Gallery

අහස බැළුදා අමාවකයි.


වික්ටර් රත්නායකයන්ගේ ගායනයක් අපි අහලා තියෙනවා. කන කැස්බෑ හිස අහස බලනවා විය සිදුරෙන් – අහස බැළු දා සද අමාවකයි කියලා. කැස්බෑවන් කලාතුරකින් වෙරලට ආවත් කැස්බැවියන් නම් බිත්තර දාන කාලයට වෙරලට එනවා.අපේ රටේ නම්  1972 වර්ෂයේ සිට  සතුන් හා ශාක ආරක්‍ෂා කිරීමේ පනතට එකතු කරන ලද සංශෝධනයකින් කැස්‌බෑවුන් සහ ඔවුන්ගේ බිත්තර ආරක්‍ෂා කර, කැස්බෑ ගහනය වැඩිකිරීමටඅවශ්‍ය වන පරිදි නීති රෙගුලාසි එක්කර තියෙනවා.

කැස්බෑවා සුවිශේෂී  කරදියේ ජීවත්වෙන සත්වයෙක්.වායුගොලයේ ඔක්සිජන් ස්වසනය කරන මොවුන් වසර දශ ලක්ෂ සියයකටත් ඈත අතීතයේ සිට වර්තමානය දක්වා  ඇති පරිණාමයවු සත්‍ව විශේෂයක් බව විද්‍යාත්මක සාධක මගින් සනාථ වෙනවා. මොවුන්ගේ ශරීර උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය අනුව වෙනස් වන බැවින් උදය කාලයේදී සාගරය මතුපිටට පැම්ණ සූර්ය කිරණ මගින් උෂ්ණත්වය වැඩි කර ගනී.මොවුන් පෙනහලු මගින් වාතය ආශ්වාස ප්‍රශ්වාස කරයි.කැස්බෑවන් රාත්‍රිය ගෙවා දමන්නේ අක්‍රියවය.සාගර පත්ලේ ඇති ගුහා හෝ පැලුම් තුළට වී නිදා ගැනීම සිදු කරයි.

කැස්‌බෑවන් විශේෂ අටකි.

  1. ඔළුගෙඩි කැස්‌බෑවා,
  2. ගල් කැස්‌බෑවා,
  3. දාර කැස්‌බෑවා,
  4. කටු කැස්‌බෑවා,
  5. පොතු කැස්‌බෑවා,
  6. පැතැලි කැස්‌බෑවා,
  7. කලු කැස්‌බෑවා,
  8. “කෙම්පි” ගේ බටු කැස්‌බෑවා

මෙම වර්ග අනුව විශාලම කැස්‌බෑවා වන්නේ දාර කැස්‌බෑවාය. දාර කැස්‌බෑවා මීටර් තුනක්‌ පමණ දිගින් වැඩෙන අතර, වැඩුනු සතකුගේ බර කිලෝ ග්‍රෑම් 600 ක්‌ පමණ වේ. දැනට හමු වී ඇති විශාලතම දාර කැස්‌බෑවාගේ බර කිලෝ ග්‍රෑම් 916 ක්‌ වේ.

කැස්‌බෑ වර්ග  බටු කැස්‌බෑවා  කුඩාම වර්ගයයි. බටු කැස්‌බෑවකුගේ බර කිලෝ ග්‍රැම් 40 ක්‌ පමණ වන අතර සෙන්ටි මීටර් 65 ක්‌ පමණ දිගින් යුක්‌තය.

කැස්‌බෑවකුගේ ආයු කාලය වසර අසුවකට වඩා වැඩියි. වයස අවුරුදු තිහේදී පමණ මොවුන් ලිංගික පරිනතිය ලබන බව  පවසනවා. කැස්‌බෑවියන් බිත්තර දැමීම සඳහා පමනක් ගොඩබිමට එනවා. පිරිමි කැස්‌බෑවන් නම් මුළු ජීවිත කාලයම ගත කරන්නේ මහ මුහුදේ.  පසුගිය වසරවල බිජුලෑ වෙරළම හෝ ඒ ආසන්නයේ ඇති ස්‌ථානයකට නැවත නැවතත් බිජුලෑම සඳහා බොහෝ විට කැස්‌බෑවියන් පැමිණෙති. ඇයගේ බිජුලන වෙරළ කරා එන ගමන් මග සොයා ගැනීම ගැන අවධානය යොමු කරන පරීක්‍ෂකයෝ පෘථිවි චුම්බක ක්‍ෂේත්‍රය ඒ සඳහා උපකාරී වන බව විශ්වාස කරති.

බිත්තර දැමීම සඳහා වැඩි වශයෙන්ම වෙරළ තීරයන් වෙත පැමිණෙන්නේ අගෝස්‌තු මාසයේ මුල සිට මාර්තු මස දක්‌වා කාලය තුළදීය. තමන් බිජුලන වෙරළ තීරය නිශ්චය කරගත් පසුව එයට ආසන්න මුහුදේ රාත්‍රිය එළඹෙන තුරු නැවතී සිට  බිත්තර දැමීම සඳහා වෙරළෙහි සුදුසු ස්‌ථානයක්‌ තෝරා  ගනී. ඉන් පසු තම සිරුර තැන්පත් කර ගැනීමට වෙරළෙහි වළක්‌ සාදා ගනී.  ඇයගේ නිපුන අපර ගාත්‍රා මගින් මල්ලක හැඩැති බිත්තර කුටිරය සකසා ගනී. සාමාන්‍යයෙන් කැස්‌බෑ බිත්තර වළක්‌ සෙන්ටමීටර් පනහක්‌ පමණ ගැඹුරු වන අතර, බිත්තර සියයක්‌ එකසිය විස්‌සක්‌ පමණ එම වළ තුළ බිජුලනු ලබයි.

බිත්තර දැමීමෙන් පසු බිත්තර වළ සමඟ කිසිදු සම්බන්ධයක්‌ නොපවත්වන ඇය නැවත  මහ මුහුද වෙතට  ගමන් කරයි.

හිරු රශ්මිය නිසා රත්වන වැලිවල උණුසුමෙන් බිත්තර රැක්‌කවෙන අතර දින හැටකට පසු බිත්තර බිදී පැටවුන් විලෝපිකයන්ට දර්ශනය නොවන  රාත්‍රි කාලයේදී වළෙන් එළියට  එනු ලබයි. ඉන් පසු වන හරිය බලන්න මේ ලංකාවේ නම් නෙමෙයි. මේ විලෝපිකයෝ තොග ගනනේ බිත්තර එකතු කර ගෙන යන හැටියට අනාගතයේදී කැස්බෑවුන් ඉතිරි වෙයිද ?.



ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )