සබරගමු ඇත්ත‍න්ගේ වැඩ කිඩ.


සබරගමුවේ අයවැය. ...................................“සබරගමුව පළාත් සභාව වාර්ෂික අයවැය යෝජනා සකස් කිරීමට මත්තෙන් විපක්ෂය සමඟ පුළුල් කතිකාවතකට එළඹීම 2005 වසරේ මහීපාල හේරත් පළාත් ප්‍රධාන අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක වැඩපිළිවෙළකි.මෙවර එම වැඩමුළුව සහ සුහද හමුව පැවැත්වූයේ යාපනයේ ටිල්කෝ ජැෆ්නා සිටි සම්මන්ත්‍රණ ශාලාවේය.මින් පෙර පැවැති එවැනි අයවැය යෝජනා සමාලෝචන සැසි වාරයන්ට එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරු සහභාගි වුවද විපක්ෂ නායක ඒ.ඒ.විජේතුංග මෙවර පළමු වතාවට යාපනයේ පැවැති වැඩමුළුවටත් මන්ත්‍රීවරුන්ගේ සුහද හමුවටත් එක්ව සිටීම විශේෂ සිදුවීමක් විය.මහ ඇමැති මහීපාල හේරත්ගේ උපන් දිනය පසුගිය 05 වැනිදාට යෙදී තිබිණි. උපන් දිනය පසුවී දිනක් ගෙවී තිබුණ ද අයවැය සමාලෝචන රැස්වීම ආරම්භ කිරීමට මත්තෙන් මහඇමැතිතුමා වෙනුවෙන් විශේෂ උපන් දින කේක් ගෙඩියක් ප්‍රධාන ලේකම් එච්.පී.කුලරත්න සූදානම් කර තිබුණේ මහීපාල හේරත් කිසියම් පුදුමයකට පත්කරමිනි.අපිට වැඩියෙන්ම කරදර කරන විපක්ෂයේ සිරිපාල කිරිඇල්ල මන්ත්‍රීතුමාටත් ඉෆ්ලාර් යෙහියා මන්ත්‍රීතුමාටත් මං අතින් ම කේක් කවන්න ඕන යැයි සඳහන් කළ මහ ඇමැතිවරයා එම මන්ත්‍රීවරුන්ගේ මුව තුළට ද කේක් ළං කළේය.අපි අවබෝධයෙන් කටයුතු කිරීම පිළිබඳ ජනාධිපතිතුමා ඉතා සතුටට පත්ව සිටිනවා. මං දන්නවා ඊළඟ ජනාධිපතිවරණය එනකොට විජේතුංග, සිරිපාල කිරිඇල්ල, ඉෆ්ලාර් යෙහියා විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා ජනාධිපතිතුමාගේ සහයට ඉදිරිපත් වන බව. මහ ඇමැතිවරයා එසේ සඳහන් කරත්ම විජේතුංග විපක්ෂ නායකවරයා සඳහන් කළේ ඔබතුමා හදන්නේ අපි ලොකු අමාරුවක දමන්න යැයි යනුවෙනි...................”

මේ “සිළුමිණ පොලිටිකල් දෝංකාරය ” ගිය සතියේ කරපු වැඩ ගැන ආණ්ඩුවට ගාන ලද “වෙදර් සීල්ඩ් බ්‍රිලියන්ඩ් වයිට්” වර්ණාලේපයේ කොටසක්ය.තීන්ත ගාන ගමන් තාරද ගාගෙන ඇති බව වැටහුනා නම් මේක පල කරන්නේ නැත.

අපේ ඇත්තන්ට අපුරු නිර්මානාත්මක සිතුවිලි ඇතිවේ. ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රශ්ණයක් ඇතිවූ විට එය නිවාරණය කරන්න තිම්පු ගිය කාලයක් තිබිණි. කලින් කල රට රටවල මෙවැනි සාකච්ඡා පවත්වා මෙරටේදීම අපේ කොල්ලන්ගේ හයි හත්තිය යොදවා අපේ තවත් කොළු පිරිසකගේ හයි හත්තිය නැති කර ප්‍රශ්ණය දේශීය ක්‍රම වේදයන්ගෙන් නිවාරණය කරගත්තේය.

යාපනයේ “ටිල්කෝ ජැෆ්නා සිටි සම්මන්ත්‍රණ ශාලාවේදී  පසුගියදා සබරගමුවේ ඇත්තෝ සබරගමුවේ අයවැය හදන්න වැඩ මුළුවක් තියා ගත්තේය. මේ වැඩමුළුවට   විපක්ෂ නායක ඒ.ඒ.විජේතුංග විපක්ෂයේ සිරිපාල කිරිඇල්ල මන්ත්‍රීතුමාත් ඉෆ්ලාර් යෙහියා මන්ත්‍රීතුමාත් සහභාගී වු බව වාර්තා වී ඇත.

සබරගමුවේ පලාත් සභා ගොඩනැගිලි සංකීර්ණය “අනේ අපොයි’ කියමින් මේ වින්නැහිය බලා ගෙන සිටින විට කොහොමද මංත්‍රීතුමා ට්‍රිප් එක ?. ගොඩනැගිල්ලට පිවිසෙන දොරටුවේ සිකුරිටියා මංත්‍රියෙකුට සැලියුට් කරන ගමන් විමසීය.

අම්මාගේ අප්පාගේ බූදලය නොවන රටේ සල්ලි කොහොම වියදම් කලාම මොකද ?. සමන් දෙයියන්ට නඩු කියන සබරගමුවේ ඇත්තෝ අහසට දෝත යොමු කරන හැටි කඩුල්ල දැක්කේය.

One comment on “සබරගමු ඇත්ත‍න්ගේ වැඩ කිඩ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )