දකුනේ බාලිකාවක අලකලංවියක්


 

කඩුල්ලට අධ්‍යාපන කාර්යාල පිලිබදව ඇත්තේ පුදුමාකාර අප්‍රසන්නතාවයකි.

 

පසුගිය දශක තුනක් තුන හමාරක කාලයේ විවිධ ආයාතන හා සම්බන්‍ධකම් පවත්වන කඩුල්ල අනෙක් ආයාතන හා සමාන කරන විට අධ්‍යාපන කාර්යාලවල සේවය කරන කළමණාකාර සහකාරවරුන්ගේ සිට සහකාර ,නියෝජ්‍ය, කොට්ඨාශ, කලාප පලාත් ආදී වශයෙන් සහ තවත් විවිධ නම් වලින් හදුන්වන අධ්‍යක්‍ෂවරුන් රොත්ත බුරුත්තක් හා විවිධ අවස්ථා වල ගනුදෙණු කරන්නට ලැබුනේ පූරුවේ කල පවකට බව සිතන්නෙකි.

 

කඩුල්ල ගුරුවරයෙකු හෝ අධ්‍යාපනඥයෙකු නොවේ.

 

කඩුල්ලගේ වෘත්තීය ක්‍ෂෙත්‍රය සමාජ සම්බන්‍ධතා නොතිබුනහොත් වියකී යන වෘත්තියකි. ඒ නිසාම සියළුම සමාජ තරාතිරමේ පුද්ගලයින් අගය කිරීමටත් ඔවුන්ගේ වටිනා කම්  කඩුල්ල ගේ වෘත්තීය අවශ්‍යතා උදෙසා  අත්‍යාවශ්‍යම  බැවින්  වෘත්තියෙන්ම සමාජයට ගරු කටයුතු ලෙස පිදීමට  පුරුදු පුහුණුකර තිබනේනේ පොත පතින් ලද අධ්‍යාපනයකින් නොවේ.

කඩුල්ලගේ පියා විසින් පුරුදු කර දියට අත හරින ලද කඩුල්ල දියේ නොගිලී සිටින්නට දරන උත්සහායේදී පීනන්නට පුරුදු වුවෙකුසේ සමාජය හදුනා ගනිමින් සමාජයේ ජීවිතය ගැට ගහන්න උගත්තෙකි.මේ නිසාමදෝ විවිධ තලයේ පුද්ගල ආයාතන හදුනා ගන්නට හැකිවු කඩුල්ලට  අධ්‍යාපන වෘත්තිකයෙකු බිරිද කොට ගත් බැවින් ඇගේ වෘත්තීය ඔනෑ එපා කම් විසදා ගැණිමට අධ්‍යාපන කාර්යාල වලටද  ඔළුව දමන්න  කුටුම්භ ජීවිතය ඇරඹී දා සිට ඕනැ කමක් ඇතිවී තිබිණි.

 

පසු ගිය සතියේ බදාදා සිට අධ්‍යාපන කාර්යාල තුල එහාට මෙහාට සංචාරය කිරීමේ යෝගයක්  කඩුල්ල ට උදාවිය. මේ සංවාරයේදී දුටු දකුනේ බාලිකා විද්‍යාලයක අල කලංචියක් පිලිබදව සටහන් කරන්න අද දිනපොතේ සටහන වෙන්නේය.

 

දකුනේ එක් බාලිකා විද්‍යාලයක විදුහල්පති වරියක් ඇගේ “ මාස්ටර් ඩ්‍රිග්‍රිය” ලබා ගැණිම සදහා අධ්‍යයන නිවාඩු ලබා ගන්නීය. ඈ වැඩ බාරදුන් නියෝජ්‍ය විදුහල්පතිනියද සේවයෙන් ඉවත්වන බැවින් පාර්ලිමේන්තු  මංත්‍රීවරයෙකුගේ මැදිහත් වීමෙන් ඉසුරුපාය විසින් විදුහල්පතිනියක පත් කරනු ලබයි. අධ්‍යයන නිවාඩු අවසන්වීමෙන් පසු පලමු විදුහල්පතිනිය පාසලට පැමිනේ. එවිට දැනට සේවය කරන විදුහල්පතිනිය විසින්  ඈ හට වැඩ බාරදීම ප්‍රතික්‍ෂෙපවේ. කළමණාකරන අයිතිය පිලිබදව ගැටුමක් නිර්මාණය වේ.

 

මේ වන විට විදුහල්පතිනිය පෙර සූදානමකින් පාසල් සංවර්ධණ සමිති,ආදී ශිෂ්‍ය සංගමය, ප්‍රතිසංවිධාණය කර ගණිමින් තමන් ගුරු කොට ගත් දෙමව්පිය සංවිධාණ ශක්තිමත් කර ගන සිටී.මෙම  සංවිධාණ තම ශක්තිය බවට පත්ව  නීත්‍යාණුකුලව තනතුරට හිමි කම් කියන කළමණාකරනය පලවා හරින්නට දැඩි අරගලයක් ඇරඹී මාවතේ උද්ඝොෂණ . උපවාස   , ඉසුරුපායේ දෙපාර්ශවයටම එරෙහිව ලියා ගන්නා පෙත්සම් නිර්මාණය වේ.

 

පාසල තුල ගුරු කාර්මණ්ඩලය තුන් පාර්ශවයක් බවට නිතැතින්ම පත්වේ.හිටපු සහ සිටිනවිදුහල්පතිනියන්ට පක්‍ෂ ගුරු කණ්ඩායමකි. තවත් මධ්‍යස්ථත් නැති හැම පැත්තෙන්ම විවේචනවන හැම පැත්තම විවේචනය කරන මොනවටත් නැති පතෝල මෙන් ගුණ දෙන කණ්ඩායමකි. පාසල තුල බිහිවී ඇති අරාජික බව නිසා සිසු දරුවන්ගේ අධ්‍යාපනය මන්දගාමී බවට පත්වන බව මේ හැම පාර්ශවයක්ම තේරුම් නොගත් බවකි. දෙමව්පියෝ ද ගුරුවරුද මේ හැම පාර්ශවයකට පත්ව තම පාර්ශවය රැක ගැණිමට එහේ මෙහේ දුවමින් සීඨී.

 

පරිපාලන සීමා ගනන් නොගෙන පත්වීම් කල අධ්‍යාපන බලධාරීන් ගැටුමක් නිර්මාණය කර  තම පඩිපතට අමතරව ගමන් වියදම් යැපීම් දිමනා එකතු කරගනිමින් විමර්ශණ පවත්වමින් කාලය නාස්ති කරති. විභාග ඉලක්ක කර ගත් දරුවෝ ටියුෂන් පංති සරණ යමින් සීටි.

 

 

One comment on “දකුනේ බාලිකාවක අලකලංවියක්

  1. හැම දෙයක්ම අවුල් කරන්නෙ දේශ පාලක තුමන්ලා. අධ්‍යාපනය සහමුලින්ම විනාශකළා ගොඩ ගන්න බැරි තරමටම පාසල් පද්දතිය කඩා වැටිලා. අධ්‍යාපන කාර්යාල ගැන කතා කරන්නට නොව මතක් වන විටත් ඇ‍ඟේ මාළු නටන තත්වයට පත්ව ඇත. පාසල් පද්දතිය ගුණාත්මකව ඉහළ මට්ටමකට ගන්නට තබා පාසලේ දහඩිය හෙලන ගුරුවරයාට පඩිය ගෙවා ගන්න තරමටවත් හැකියාවක් කාර්යාල බලධාරීන්ට නැත. එක් එක් දේශපාලකයන්ට නොවඳිනා වැඳුම් වැඳ ලබාගත් අධ්‍යක්ෂ පට්ටම් වලින් ගුරුවරුන්ට හෝ දරුවන්ට නම් වැඩක් ඇත්තේම නැත. ඔවුන් සිදු කරන එකම සේවාවක් ඇත. එය නම් හිටි හැටියේ පාසල් වලට පැමිණ වසර ගණනක් තිස්සේ ලැබිය යුතු වැටුපද නොලබා දරුවන්ට හැබෑවටම යමක් කරන්නට උත්සාහ දරන ගුරුවරයෙකුගෙ හිත රිදවීම පමණකි. ඒත් ඒ ගුරු දෙවිවරු නිසා තවමත් මේ අධ්‍යාපන බලධාරීහු යහතින් තමන්ගේ අමන කම් ප්‍රදර්ශනය කරමින් සිටිති. ඔබට හැකිනම් වෙනම ලිපියක් වෙන් කරන්න අධ්‍යාපන කාර්යාල වෙනුවෙන්. එක් අධ්‍යක්ෂ වරයෙක් අප්‍රසිද්ධියේ කළ කතාවක් කියා නවතින්නම් “ඇත්තටම අපි කරන දෙයක් නෑ. තාමත් පව් පින් සලකල තමන්ගෙ සේවය කරන ගුරුවරු ටිකක් නිසා අධ්‍යාපනය රැකිල තියෙනව. උන් නැත්න්ම් ඒකත් ඉවරයි.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )