නොවැදගත් දින දෙකක්.


දින පොතේ අද  සටහන් දිග හැරෙන්නේ වැදගත් නොවන සිද්ධියක් සටහන් කිරීමෙන්.

පලාත් පාලන මැතිවරණ හමාර වුනේ එකම දේශපාලන පක්‍ෂයක දෙපාර්ශවයක් ගහ මරා ගැණිමෙන්. වෙනත් වචන වලින් නම් මේ ගැටුම එකම ගව ගාලක ගොන්නු රැලක් ඇන මරා ගැණිමක් කියලයි සටහන් කරන්න වෙන්නේ.

මේ සටහන ලියවෙන මේ වන විට ශ්‍රීලනිපයේ ප්‍රධාන පෙලේ ක්‍රියාධරයෙකුවු භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර වෙඩි වැදී මියගිහින්. එජාපයෙන් රජයට එක්වු මෙවර ශ්‍රීලනිපයෙන් පාර්ලිමේන්තුවට ආ දුමින්ද සිල්වා බරපතල තුවාල ලැබ තාමත් රෝහලේ..මේ දෙදෙනා දෙපිලකට වී මරාගන.

අද මෙවැනි සිද්ධීන් පිලිබදව සමාජය කම්පා වෙන්නේ නැහැ. කම්පා වෙන්න තරම් පුද්ගලයින්ගේ වැදගත් කමක් සමාජයට කාන්දු වෙලා නැහැ. දුප්පතුන්ගෙන් අරන් දුප්පතුන් රවටන සමාජ ප්‍රධාණින් වෙන අය කවදා හෝ දුප්පතුන්ට ණය ගෙවන්න වෙනවා. ඒ මේ ආත්මයේදී නොවුන හොත් ඊලග ආත්මයේදී වෙන්න පුළුවන්. ගමන කෙටි වෙන්නේ ඒ කාලය කෙටි කරන්න කියලා සටහනට තිත තියනවා.

පලාත් පාලන චන්දයේදී එක්සත් ජාතික පක්‍ෂය කොළඹ නගර සභාව රැකගෙන. හම්බන්තොට දී පරාජය වෙලා. රනිල් වික්‍රමසිංහ මහත්තයාව  තවත් කාලයක් පක්‍ෂ නායකයා වශයෙන් එල්ලී සිටීමට කතිකාවතක් උරුම කර දීලා තියෙනවා. කතා කර කර ඉමු. තවලම තව කොයි කාලයක් මෙහෙම ඇදෙයිද කියලා රණිල් මත්තයාට වත් හිතා ගන්න බැරිවෙයි.

නව නගරාධිපතිවරයා ලෙස එජාපයේ මුසම්මිල් උන්නැහේ  සමග නගර සභාව රූකඩයක්ව පැවතෙමින් තිබියදී නාගරික සංවර්ධණ අධිකාරිය අනාගතයේදී කොළඹ ගොඩ නගාවී. කොහොමත් නගර සභාව සහ නගරාධිපතිවරු කොළඹට කල දෙයක් පහුගිය කාලේ පෙනුනේ නෑ. ආසන සංඛ්‍යාව සමග ගණනය කලත් පාලක පක්‍ෂයට ආසන 22 යි විපක්‍ෂයට 26 යි.කොළඹින් පිටත ආණ්ඩු පක්‍ෂය බලවත් බවයි පේන්නේ. ඒකට හේතු නම් ගල් පැලෙන තර්ක විතර්ක මැදින් අපේ අයියලා චැනල් අවුල් කරමින් දෙසා බාන්න දැන්ම ඉදන් පටන් අරන්.

විකාර කරන දවස් වල ලි‍යවෙන්නේ විකාර කතා.  විකාර කතා  වලින්  ඉවත්වෙලා යහපත් දෙයක්  හෙට  ලියන්න හිතා ගෙන දින පොත වහලා දැම්මා.

One comment on “නොවැදගත් දින දෙකක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )