්ලි කාරයන්ට මුදල් ලැබුනේ කෙසේද ? යන්න ප්‍රශ්නයක් වන්නේ නැත. එක් එක් ප්‍රදේශවලට ආවේනික උපක්‍රම මගින් බිහිවෙන කළු සල්ලි කාරයෝ දේශපාලනයේ මහ පුටුවලට තල්ලු වී යන්නේ තම කළු සල්ලි නිර්ලෝභීව මැතිවරණ ව්‍යාපාරයට විසිකිරීමෙනි. මෙසේ සල්ලි විසිකල හැකි පුද්ගලයින්ට හැර වෙනත් පුද්ගලයින්ට ප්‍රධාන දේශපාලන දහරා දෙකින් එකකටවත්  සමීප නොවිය හැක.

 

අප සෑම මැතිවරණයේදීම ඡන්දය භාවිතා කරන්නේ මේ දේශපාලන දහරා දෙක ඉදිරිපත් කරන පුද්ගලයින්ට විනා අපට ඕනෑ කරන අපට ප්‍රියමනාප වන අපේ සමාජය තුලින් මතුව එන උගත් , බුද්ධිමත් පුද්ගලයින්ට නොවේ.  අපේ ඡන්දය බලහත්කාරයෙන් ‍ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් ඔවුන්ගේ කැමැත්ත අනුව  නාම යෝජනා දෙන පුද්ගලයින්ට අපේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් චන්දය දීමට අපට අද සිදුවෙලා.

 

භාරත ලක්‍ෂමන් මියගිය දින හමුවු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු කඩුල්ලට කීවේ දැන් සැලකිල්ල සල්ලි විසිකරන්නට පුළුවන් අයට විතරයිනේ ! . යන්නෙන් ඔහු අදහස් කලේ සල්ලි යන්නේ බලවත් කම විය යුතුය.

 

කඩුල්ල ජීවත් වන ප්‍රදේශයේ කළු සල්ලි උපදින්නේ මැණික් ආශ්‍රිතව. නීත්‍යානුකූල මැණික් පතල්  වලට වඩා සිය ගුණයක් පවතින්නේ නීත්‍යාණුකූල නොවු මැණික් පතල්. මේ පතල් අයිතිකාරයින්  ගැන විමසුවොත් ප්‍රධාන දේශපාලන දහරාවේ මැති ඇමති නි.ඇමතිවරුන්ගේ සිට ප්‍රාදේශීය සභාවේ මංත්‍රීවරයාගේ නම දක්වා නම් කියවෙනවා. අගනුවර ආශ්‍රිතව නම් මේ නම් ඇදෙන්නේ මත්ද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්ත ව්‍යාපාරය සමග.

 

මේ ව්‍යාපාර සමග උපදින සල්ලි ආශ්‍රීතව බිහිවන්නේ උගත්යයි සම්මත ප්‍රභූ පන්තියක් නොවන බව ඉතාමත් පැහැදිලියි. සල්ලිත් සමග බලය සොයා යන මේ සමාජ ස්ථරය සල්ලි සහ බලය පාවිච්චි කරන්නේ වදුරාට දැළි පිහිය ලැබුන පරිද්දෙන් මිස කරනෑවැමියා ලග දැලි පිහිය තිබෙනා පරිද්දෙන් නොවෙයි.

 

අපේ රටට දේශපාලන ප්‍රචණ්‌ඩභාවය ඇතිවීමේ මූලික හේතුව ලැජ්ජාව සහ භය නැති අමනයන් දේශපාලනයට පිවිසීමයයි කඩුල්ලට උපකල්පනයක් තියෙනවා.   1956 දක්වා මැතිවරණ වලදීත් 1956න් පසු මැතිවරණ වලදී දේශපාලන දහරාවට ගලා ආ පන්ති දෙක එක් ඉරකින් වෙන් කරන්න පුළුවන්  . 1977 න් පසු දේශපාලනයට ගලා ආ පිරිස මේ දෙගොල්ලන්ටම වඩා වෙනස් මානසිකත්‍වයකින් යුත් පිරිසක් බව පැහැදිලි වෙන්නේ කෙරෙන කෙරුවාවෙන්. 1977 දී ගලා ආ දහරාවට දේශපාලන ප්‍රචන්ඩත්‍චය පුරුදු පුහුණු කල අතර ඉන් පසු මොළ ගෙඩි නැති සල්ලි පමනක් ඇතිව දේශපාලනයට පිවිසි   දහජරා පිරිස මේ ප්‍රචන්ඩත්‍වය මේ වන විට ඉහල දර්ශකයක් කරා රැගෙන ඇවිත් තියෙනවා.

 

අද දේශපාලනයේ බලය මාරුවෙන විට මේ කුණුගොඩවල් ටික බලය තියෙන පැත්තට පාවෙලා යනවා. පක්‍ෂ ප්‍රතිපත්ති සලකා  දේශපාලන පක්‍ෂය තෝරා ගෙන චන්දය දුන්න මනුස්සයගේ කැමැත්ත ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්‍ෂයට විකුණනවා. හරියට එජාපයට චන්දය දුන්න මනුස්සයගේ නියෝජිතයා  බලය තියෙන  ශ්‍රීලනිපයට යනවා වගේ.

 

ශක්තිමත් ආණ්ඩුවක් නොතිබුනා නම් අද සමහරු රණිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක එජාපය ආණ්ඩුවක් පිහිටුවලා. දේශහිතෛෂී දේශපාලන මහත්තුරුන්ගේ ප්‍රතිපත්තිය ඔන්න ඔහොමයි. ප්‍රතිපත්තියක් සංයමයක් නැති මේ මිනිස්සු බල්ලෝ මරා හරි සල්ලි හොයාගෙන ගන්නා බලය තහවුරු කරගන්න නොකරන දෙයකුත් කරන්න බැරි දෙයකුත් නැහැ.

 

 

 

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )