විපාක අනාගතයටයි.


මධ්‍යම කදුකරයේ බස්නාහිර  බෑවුමේ ජීවත් වන කඩුල්ලට හැන්දෑකාලයේ ගිගුරුම් සහිත වැසි ලැබේ. සියළු විද්‍යුත් උපකරණ  විසංදි කිරීමට කඩුල්ලී තබා ඇති ආරක්‍ෂක නියෝග නිසා  කම්පියුටරය  ලග රැදෙන නිදහස් කාලය කප්පාදුවට පත්වේ.

 

වසා තැබු දිනපොත දින ගණනාවකට පසුව දිග හැරෙන්නේ මේ හේතුවෙනි.

 

කඩුල්ලට  පලාත් පාලන මැතිවරණ දා  භාරත ලක්‍ෂමන්  මහතා  – දුමින්ද සිල්වා ගැටුම ගැන නිවුස් කියවමින් සිටින දේශපාලනයේ ජරා ස්වරූපය තවත් තහවුරු වේ. භාරත ලක්‍ෂමන්  මහතා  මත්ද්‍රව්‍ය විරෝධියෙකුව තම ජීවිතය අත්හල අතර දුමින්ද සිල්වා මත්ද්‍රව්‍ය ආරක්‍ෂකයෙකු ලෙස තම ජීවිතය පිළිබද අත්දැකීම් ලබන්නට තවමත් ජීවත්වේ. දේශපාලකයෝ දේශපාලනය මුවා කර ගෙන රටට කරණ නස්පැත්තිය හා විනාශය ගැන  කඩුල්ලට විශාල කම්පාවක්  ඇතිවේ. ප්‍රභාකරන් හැසුරුන  ස්වරූපය වෙනස් වුනත්   දෙශපාලන මහත්තුරු ත් හැසිරෙන්නේ   ප්‍රභාකරන් මෙන් රටත් තරුණ පරපුරත්  විනාශ  කර බඩ තර කරගන්න යයි  කල්පනාවක් ඇතිවේ.

 

සමාජයේ එක් කොටසක් විනාශ කරමින් ලැබුවාවු  යස ඉසුර කොයිතරම් ප්‍රභූත්වයකින් ආරක්‍ෂා කරගත්තත් ස්වභාව ධර්මය විසින් සැණකින් විනාශ කර දමන්නේද ? යන්න  අකටයුතු කම් වල යෙදෙමින්  බඩ වඩා ගන්නා දේශපාළුන් ඇතුළු සියළු ප්‍රභූවරුන් යලිත් සිතිය යුතුවේ.

 

පසුගිය දින කිහිපය  අධ්‍යාපන මහ ගෙදරවු ඉසුරුපායට යාමට යෝගයක් ඇතිව තිබු බව කඩුල්ල සටහන් කරන ලදී. මේ යන එන අතරවාරයේ අඛන්ඩ උපවාසයක යෙදී සිටින වැඩබලන විදුහල්පතිවරු පිරිසක් කඩුල්ලගේ ඇහැ ගැටිණි. අධ්‍යාපනයේ වැඩබලන පිරිස් බොහොමයකි. වැඩ කරන පිරිස් නම් නැත්තටම නැතැයි කඩුල්ලගේ පූර්ව නිගමණයකි.

 

මේ වැඩබලන පිරිස් නිර්මාණය කර ඇත්තේද දේශපාලනය සහ ඉහලම අධ්‍යාපන බලධාරීන් විසිනි.විදුහල්පතිවරුන් , මාණ්ඩලික අධ්‍යාපන නිළධාරින් බදවා ගැණිමට විභාග පවත්වා සම්මුඛ පරීක්‍ෂණ කැදවා නිසි අධ්‍යාපන සුදුසුකම් ඇති පිරිස් මේ තනතුරු සදහා බදවා ගන්න ක්‍රමවේදයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතත්  නිසි කලට ක්‍රියාත්මක නොවේ. වසරකට විශ්‍රාම ගොන්නට එක්වන නිලධාරීන් විදුහල්පතිවරුන් ගණනය කර ඒ වෙනුවට නවකයෝ  බදවා නොගන්නා දේශපාලනය  කල් අරිමින් සිටී.

 

පද්ධතිය පවත්වා ගෙන යාමට වැඩ බලන විදුහල්පතිවරුන් , මාණ්ඩලික අධ්‍යාපන නිළධාරින් පත්කෙරේ. මේ වැඩ බැලීම අවුරුද්දකින් දෙකකින් අවසන් නොවේ . සමහරු අවුරුදු හත අට වැඩ බලයි. මෙසේ වැඩ බලමින් කිසිදු ප්‍රතිලාභයක් නොලැබ විශ්‍රාමද  යයි. රාජ්‍ය සේවා කොමිසම චක්‍ර ලේඛ ආදිය පෙන්වා අවුරුදු ගණන් බර ඇද්ද විදුහල්පතිවරු මාණ්ඩලික නිළධාරී වැනි තනතුරු දැරු අයගේ බෙල්ල මුලින්ම කපා දමයි.

 

අතෘප්තිමත් පිරිසක් සේවයේ යොදා ගැණිමෙන් නිසි පලදායීතාවයක් අධ්‍යාපනයටද නොලැබේ. අවසානයේදී මේ ප්‍රතිපල අපේ දූ දරුවන් අතට පත්වේ. ඔවුන් පාසලෙන් හිස් අතින්ම අනාගතයට එක්වේ.

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )