අහන්න වැදි බණක්


“කුරුසියේ ඇණ ගැසූ ක්‍රිස්තුස් වහන්සේගේ රුව රැගත් මේ රන් ආලේපිත බෝකොළය බැංගලෝර් ගුවන් තොටුපළේ දී මිලට ගෙන ඇත්තේ දඹදිව වන්දනාවේ ගිය වැල්ලවත්තේ දීපානි කඳනාරච්චි මහත්මියයි.
සිදුහත් බෝසතුනට බුදුබව ලබාගැනීමට පිහිට වූ බෝ රුකට ගරු බුහුමන් දැක්වීම බෞද්ධයන්ගේ සිරිතය.

මෙවැනි අනුරුවකින් බුදුදහමට පමණක් නොව කිතු දහමටත් අපහාසයක් නිගරුවක් නොවන්නේද?”

මෙහෙම කියන්නේ 2011 සැප්තැම්බර් මස 4 වැනිදා සිළුමිණ. මේ පින්තූරය මුල් පිටුවේ පල කරන ගමන්.

මේ පින්තූරේ ගැන ඔබේ අදහස මොකක්ද කියලා  කඩුල්ල දන්නේ නැහැ.

ඒත් සිළුමිණ වගේ පත්තර කතා කරන්නේ ජාතික සමගිය, ආගමික සමගිය, ගැන. එක්ව ජීවත්වීමේ වැදගත් කම ගැන.

මේ අනුරුව නිර්මාණය කල ශිල්පියා හිතුවේ ආගම් දෙක අරබූදයකට පත් කරන්නද ? නැත්නම්  ආගම් දෙකම එක සමාන සේවාවක් සමාජයට ඉටු කරනවා කියන එක ප්‍රකාශයට පත් කරන්නද කියලා හිතා ගන්නත් බැහැ..

අපිට ගැටළුව වැදි බණ දේශනා කරන ජාතික පුවත්පතක් මේ අනුරුව උපුටා දක්වමින් කරන ලද විග්‍රහයට.

අපි සමගිය ගැන කතා කරන්නේ සමගිය අවුල් කරන මතිමතාන්තර වපුරමින් නම් නෙලා ගන්න වන ප්‍රතිපල මොන වගේද ?.

One comment on “අහන්න වැදි බණක්

  1. බුදු හාමුදුරුවොයි , ජේසුස් වහන්සේයි එකම යුගයක ජීවත් වුනා නම් සමගියෙන් ඉදිවී. ඒත් අනුගාමිකයන් නාම මාත්‍රිකව පමණක් ඒ ඒ ආගම් හෝ දර්ශණ පිළිපදින තාක් සමගියක් හෝ ඒ ඒ ආගම් වලින් කියවෙන උතුම් ගුණාංගයන් යථාර්තයක් බවට පත් වන්නේ නැහැ. දකින්නෙත් වැරදිමයි. ඇහෙන්නෙත් වැරදිමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )