වේල් පිරිත්.


කඩුල්ල පසුගිය දින තුනේ ආගමික වැඩසටහනක.

බෞද්ධ ගර්භණී මවුවරුන් දරුවා ලැබෙන්නට පෙර මාස හතෙන් හෝ නවයෙන් වේල් පිරිතක් කියවා ගෙන සෙත් පතා ගන්නා සිරිතක් තියෙනවා. මේ සිරිත ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්න පුළුවන්. සුපර් මාකට් එකට ගොස් හැම දේම පැකට් කර මිලදී ගන්නා සංස්කෘතිය තුල වේල් පිරිතත් සීඩීයකින්  ශ්‍රවනය කරන්න අපේ අනාගත අම්මලා හිත හදා ගනීවී.

 සමහර ප්‍රදේශවල නිවසට මහා සංඝරත්නය වැඩමවා දින තුනක් පැය පැය පිරිත් කියවා ගැණිම කරනවා. තවත් සමහර ප්‍රදේශවල පන්සලට ගොස් මහා සංඝරත්නයට අත දික්කර පිරිත් නූලක් බැද ගෙන සිත් සවිමත් කර ගන්න ආශිර්වාද ලබනවා.මේ පිරිත් දේශනාවට අපි නිතර ශ්‍රවණය කරන පිරිත් දේශණාවට අමතරව විශේෂ පිරිතක් අපට ශ්‍රවණය කරන්න පුළුවන් .

ඒ තමයි අංගුලිමාල පිරිත.

පිරිතට වැඩපු අපේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ අංගුලිමාල පිරිත ඇතිවීම ගැන කරපු නිදාන කතාව මෙහෙමයි.

අහිංසක අංගුලිමාල උන හැටිත් අංගුලිමාල රහතුන් වහන්සේ නමක්ව පිරිණිවන් පාන තෙක් ශාසනයට කල සේවාවත්  අපි ඔක්කොම දන්නා කතාවක්.

දවසක බුදුහාමුදුරුවන් ලගට ගිය අංගුලිමාල රහතුන් වහන්සේ ගර්භණී මවුවරුන් දරු ප්‍රසූතියෙදී විදින වේදනාව සමනය කිරීමට යම් ක්‍රමවේදයක් යොජනා කරන්න යයි ආරාධණා ක‍ල විට බුදුහාමුදුරුවන් අංගුලිමාල රහතුන් වහන්සේට  දේශණා  කරන ලද සුත්‍රය  අංගුලිමාල රහතුන් වහන්සේ  ගර්භණී මවුවරුන් වෙත සජ්ජායනා කිරීමෙන් ප්‍රසව වේදනා සමනය වු බව පවසනවා.

අද මෙම සුත්‍ර කොටස අංගුලිමාල පිරිත ලෙස ප්‍රචලිතව සෙත් පිරිත් සමග ගර්භණී මවුවරුන්හට අසන්න සජ්ජායනා කරනවා.

මේ සුත්‍රය සංජයාණාවීමේදී ඇසෙන රිද්මයත් අරුතත් සිත සමනය වී වේදනාව අමතක වන ස්වරූපයක් ඇති බව කඩුල්ල පිරිත් ශ්‍රවනය කරන ගමන් හිතුවා.  අංගුලිමාල පිරිත  කියවන්න පලකරන්නම්. රිද්මය හදුරාගෙන සජ්ජායනා කරන්න උත්සහා ගන්න .

පරිත්තං යං හණන්තස්ස – නිසින්නට්ඨානධෝවනං

උදකම්පි විනාසේති – සබ්බමේව පරිස්සයං

සොත්ථිනා  ගබ්භවුට්ඨානං – යං ච සාධෙති තං ඛණේ

ථෙරස්සඩෟගුලිමාස්ස – ලෝකනාතෙන භාසිතං

කප්පට්ඨායිමහාතේජං – පරිත්තං තං භණාමහේ.

යතේ’හං භගිනි අරියාය ජාතියා ජාතෝ නාභිජානාමි සඤ්විච්ච පාණං ජීවිතා වෝරෝපේතා, තේන සච්චේන සොත්ථි තේ හෝතු සොත්ථි ගබ්භස්ස’ ති.

අද කාලේ විශේෂඥ වෛද්‍යවරයාට ඕන දවසේ සීසර් කර දරුවන් උපද්දන අම්මලාට මේ පිරිත වැදගත් වෙන්නේ නැතිව ඇති. ඒත් අපේ කාලේ ගෙදර කාමරයක ගමේ වැඩිහිටි අම්ම කෙනෙක්ගේ උදව් උපකාර ඇතිව  අපිට ජීවිතය ලබා දුන් අපේ අම්මලා ගේ ප්‍රසව වේදාව සමනය කරන්න මේ වගේ මනෝ ප්‍රතිකාර කොයි තරම් සවියක් වෙන්න ඇද්ද කියලා කඩුල්ල අම්මට උපහාර කරන ගමන්ම දින පොතේ සටහන් කලා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )