බැරිවුනාට මොනවා කරන්නද ?.


 

 

කඩුල්ල ජනවාරියේ දිනපොතක්  ලියන්න පටන් ගත්තේය.  ටික දිනකින් ලියා ගන්න විවේකය ඇහිරී දින පොත නතරවිය. එදා  නැතිවී ගිය විවේකය යම් තරමකින් වෙහෙසට පත් කල ශාරීරික අපහසුතාවයන්ද උරුමකර දෙමින්   මේ  වන විට යලිත්  උදාවන ලකුනු පහල වී ඇත .

යලිත් පරණ දින‍පොතේ සටහන් ලිවිය හැකි වේ යයි   සිතා ගෙන අද පටන් ගන්නා මේ සටහන්  පෙල කොයි මොහොතක අඩාල වේ දැයි සිතා ගත නොහැක.

ජීවිතය ගලා ගෙන යන   ස්වභාවය උපේක්‍ෂා වෙන් විද දරා ගන්නා තරමට ජීවිතය සැහැල්ලු වන බව කඩුල්ල ඉගන ගත්තේ මීට දශක හතරකට පමන පෙර අතීතයේදී යෞවනයේ උඩු ගම්බලා ගිය ක්‍රියාකාරකම් ඇසුරු කරගෙනය. සමහරක් යෞවනයේ ජීවිත සෞන්දර්යන් පාලනයකින් තොරව ගලා ගෙන ගොස් අගාධයන් තුල කඩා හැලෙන විට  ඔහේ බලා ගෙන සිටියා නම් මැවෙන සෞන්දර්ය උඩු ගම් යමින් කඩා නොහැලෙන්න දරනා වෑයමට වඩා සුවබර බව සිතන්නට අද වන විට කඩුල්ල පන්නරය ලබා ඇත.

පසු බිම් කතා සමග යලිත් දරනා මේ උත්සහායට විරාමය ලැබෙන තෙක් යලිත්  ලියන දිනපොතේ සටහනට මේ සටහන පලමු  සටහන බවට පත් කරමි.

අළුතින් ලංගමයට එක්වු ලේලන්ඩ් වර්ගයේ දොර දෙකේ බස් රථයක රියදුරු අසුනට වම් පසින් වු ඉදිරි දොර ලග මේ කතා පුවතට දර්ශණ තලය විය. උදෑසන කාර්යාල  ගමන් යෙදෙන පැයේ තදබදයත් සමග බස්රිය මගීන්ගෙන් පිරී ඇත. ඉදිරි දොර ලග අසුනේ කවුළුව ඇති කෙලෙවර කාන්තා රත්නයකි. අනෙක් අසුනේ මහත්මයෙකි. ඔහු හංවැල්ල නැවතුමේ බැස ගිය පසු එතන අසුන් ගත්තේ කඩවසම් හතර රියන් මහත්මයෙකි.

බස්රිය බදුල්ලේ සිට කොළඹට දුරගමනක යෙදෙන බැවින් ගමනාන්තය සොයා වේගයෙන් යයි. අසුන් ගතව සිටින්නෝ දවසේ වැඩ රාජකාරී ඉටු කර ගෙන ආපසු කොළඹින් හවස් වන විට නික්මෙන අන්දම සැලසුම් කරමින් බසයේ වේගයට අසුනේ සිට එහාට මෙහාට ඇඹරෙමින් සිටී.

දර්ශණතලයේ අසුන් ගත් මහතාටද මේ කටයුත්තට අනුගතව වේගය හා අසුනේ ඇතිවන සටනට යෙදී සිටීමට සිදුවු බවකි. ඔහුට අල්ලා ගන්න ඉදිරි අසුන නොමැති නිසා ආධාරකය ලෙස අල්ලා ගැණිමට සිදුව ඇත්තේ වීදුරු කවුළුවේ හරහට යොදා තිබු ඇල්මේනියම් බට දෙකයි.

ඒ ඇල්මේණියම් බට දෙකට අත යවන්න සිදුවන්නේ කවුළුව අයිනේ වාඩීව සිටි කාන්තාරත්නයේ ලැම හරහා වීම මේ සටහනට උපතවිනි.

කාන්තාවට මේ අතවරය ඉවසිය නොහැකි වුවත් මහත්මයාට අසුනේ එහාට මෙහාට විසි නොවී සිටීමට ආධාරකය ලෙස එසේ අල්ලා ගෙන සිටිය යුතුම තත්වයක් බස් රියේ වේගය විසින් සපයා තිබිණි..

ටික වෙලාවකින් මගී අවධාණය ලබා ගනිමින් කාන්තාව බැන අඩගසමින් දෝෂාභියෝගයක් ඉදිරිපත් කරයි. මහත්මයා ඉතාමත් සංවරව ඇතිව ඇති තත්වය පැහැදිලි කරයි. මගීන්ගේ අවධාණය මහත්මයාගේ නිදොස් බව පිලිගත් සෙයකි.

කාන්තාව තව තවත් කරුණු ඉදිරිපත් කරයි. “ හංවැල්ලෙන් බැස්ස මහත්තයා මෙහෙම කලේ නෑ .අමාරුවෙන් හරි සීට් එකේ හිටියානේ. කටකැඩුන තවත් මහත්තෙක් පිළිතුරු බදී “ ඒ මහත්තයා ට බැරිවුනාට මේ මහත්තයා මොනවා කරන්නද?.ඔන්න ඔහේ කට වහගෙන ඉතිරි ටිකත් යන්”.

මේ කිසිවක් නොහිතන බසය කතා බහ මැද සුපුරුද වේගයෙන් නුගේගොඩට විත් ගුවන් පාලමට පෙර නැවතුමේ කාන්තාරත්නය බස්සවා යලිත් පාලම උඩින් සුපුරුදු වේගය ගනී.

බස් රියතුල යලිත් සිද්ධිය පිළිබද පුංචි සාමාලෝචනයක් ඇතිවී වෙනත් කතාබහටත් බස්රියෙන් බහින්නට නැවතුම් පොලවල් සොයන්නටත් අවධාණය යොමුවේ.

 

Advertisements

One comment on “බැරිවුනාට මොනවා කරන්නද ?.

  1. කියවන්න ආස හිතෙන දේවල් තියේවි කියල හිතෙනව. ලියන්න. අපි කියවනව. මමත් මගේ දිනපොත ලියන්න පටන් ගත්ත ඒත් ඒකත් නැවතුනා. මේක කියෙව්වම මට ආයෙත් ලියන්න හිතුන.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )