ලෙඩ කතා


වෛද්‍යවරුන් නීතිඥයන් වැනි පිරිස් කරනු ලබන්නේ ඒ ඒ අංශවලින් පීඩනයට පත් වන කොටසගේ අසරනභාවය භිතියට පත් කොට එමගින් සූරා ගෙන කෑම ලෙස කඩුල්ලට සිතිනි.
මට පෙරදිනක හමුවු මිත්‍රයෙකු ඔහුට වැළදුන හෘදයාබාධයක් සදහා ශල්‍ය කර්මයක් කර ගත් අන්දමත් ඒ සදහා ලක්ෂ එකොළහක් පමණ වැයවු බවත් පැවසීය. ඔහුගේ කතා යථාර්තයක් බවට පත්කරගැණිමට බෙදීම සහ අඩුකිරීම යොදා ගත යුතුය. එබැවින් මේ වැය මුදල ගැන එකගතාවයක් නැත.
ඔහු පසුගිය කාලවකවානුවේ බරපතල ලෙස ආර්ථික අපහසුතාවයට පත්ව පදිංචි නිවස පවා උගසට තබා තිබු බව මට මතක් විය. පසු ගිය අවුරුදු දෙක තුන ඔහුගේ දරුවන් මේවා නිරවුල් කර ගත් බව දිනක පවසා තිබිනි. දියණියක සහ පුතනුවක උසස් අධ්‍යාපනය ලබා විදේශිය රටවල සේවය කරන බැවින් මේ හාස්කම් කර ගත හැකිවුවා යයි කතා බහ අතර මම සිතුවේය. ආර්ථික අපහසුකම් හැර අනෙක් සියළු තොරතුරු බොහෝ දෙනා සමග කීමෙන් මගේ මිත්‍රයා තම සිත සතුටු කර ගත්තේය.සමාජයේ ඉඩක් හදා ගන්න උත්සහා කලේය.
 
හෘදයාබාධයත් ශල්‍යකර්මයත් සහ වෛද්‍යවරුනුත් බැහැරව කතාව වෙනත් දිසාවකට ඇදී ගියා නේද ? යයි විමසන්නට ඔබ පෙලඹුනත් ඔහු වෛද්‍ය ගැටයක හිරවීමට ඔහුගේ මෙම කතාව හේතුවු බව නම් මගේ නිරීක්‍ෂණය විය.
 
පසුගියදාක අගනුවර ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකදී විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරයෙකුට යොමුවු මිත්‍රයාගේ ‍රෝගයට අමතරව ඔහුගේ පසුබිම් කතාවෙන් අහුලා ගත් වටා පිටාව හෙටම මෙම ශල්‍යකර්මය නොකලහාත් සතියක් දෙකකට වඩා ජීවිතය පවත්වා ගෙන යාමට නොහැකි බවට නීරීක්ෂිත උපදේශයකට ඔහු යටත් කරනු ලැබීය. ඒ නිර්දේශය පසු දිනම ඔහු ශෛල්‍ය කර්මයට යොමු කිරීමට සමත් විය.
 
අධික රෝහල් බිල මට නම් හෘදයාබාදයක් වැළදිමට හේතුවක් බව සටහන් කල යුතුමය.
 
කඩුල්ලට නිතර හමුවන සහකාර වෛද්‍ය මිතුරෙක් සිටින අතර ඔහු පවත්වාගෙන ය පෞද්ගලික ප්‍රතිකාර සේවයට ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ වෛද්‍යවරුනට වඩා රෝගීන් ප්‍රමානයක් යොමු වන්නේය. මෙහි රහස ඔහුගේම වචන වලින් නම් “මේක කලාවක් “ යන්නය. වෛද්‍යවරුන් අනුගමනය කරන මේ කලාව විසින් වර්තමානය වන විට රජයේ රෝහල්වලින්  බැහරව පෞද්ගලික රෝහල් වලට රෝගීන් යොමු කරවාගන්නට සමත්ව ඇත. එමගින් වෛද්‍ය මුදලාලිලා පැලන්තියක් බිහි කර ඇත. මුදලාලිලාට ඇති එකම දේ විසින් වෛද්‍යවරුන්ට තිබිය යුතු එකමදේ විනාශ කර ඇත.
 
කඩුල්ල සති කිහිපයකට පෙර තවත් අත්දෑකීමක් ලැබීය. ශෛල්‍ය වෛද්‍යවරයෙකු මුණ ගැසීමේ අදහසින් චැනල් සෙන්ටර් එකක අංක 61 අතේ තබා ගෙන කඩුල්ල පේලියට වාඩි ගෙන සිටියේය. අතර මගදී මධ්‍යස්ථානයේ විදුලිය ඇණහිට ප්‍රතිකාර කටයුතු ඇන හිටින තත්වයක් ඇතිවිය. ආපසු යන්නවේයැයි සිතිවිල්ලක් කඩුල්ලට ඇතිවූවත් එසේ සිදුවීමට වෛද්‍යවරයා ඉඩ නොතබා ඖෂධයක් ලියා දී ඊලග වාරයට රෝගියා යොමු කිරීමට සමත් විය.
 
රෝගියා ගෙවන“වැනල් පී එක ඩබල් වී වතුරේ ගිය බව” දන්නේ චැනල් මධ්‍යස්ථානය සහ වෛද්‍යවරයා පමනක්ය.
 
අද වඩාත් ප්‍රචලිත රුධිර පිඩනය, ක්ලොස්ටවරෝල් අධික බව, දියවැඩියාව වැනි රෝගයන්ය. රෝගය වැලදුන දා සිට ජීවිතකාලයම ඖෂධ ලබාගන්නා රෝගීන් මාසයකට දෙකකට වරක් වෛද්‍ය වාර්තා සමග විශේෂඥ ලේබලයක් ඇති වෛද්‍යවරයෙකු වෙත යොමු වීමේ පුරුද්දක් ඇති කර ගෙන ඇත. චැනල් පී එක ගෙවා ෆාමසියේ බෙහෙත් තුන්ඩුවට එකම වට්ටෝරුව ලියා ගන්නේ ජීවත් වීමට ගතයුතු බලපත්‍රය අළුත් කරගන්නා අන්දමටය.
 
මේ බලපත්‍රය නොමිලේ ලියා ගන්න ක්‍රමවේදයක්  රජයේ රෝහලේ තිබියදී පෙර කී කලාවට යටත්ව බෙහෙත්වලට අමතරව බලපත්‍ර ගාස්තුව ගෙවා අපේ පසුම්බිය  අපි හිස්කරගන්නේය.
Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )